පාසල් සහ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන දරුවන්ගේ ඉංජිනේරුමය කුසලතා වැඩි දියුණු කරන මෝටර් රථ නිර්මාණ අභියෝගතා තරගයේ ජයග්‍රාහකයන්ට තෑගි පිරිනැමීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ, ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු එක් වේ.
පාසල් සහ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන දරුවන්ගේ ඉංජිනේරුමය සහ නවෝත්පාදන කුසලතාවයන් වැඩිදියුණු කිරීම සඳහා පැවැත්වෙන යාන්ත්‍රික මෝටර් රථ නිර්මාණ අභියෝගතා තරගයේ (Gridx STEM Motorsport Challenge 2025) ජයග්‍රාහකයන්ගේ නිර්මාණ එළිදැක්වීම කොළඹදී සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත් වූ Science, Technology, Engineering and Mathematics (STEM) කුසලතා ඉහළ නැංවීමේ වැඩසටහන යටතේ නව යාන්ත්‍රික මෝටර් රථ නිපදවූවන්ගේ නිර්මාණ එළිදැක්වීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්විණි.
මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළු මෝටර් රථ කාර්මික අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල සහ පාසල්වල දරුවන් මෙම තරගය සඳහා ඉදිරිපත්වී තිබූ අතර, ඉන් ජයගන්නා ලද පළමු, දෙවන, තෙවැනි ස්ථාන දිනූ ජයග්‍රාහකයන්ට සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදුකෙරිණි.
පාසල් අධ්‍යාපනය ලබන කුඩා දරුවාගේ පටන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවා දක්වා සෑම වයස් කාණ්ඩයකම දූ දරුවන්ගේ මෝටර් රථ මොඩල් නිර්මාණය කිරීමේ හැකියාව වර්ධනය කිරීම, CAD මෘදුකාංග භාවිත කිරීම, තාක්ෂණික පර්යේෂණ සහ ඒවා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් උදාකිරීම මෙම අභියෝගතා තරගාවලියේ අරමුණ වී තිබේ.
මෙම අභියෝගතා තරගාවලියෙන් ජයගන්නා දක්ෂ දරුවන්ගේ නව නිර්මාණ නිර්මාණවලට පමණක් සීමානොවී වාණිජ මට්ටමින් වැඩි දියුණු කළ වෙළෙඳපොළ ජයගන්නා භාණ්ඩයක් බවට පත්කර ගැනීමට අවශ්‍ය නව ආයෝජකයන් සොයා ගැනීම මෙහි ඉදිරි අරමුණ වී ඇත. එලෙස නව ආයෝජකයන් මෙරටට පැමිණ මෙම වාහන නිෂ්පාදන සිදුකිරීමට කැමත්ත දක්වන පිරිසක් බවට පත්කිරීමට පියවර ගැනීම සඳහා තමා ඇතුළු කණ්ඩායමක් ක්‍රියාකරන බව ජාත්‍යන්තර ආයෝජක උපදේශක, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
( ජේ. මුණසිංහ)