ශ්‍රී ලංකාව ආයෝජන මණ්ඩලය අහෝසි කළ යුතුයි - අමෙරිකාව කියයි

ශ්‍රී ලංකාව ආයෝජන මණ්ඩලය අහෝසි කළ යුතුයි - අමෙරිකාව කියයි

මෙරට රජය විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) අහෝසි කළ යුතු බවත්, මීට පෙර තීරණය කළ පරිදි ඒ වෙනුවට නව නියාමන ආයතන පිහිටුවිය යුතු බව අමෙරිකාව පවසයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ 2025 ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳ නවතම වාර්තාවෙන් පවසන්නේ 2024 ජූලි මාසයේදී සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනතේ සඳහන්නව නියාමන ආයතන පිහිටුවමින් එම පනත සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන පරිසරය පිළිබඳව මෙම වාර්තාවෙන් බරපතල කනස්සල්ලක් මතු කර ඇත. එහි දැක්වෙන්නේ ආයෝජන සම්බන්ධයෙන් වන වත්මන් සැකැස්ම දිගුකාලීන අවදානම් ඇති කරන බවට අනතුරු ඇඟවීමකි.

වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවට ආර්ථික පරිවර්තන පනත යටතේ වන ආයතන 05 පිහිටුවීමෙන් විදේශ ආයෝජන දේශගුණය ස්ථාවර කළ හැකියි.

ඒවා නම්,

  • ශ්‍රී ලංකා ආර්ථික කොමිසම,
  • ශ්‍රී ලංකාවේ කලාප,
  • ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ කාර්යාලය,
  • ජාතික ඵලදායිතා කොමිසම සහ
  • ජාත්‍යන්තර වෙළඳාම සඳහා වන ශ්‍රී ලංකා ආයතනය යන්නයි.

මෙම සංවිධාන මගින් ආයෝජන ක්‍රියාවලීන් විධිමත් කිරීමටත්, විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමටත්, ප්‍රතිපත්ති ස්ථායීතාව පිළිබඳ විශ්වාසය යළි තහවුරු කිරීමටත් අපේක්ෂා කෙරෙන බව අදාළ වාර්තාවේ දැක්වේ.
images
අමෙරිකා‍වේ විශ්ලේෂණයට අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පිළිබඳපවතින පැමිණිලි අතර අධික නිලධාරිවාදය, නොගැලපෙන ප්‍රතිපත්තිසහ ව්‍යාපෘති අනුමත කිරීම්වලදී ඇතිවනදිගු ප්‍රමාදයන් හේතුවෙන් මෙම ආයතනය විදේශීය ආයෝජකයින්ට ප්‍රධාන බාධකයක් බවට පත්ව ඇත.

ආර්ථික පරිවර්තන පනත සම්මත කර තිබියදීත්, ආයෝජන මණ්ඩලය ප්‍රතිසංස්කරණයකින් තොරව දිගටම ක්‍රියාත්මක වන අතර එය ශ්‍රී ලංකාවේ විශ්වසනීයත්වයට හානි කරනබව වාර්තාවේ දැක්වේ.

කෙසේ වෙතත්, 2024 අගභාගයේදී ජාතික ජන බලවේගය මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු මෙම පනත ක්‍රියාත්මක කිරීම ඇනහිට ඇති අතර, එම නිසා ආයෝජන මණ්ඩලය දිගටම ක්‍රියාත්මක වන බව වාර්තාවෙන් සිහිපත් කර ඇත.

වත්මන් රජය රට තුළට ආයෝජන පැමිණීම ප්‍රවර්ධනය කිරීමට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළද, පවතින තත්ත්වය හේතුවෙන් විදේශීය ආයෝජකයින් අතර පවතින්නේ මිශ්‍ර අදහසක් වන අතර ආයෝජනයට මැලිකමක් දක්වන බව වාර්තාවේ දැක්වේ.

කෙසේ වෙතත්, මෙම වසරේ මුල් භාගයේදී ආයෝජන සම්බන්ධයෙන් බරපතල පසුබෑමක් ද වාර්තා වූ බව එහි සඳහන් වේ.

මීට අමතරව, රජය විසින් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීමේ සැලසුම් නතර කර ඇති අතර, ඒ වෙනුවට හැරවුම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

විශේෂයෙන්ම, ලංකා විදුලිබල මණ්ඩලයවැනි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීමේ කටයුතු ඇණහිටීම නිසා, කාර්මික මෙහෙයුම් සඳහා ඉතා තීරණාත්මක වන පිරිවැය-ඵලදායී බලශක්ති සැපයුම් සංවර්ධනයට බාධා එල්ල වී ඇති බව වාර්තාව පවසයි.

කෙසේවෙතත් ඉහත කරුණු සැළකිල්ලට ගෙන මෙරටට පැමිණිය හැකි ආයෝජකයින් තවදුරටත් ආයෝජනය කිරීමට මැලි වන බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න