මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට අධිචෝදනා

මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට අධිචෝදනා

2014 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් මේ වන විට සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට කොළඹ මහාධිකරණය හමුවේ අද(21) අධිචෝදනා භාරදුන්නේය.

ඉන් අනතුරුව මෙම විත්තිකරුවන් තුන්දෙනා ඇප මත මුදා හැරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න  නියෝග කළේය.

කෙසේ වෙතත් මෙම නඩුවේ විත්තිකරුවන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය දැනටමත් සිර දඬුවම් නියම වී සිටින බැවින් ඔවුන්ව මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහාධිකරණ විනිසුරු නියම කරන ලදි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න