පන්තියක සිසුන් ප්‍රමාණය 25ත් 30ත් අතරට ගෙන ඒම අරමුණක්

පන්තියක සිසුන් ප්‍රමාණය 25ත් 30ත් අතරට ගෙන ඒම අරමුණක්

පාසල් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ක් - 30ක් බවට පත්කිරීම අරමුණක් බවත්, පන්ති කාමරයක ළමුන් 50ක් 60ක් සමඟ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දකුණු පළාතේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ගාල්ල දක්ශිණපාය ශ්‍රවණාගාරයේ ජුලි 19 දින පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත් බලධාරීන් දැනුවත් කිරීමේ සිව්වන වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍යවරිය මෙසේද කීය,

මම ප්‍රථමයෙන් ස්තුතිවනිත වෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ඔබ ලබා දෙන සහයෝගයට. ඇත්ත වශයෙන්ම අපේ රජය බලයට පත්වෙන්න කලින් ඉඳන්ම සාකච්ඡා කළ, සැලසුම් කළ දෙයක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම.

රජයේ ප්‍රතිපත්ති අනුව යමින් විශේෂඥයින් සමග සාකච්ඡා කරලා, විවිධ අංශවල අදහස් ලබාගෙන මේ පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කළේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විෂය මාලාව පමණක් නෙමෙයි, ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වැඩිකරන්න, අධ්‍යාපන පරිපාලන ව්‍යුහය නව ප්‍රතිසංස්කරණයට අදාලව ප්‍රතිසංස්කරණය කරන්න, සියලු දරුවන්ට සමාන හා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරන්න කටයුතු කරනවා.

මේක අපි පෞද්ගලික අවශ්‍යතාවකට කරන දෙයක් නෙමෙයි, ⁣රටේ අවශ්‍යතාව අවබෝධකරගෙන අපි ඉටු කළයතු වගකීමක් කියන හැඟීමෙන් කරන වැඩක්.

අවංක චේතනාවෙන් මේ පිලිබඳ අවබෝධයෙන් සමාජය තුළ යම් සංවාදයක් ඇති කරන පිරිසක් වගේම හරි අවබෝධයක් නැතුව විවේචනකරන පිරිසකුත් සිටිනවා. තවත් සමහර අය දේශපාලනිකව වාසි ගන්නත් විවේචනය කරනවා. අපි දන්නවා මේ ප්‍රතිසංස්කරණය සිදු කිරීම අභියෝගයක්, පහසු නැහැ. නමුත් නොකර ඉන්නත් බැහැ. ජනතාව මේ සියල්ල නිවැරදි කරන්න තමයි අපිට මනාපය පළ කළේ.

⁣නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කළ යුතු වැඩ රාශියක් තිබෙනවා. ගුරු විද්‍යාලවල විෂය නිර්දේශ වසර 16කින් වෙනස් වෙලා නැහැ, ඒ සියල්ල වෙනස් වෙන්න ඕන. ගුරුවරුන්ට, අධ්‍යාපනඥයින්ට අඛණ්ඩ පුහුණුවක් ලබා දෙන්න ඕන. අගෝස්තු මාසේ ඉදලා පුහුණුකරුවන් පුහුණු කරමින් ගුරුපුහුණුව ලබා දෙන්න අවශ්‍ය කටයුතු සිදු කරනවා. යැයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය,

මෙහිදී අදහස් දැක් වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ ,

වෘත්තීය අධ්‍යාපන ආයතන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමග ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් තිබෙනවා. මේ තුළින් අසමත් දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙනවා වෙනුවට දක්ෂතාවය, කුසලතාවය මත පදනම්ව පාසල් අධ්‍යාපනය තුලින් ම වෘත්තීය අධ්‍යාපනයට ගෞරවයෙන් යුතුව පිවිසෙන්න අවස්ථාවක් නිර්මාණය වෙනවා යැයි පැවසීය.

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති ඇතුළු මන්ත්‍රිවරුන්,අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන්  ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ දකුණු පළාත් අධ්‍යාපන බලධාරින් මෙම අවස්ථාවට සහභාගී විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න