ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස පතා මහනුවර සිට පාගමනින් වැඩම කර ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලාට එරෙහිව ගත් උසාවි නියෝගයට ඇතුළත් කර තිබූ හිමිවරුන්ගේ නම් පසුව එම නියෝගයෙන් ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය මගින්, ආණ්ඩුව හිතාමතාම බරපතල වරදක් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
අද (23) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ, අදාළ ක්රියාදාමයට සම්බන්ධ පවා නොවූ ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ නම් ද එම උසාවි නියෝගයට ඇතුළත් කර තිබූ බවයි. මුලින් එම නම් ඇතුළත් කර පසුව ඉවත් කර ගැනීම තුළින් ම භික්ෂූන් වහන්සේලාගේ කටයුතු ආරක්ෂාවට තර්ජනයක් නොවන බව තහවුරු වන අතර, එසේම එම නම් ඉවත් කර ගැනීම උසාවිය හිතාමතාම නොමග යැවීමක් බව ද එජාපය සඳහන් කරයි.
එමෙන්ම වත්මන් මාලිමා රජයේ ප්රබලයන් එදා ජනාධිපති කාර්යාලය අභියස පැවැති ‘අරගලයට’ සම්පූර්ණ සහයෝගය දෙමින් විරෝධතාවලට එක්වූ බවත්, එදා ඊට සහය දී වර්තමානයේ ඊට සම්පූර්ණයෙන්ම ප්රතිවිරුද්ධ ක්රියාමාර්ගයක් අනුගමනය කරන්නේ කුමන හේතුවක් නිසාදැයි එජාපය ප්රශ්න කර සිටී.
මාලිමා ආණ්ඩුවට මෙරට බුද්ධාගම නැති කිරීමට දැඩි අවශ්යතාවයක් තිබෙන බව ඔප්පු වූයේ කරුණු කාරණා එකකින් දෙකකින් පමණක් නොවන බවත් රජය හැමවිටම උත්සාහ කරන්නේ බුද්ධාගමටත්, ගරුතර මහා සංඝරත්නයටත් ලැබෙන හැම අවස්ථාවෙන්ම පහර ගැසීමට බවද එම නිවේදනයේ සඳහන්.
මාලිමා රජයේ මෙම පහත් වැඩපිළිවෙල තරයේ හෙළා දකින බව ප්රකාශ කරන එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩුව අපේක්ෂා කරන ආකාරයට මෙරට බුද්ධ ශාසනයට හෝ භික්ෂූන් වහන්සේලාට හානි කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව වැඩිදුරටත් අවධාරණය කරයි.
මතු පළ වන්නේ එම සම්පූර්ණ නිවේදනයයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
