හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නිල රථ සහ සෙබළුන්ට ගමන් කිරීමට තිබූ වාහන ඉවත් කිරීමෙන් පසු හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අවශ්‍ය වෙඩි නොවදින රථ සැපයීමට ප්‍රධාන පෙලේ රටවල් තුනක් විමසීම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ තානාපති කාර්යාල තුන ඒ සම්බන්ධව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ දැනටමත් මූලික අදහස් හුවමාරුවක් කරගෙන ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.
ඉන්දියාවේ සහ ලංකාවේ රාජ්‍ය නායකයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් රැසකට කොටි සංවිධානයෙන් එල්ල වූ අතීත තර්ජන සහ සිදු කළ ඝාතන සැලකිල්ලට ගෙන මේ සම්බන්ධව රජයේ අවසරය ඇතිව ආරක්ෂක රථ සැපයිය හැකි බව අදාළ රටවල් දැනුම් දී ඇතැයි සඳහන්ය.
(විශේෂ වාර්තාකරුවකු විසිනි)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
