පුවත්

විදුලි බිල ඉහළ දැමුවා මදි : ෆිච් රේටිං කියයි !
ලංකා විදුලි බලමණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහළ දැමුවද එය ආයතනයේ පිරිවැය පියවා ගැනීමට ප්‍රමාණවත් නැති බව ජාත්‍යන්තර ‘ෆිච් රේටින්ග්ස්’ ආයතනය නිකුත්කළ වාර්තාවක් පවසයි .
විදුලි ගාස්තු වැඩි කිරීම විදුලි ජනන පිරිවැය අනුව විදුලි බල මණ්ඩලයේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නැති නමුත් එමගින් පාඩුව අවම කර ගැනීමට උපකාරී වනු ඇතැයිද ෆිච් රේටිං වාර්තාව පවසයි .
කෙසේ නමුත් විදුලි ජනන පිරිවැය පහත ගියොත් හෝ අඩු වියදම් සහිත පුනර්ජනනීය බලශක්ති වෙත හුවමාරු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නම් ඒ හරහා මණ්ඩලය බිඳ නොවැටී ආරක්ෂා වීමට උපකාරී වනු ඇතැයිද එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

සිරිසේනගෙන් අත ගැළවෙයි !
ආණ්ඩුවෙන් එලියට ඇවිත් , විපක්ෂයේ ඉන්න අනුර යාපල ,ඊයේ සජිත් එක්ක සන්ධනගත වුනා විතරයි , ඔන්න ආණ්ඩුවේ ඉන්න, ශ්‍රීලංකා මැති ඇමතිවරු සෙට් එකම, ඊයේ හවස තමන්ගේ හිටපු නායිකාව හම්බවෙන්න ගිහින්..
'අතේ' අනාගතය ගැන කතා කරන්න.
ශ්‍රී ලංකා එකේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් , රාජ්‍ය අමාත්‍යවරුන් , ප්‍රධාන මන්ත්‍රීවරුන්, ඒ විදියට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හම්බවෙන්න ගිහින්, සැහෙන්න වෙලාවක් කතාබහ කරලා ..
හිටපු ජනාධිපතිනියගේ , කොළඹ නිදහස් මාවතේ නිල නිවසේ දී තමයි, ඔය කතාබහ තිබිලා තියෙන්නේ .
ඒ සාකච්ජාවේ දී වෙච්ච කතාබහ ගැන , තාම හරිහමන් විස්තරයක්, එලියට ඇවිත් නෑ .
ඒත්, ආරංචි හැටියට, මෛත්‍රීපාල පන්නල ශ්‍රී ලංකා එකේ බලය අතට ගන්නලු , යනවයි කියන්නේ..
තවත් සමහරු කියන්නේ , කුමාර වෙල්ගමගේ පක්ෂයට එකතුවෙන්න ලු, චන්ද්‍රිකා හම්බවෙන්න ගිහින් තියෙන්නේ ..
ඔය කතාවල ඇත්ත නැත්ත මොනවා වුනත්, චන්ද්‍රිකා ආයෙත් , ගේමට බැහැල තියන පාටක් පේන්න තියනවා.
''රට මුහුණ පා සිටින බරපතල ආර්ථික බංකොලොත්භාවයට ප්‍රධාන ම හේතුව වංචාව හා දූෂණය'' කියල චන්ද්‍රිකා , මේ ඊයේ පෙරේදා , ශෝෂල් මිඩියා එකට, වීඩියෝ එකකුත් , රිලීස් කරලා තිබුනා. චන්ද්‍රිකා ඒකෙ කියල තිබුන, සමහර දේවල් හරිම බරපතලයි..
''2005 වසරෙන් පසු, මහින්ද රාජපක්ෂ ආණ්ඩු විසින්, අනුගමනය කළ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තිය, දූෂණය සහ ගුණාත්මක බවෙන් සහ, ඵලදායිතාවයෙන් අඩු ව්‍යාපෘති ආදිය නිසා, රට ආර්ථික වශයෙන් බංකොලොත් වූනා'' කියලයි , චන්ද්‍රිකා කියන්නේ.
රට ගොඩ නැගීමට නම් , නිශ්චිත ආර්ථික සැලසුම් මෙන්ම , යහපාලන ක්‍රමවේදයන් ද අවශ්‍යයි කියලා , හිටපු ජනාධිපතිනිය අවධාරණය කරනවා.
දේශපාලන වාර්තාකරු

කංසාවලට දුන්න තැන රා වලටත් දෙන්න - චාමර
කංසාවලට වගේම කිතුල් රා වලටත් සහය දෙන්නැයි ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක අද (15) පාර්ලිමේන්තුවේදී පැවසීය.
බදුල්ල පස්සර ප්‍රදේශවල වස විස නැති රා තිබෙන නමුත් තවමත් කිතුල් රා ගොවියාට සාධාරණයක් ඉටු වූයේ නැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි .
කඳුකර ප්‍රදේශවල ජනතාව වසර ගණනාවක සිට රා පාවිච්චි කළ අය බවද රා නිෂ්පාදනය සම්බන්ධ නීති අඩු කරන්නැයි ඉල්ලා සිටින බවත් පොලිසිය රා හොඳට හදන කෙනා වගේම නරකට හදන අයත් කුදලාගෙන යන බවත් සඳහන් කළේය.
තමා සිරිකොත මිදුලට වත් ගිහිපු නැති සිරිකොත තියෙන තැනවත් දන්නේ නැති නමුත් ජනපතිට සහය දෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

හිරුණිකා ඇතුළු 15 දෙනාට ඇප
අත්අඩංගුවට ගෙන සිටි සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද ඇතුළු 15 දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන අමරසිංහ අද නියෝග කළේ ය.
ඇය ඇතුළු පිරිස ඊයේ අත්අඩංගුවට ගැණුනේ ජනාධිපතිවරයාගේ නිවසට යන මාර්ගයේ වීදි නාට්‍යයක් රඟ දැක්වීමට ගිය අවස්ථාවේයි.
කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද පෙරවරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

ලේකම් මාරුවත් අත ළඟ !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති විදියට හාපුරා කියලා , පලවෙනි අයවැය ලේඛනේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ඊයේ (14) .
මේ කියන්න යන්නේ ඒ ගැන නෙමෙයි , ඔය 2023 අයවැය ලේඛනේ සම්මත කරගන්න, ඊයේ උදේ තිබුන, කැබිනට් රැස්වීමේදී වෙච්චි දෙයක් ගැන..
මොනතරම් හොඳ වැඩක් කරන්න ගියත්, සමහර නිලධාරීන්ගෙන් හරි හමං සපෝට් එක්ක නෑ කියල, සමහර ඇමතිලා ඔය කැබිනට් රැස්වීමේදී, කන්කෙඳිරි ගාන්න ගත්ත ලු. . ඇමතිලා කට්ටියම ඒ කතාව අනුමත කරලා.
ජනාධිපති රනිල්ට එතනදී මල පැන්න ලු.. '' වැඩකරන්න බැරි සේරටම යන්න කියන්න..නැත්තන් යවන්න ඕන '' ජනාධිපති රනිල් ටිකක් සැරෙන් කිව්වලු.
'' ඔය වැඩකරන්නේ නෑ කියන ලේකම්ලාගේ නම් ටික, සමන්ට දෙන්න.. මම කොහොමත් ජනවාරියේ අමාත්‍යංශ ලේකම්ලා මාරු කරන්නයි හිතාගෙන ඉන්නේ.. දක්ෂ නිලධාරීන් ඉන්නවා නං සමන්ට කියන්න.'' ජනාධිපතිතුමා කිව්වයි කියන්නේ එහෙම.
ඒ කියන්නේ රනිල්, ලබන අවුරුද්ද පටන් ගන්න යන්නේ ගේමක් දීගෙනද ? ඒක හරියටම කියන්න වෙන්නේ, අයවැයෙන් පස්සේ, රනිල් රට ගිහින් ආවට පස්සේ තමයි..
දේශපාලන වාර්තාකරු

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න සජිත්ගෙන් කමිටුවක් : ෆොන්සේකා හලලා !
යළිත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්දීමේ සූදානමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඊයේ (14) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා වෙත මේ බව නොනිල වශයෙන් දැනුම්දීමට විපක්ෂ නායකවරයා කටයුතු කර ඇත.
මේ අතර අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවී ඇති බවත් වාර්තා වෙයි.
මෙම හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න යෝජනා කර ඇත්තේ, ජනාධිපතිවරයා කැබිනට් සංශෝධනයක් සඳහා සූදානම් බව ප්‍රකාශකර ඇති බැවින් මේ මොහොතේ , අග්‍රාමාත්‍ය ධූරය විපක්ෂ නායක වෙත ඉල්ලමින් එම නව කැබිනට් මණ්ඩලයට ඇතුල්වීමේ අවස්ථාව ඇති බවයි. ඒ සමඟ සජබ ජේෂ්ඨයන් පිරිසකට අමාත්‍ය ධූර ලබා ගැනීමේ හැකියාව ඇති බවත් එම මන්ත්‍රීවරයා සඳහන් කළ බව වාර්තා වෙයි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට එහිදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එකඟව ඇති අතර ඒ සඳහා සමගි ජනබලවේගය නියෝජනය කරමින් පක්ෂ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල සහ තිස්ස අත්තනායක යන තිදෙනාගේ කමිටුව නම් කිරීමටත් කටයුතු කර ඇත. එම කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කර තිබෙන්නේ සජබ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාරය.
මීට පෙර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත්කළ කමිටුවේ ප්‍රධානීත්වය දැරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වුවත් මෙවර ඔහුව එම කමිටුවට නම් කර නැත.
මේ අතර දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ, ඊයේ (14) අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 6 දෙනාගේ කණ්ඩායම සමගි ජනබලවේගය සමඟ එක්වූ බවට පුවතක් ප්‍රචාරය වුවත්, පැය කිහිපයක් යන තැන එම මන්ත්‍රී කණ්ඩායමේ හතර දෙනෙකු එම පුවත අසත්‍යක් බව ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැඩි කම්පනයෙන් පසුවන බවය.
මෙම පුවත මාධ්‍ය වෙත නිකුත්කර තිබෙන්නේද විපක්ෂ නායක මාධ්‍ය අංශයේ මැදිහත්වීමෙන් බවත් දේශපාලන ආරංචිමාර්ග පවසි.

තෝරදෙණිය වගේ ද ෆොන්සේකා : නිර්මාල් කන්නගේ එල්ලෙයි !


සජබට ගිය පුවත අසත්‍යක් : ජෝනුත් කියයි !
තමන් කිසි විටෙක සමගි ජන බලවේගය සමඟ එක් නොවූ බවත්, එසේ පළ වන පුවත් අසත්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී WDJ සෙනවිරත්න පවසයි.
මන්ත්‍රීවරයා මේ අදහස් පැවසුවේ අද (14) පාර්ලිමේන්තුවේ අයවැය කතාව අවසානයේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය .
“දැන් අද ප්‍රකාශයක් කරල තියෙනව මම සජබෙට බැඳුනා කියලා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ස්වාධීන කණ්ඩායම් සජබෙට බැඳෙන්න තීන්දු කළත් ඒ් තීන්දුවට මම එකඟ නෑ කියන ඒක මම පැහැදිළිවම කියන්න ඔ්නෙ. ජයරත්න හේරත් මන්ත්‍රීතුමා එහෙම ප්‍රකාශයක් කළා නම් ඒ්ක වැරදියි.
අද 12.30ට සාකච්ඡාවක් තියෙනව කියල මට දැන්නුවා. නමුත් මම ඒ් සාකච්ඡාවට සහභාගී වුනේ නෑ. මම නැති වෙලාවෙ මොන තීන්දුවක් ගත්තද කියන්න මම දන්නේ නෑ. මම සජබයට බැඳුනාය කියන ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක්.”
මේ අතර මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද පවසා සිටියේ තමන් සමගි ජනබලවේගය පක්ෂය සමග එක්වූ බව සඳහන් පුවත් සත්‍යයෙන් තොර බවයි.

ත්‍රෛලෝක විජය පත්‍ර යෝජනාවට බුකියේ සහය පළවෙයි !
ත්‍රෛලෝක විජය පත්‍ර බෝග අපනයන සඳහා නිෂ්පාදනය කිරීම සොයාබැලීමට විශේෂඥ කමිටුවක් පත් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර ඇත .
ඒ අද (14) පාර්ලිමේන්තුවේදී 2023 අයවැය කතාව සිදුකරමිනි.
එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමට හැකියාව සොයා බැලිය යුතු බවය.
කෙසේ වුවත් මේ වන විට මෙම යෝජනාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයක් යොමුව තිබේ.
මේ වන විට දියුණු බටහිර රටවල් රැසක් කංසා ආශ්‍රිත නිෂ්පාදන සඳහා නීති රෙගුලාසි ලිහිල් කර ඇත.

සජිත් රටම ඇන්දුවා : සුදර්ශනීගේ අලුත්ම නිවේදනය මෙන්න !
තමන් සමගි ජන බලවේගය එක්වූ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කරයි
මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති අතර " තමන් විපක්ෂ නායකවරයා ඇතුළු පොදු විපක්ෂ කණ්ඩායම හමුවී, විපක්ෂයේ පොදු කාර්ය භාර්ය පාර්ලිමේන්තුව තුළ ඉටුකිරීමට එකගතාවයක් ඇති කරගනු ලැබූ නමුත්, එහිදී කිසිදු සමගි සන්ධානයකට එක්වීමක් සිදුනොවූ බව වගකීමෙන් ප්‍රකාශ කරමි" යනුවෙන් එහි සඳහන් කර ඇත .
මන්ත්‍රීවරිය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .
සමගි ජන සන්ධානය සමග එක්වූ බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධවයි.!
2022.11.14 දින මා සමගි සන්ධානය සමග එක්වූ බවට පළවන මාධ්‍ය වාර්තා, ජනතාව නොමග යවන සුළු ප්‍රවෘත්තියක් වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව මෙසේ කරුණු පැහැදිලි කරමි.
රට තුළ උද්ගත වූ වාතාවරණය හමුවේ ජනතාව පීඩනයට පත්වෙමින් සිටි මොහොතක රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත්වූ මා 2022 අප්‍රේල් මාසයේ සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ බව කාරුණිකව සිහිපත් කරමි. සැමවිටම මා කටයුතු කරනු ලැබුවේ සිතට එකගව වන අතර, ජනතාව වෙනුවෙන් කළ යුතු කාර්යයන් වලදී ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලැබූ ජනතාවට හිතැති යෝජනාවලට පක්ෂවීමට මෙන්ම ජනතාව පීඩාවට පත්කරන යෝජනාවලට විරුද්ධව කටයුතු කිරීමටද මහජන නියෝජිතවරියක් ලෙස මා නොපැකිලෙමි.
2023 වසර සදහා අයවැය යෝජනාව ඉදිරිපත් කරන මොහොතේ පොදුවේ විපක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් සිදුකළ යුතු විපක්ෂයේ පොදු කාර්ය භාර්ය පිළිබදව සාකච්ඡා කිරීමට 2022.11.14 දින මා විපක්ෂ නායකවරයා ඇතුළු පොදු විපක්ෂ කණ්ඩායම හමුවී, විපක්ෂයේ පොදු කාර්ය භාර්ය පාර්ලිමේන්තුව තුළ ඉටුකිරීමට එකගතාවයක් ඇති කරගනු ලැබීය. නමුත්, එහිදී කිසිදු සමගි සන්ධානයකට එක්වීමක් සිදුනොවූ බව වගකීමෙන් ප්‍රකාශ කරමි. එබැවින් සමගි සන්ධානයට මා එක්වී ඇති බවට පළවන මාධ්‍ය වර්තා ජනතාව නොමග යවන සුළු වන අතර සත්‍යයෙන් තොර බව ප්‍රකාශ කරමි.
ස්තුතියි
මෙයට – හිතවත්
විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ
ගම්පහ දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී

පළමු අයවැය ප්‍රතිඵලය මෙන්න : ස්වාධීන 06ක් සජබට !
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ සිට අරගලය හේතුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු 06 දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගය සමග අද (14) එක්වූහ.
ඒ අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ජෝන් සෙනෙවිරත්න, ජයරත්න හේරත් ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරුන් ය.
රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට මෙලෙස එක්වීම පිලිබදව සිය කෘතවේදීත්වය පිරිනමන බවත්, ඉදිරියේදී වඩාත් ශක්තිමත්ව සාමූහිකව, කටයුතු කිරීමට මේ එකමුතුව අතිශයින්ම වැදගත් බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
"සෑහෙන කලක් කරන ලද සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස එක්වු බවත්, ඉදිරියේදී ප්‍රබල බලවේගයක් ලෙස සමගි ජන සන්ධානය ගොඩනගන්නට දායකත්වය ලබා දෙන බවත් එහිදී අනුර ප්‍රියදර්ශන යාපා පැවසීය.
රාජපක්ෂවාදය ආරක්ෂා කිරීමේ සන්ධානය !
මෙම තීන්දුව වඩාත් සුවිශේෂ වන්නේ මෙරට නව ආර්ථිකයක් ගොඩනැගීම ඉලක්ක කරගත් ඓතිහාසික අයවැයක් ඉදිරිපත් කළ මොහොතේ මෙය සිදුවීම ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , අත්‍යාවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් නිර්භීත තීන්දු තීරණ ගෙන ඇති මොහොතක ඊට සහයෝගය නොදීම යනු යළිත් වතාවක් ආර්ථිකය සම්බන්ධයෙන් වූ රාජපක්ෂවාදය ශක්තිමත් කිරීමක් විය හැකි බවයි.
මේ පිළිබඳ ජනතාව අවධියෙන් සිටිය යුතු බවත් විචාරකයන් පෙන්වා දෙයි.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ මොහොතේ රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළත් IMF වැඩසටහනට කිසියම් බාධාවක් එල්ල වුවහොත් ඒ හමුවේ රටට මුහුණදීමට සිදුවන ඛේදවාචකයට විපක්ෂය ද වගකිවයුතු බවයි.
මේ මොහොතේ කුමන පාර්ශ්වයක් බලය ලබාගත්තත් වත්මන් වැඩපිළිවෙළට ආදේශකයක් නොමැති නමුත් විපක්ෂයේ ඇතමුන් ජනතාව නොමග යවමින් සිටින බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.

2023 අය වැය : නව ලෝකයට ගැලපෙන නව ආර්ථිකයක් ගොඩ නැංවීමේ ක්‍රියාවලියක් - ජනාධිපති
වත්මන් ලෝකයේ නව ප්‍රවණතාවයන්ට ගැළපෙන අලුත් ආර්ථික පදනමක් සකස් කරමින් සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඉහළ කාර්ය සාධනයක් සහිත නවීන ආර්ථීකයක් නිර්මාණය කිරීම සඳහා වන ගමන මෙවර අය වැයත් සමඟ 2023 වසරේදී ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ 2023 අය වැය අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
රටක දීර්ඝ කාලීන සංවර්ධනයට පදනම් වන්නේ නිවැරදි තීරණ මිස ජනප්‍රිය තීරණ නොවන බව පැවසූ ජනාධිපතිවරයා ජනප්‍රිය මාවතේ තවදුරටත් යෑමෙන් රටට අනාගතයක් නැති බවත්, රට ඉදිරියට ගෙන යෑම සඳහා සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමය නව ප්‍රවේශයක් වනු ඇති බවත් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 අයවැය ඉදිරිපත් කරමින් සිදු කළ කතාවේ විශේෂ කරුණු පහත පරිදි වේ.
01. 2023 අය වැය යෝජනා ඔස්සේ 21 වන සියවසේ නව ලෝකයට ගැලපෙන නව ආර්ථිකයක් ගොඩ නැංවීමේ ක්‍රියාවලිය අරඹනවා
02. රටක දීර්ඝ කාලීන සංවර්ධනයට පදනම් වන්නේ (2023-2048) නිවැරදි තීරණ මිස ජනප්‍රිය තීරණ නොවේ
03. තරුණ තරුණියන්ගේ යහපත් හෙට දවසක් වෙනුවෙන් උද්ඝෝෂණ, අරගල, වැඩ වර්ජන වැනි සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගිය අලුත් ප්‍රවේශයක්, අලුත් වැඩපිළිවෙලක් මගින් තරුණ තරුණියන්ගේ අපේක්ෂා වලට ගැළපෙන නව ආර්ථිකයක් නිර්මාණය කර ගනිමු
04. සමාජය හුරුපුරුදුව සිටින ජීවන රටා යළි පහළ මට්ටමකට නොවැටෙන ලෙස නව ගමන ආරම්භ කරනවා
05. ඒක පුද්ගල ආදායමට සරිලන ජීවන ක්‍රමයක් වෙනුවට තරුණ තරුණියන් අපේක්ෂා කරන ජීවන ක්‍රමයට ගැලපෙන ආර්ථිකයක්
06. ලෝකයේ නව ප්‍රවණතාවන්ට ගැලපෙන ලෙස අලුත් ආර්ථික පදනමක් සකස් කර ගත යුතුයි
07. දිළිඳු හා අවදානමට ලක්ව ඇති කණ්ඩායම් රැකබලා ගැනීමට පූර්ණ අවධානය
08. පුද්ගලික ව්‍යවසායකයන් දිරිමත් කරන අතර අලුත් ව්‍යවසායකයන් බිහි කිරීමට අවශ්‍ය පහසුකම් සපයන අතර ඔවුන්ගේ කාර්යයන් වඩාත් ඵලදායී කරගත හැකි ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කරනවා
09. අපනයනය මූලික කරගත් තරගකාරී ආර්ථික ක්‍රමයක්
10. පරිසර හිතකාමී හරිත සහ නීල ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් කෙරෙහි නව ආර්ථික වැඩපිළිවෙලෙහි විශේෂ අවධානයක්.
11.සමාජ- ආර්ථික පරිවර්තනය සිදුකළ යුත්තේ ගෝලීය සංසිද්ධීන් සැලකිල්ලට ගනිමින් සහ දේශගුණික විපර්යාස ගැන දැඩි අවධානයක් යොමු කරමින්
12. ආර්ථික පරිවර්තනය සඳහා අවශ්‍ය නීති සංශෝධන සහ නව පනත් නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා
13. සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් ඔස්සේ 7%- 8% ක ඉහළ ආර්ථික වර්ධනයක් සපුරා ගැනීමට අපේක්ෂිතයි
14. ජාත්‍යන්තර වෙළෙඳාම දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශයක් ලෙස 100%ක් පමණ ඉහළ නංවා ගැනීමට පියවර
15. 2023- 2032 දක්වා නව අපනයන මඟින් ඩොලර් බිලියන 3ක වාර්ෂික වර්ධනයක් අපේක්ෂා කෙරේ
16. අවුරුදු 10ක් පුරා වාර්ෂිකව ඩොලර් බිලියන 3ක සෘජු විදේශ ආයෝජන ඉලක්ක සපුරා ගැනිමට සැලසුම්
17. ඉදිරි දස වසර තුළදී ඉහළ කුසලතාවන්ගෙන් යුතු ජාත්‍යන්තර වශයෙන් තරගකාරී ශ්‍රම බලකායක් බිහි කර ගැනීමට අවශ්‍ය කටයුතු සැකසේ.
18. අප ගෙන එන ආර්ථික ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟත්වයට පැමිණි ප්‍රතිසංස්කරණවලට සීමා වන්නේ නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමුඛ වන්නේ ආර්ථික ස්ථායිකරණය සඳහායි
19.විදේශ වෙළඳාම හා ආයෝජන ප්‍රවර්ධනය සඳහා පූර්ණ බලැති මධ්‍යගත ආයතනයක්. මේ සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක රාජ්‍ය ආයතන ඊට ඒකාබද්ධ කෙරෙනු ඇත.
20. බස්නාහිර , වයඹ , හම්බන්තොට, ත්‍රිකුණාමලය ඇතුළත් නව ආර්ථික කළාප රැසක් මේ සඳහා විශේෂ නීති රාමුවක්
21.රටේ ආර්ථික ඵලදායිතාව නැංවීම සඳහා ජාතික ආර්ථික ඵලදායි කොමිෂන් සභාවක්
22.ගෝලීය වෙළඳපොළ ප්‍රවේශය නැංවීමට වැඩසටහන් රැසක්
23.ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය කෙරේ
24.ශ්‍රම වෙළඳපොළ සඳහා නව ප්‍රතිපත්ති
25. යල්පැන ගිය කම්කරු නීති වෙනුවට ඒකාබද්ධ නීතියක්
26. කෘෂි අපනයනය සඳහා ඉඩම් ලබාදෙයි .
🔘 ඌන උපයෝජිත වගා නොකරන ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම මත අපනයන භාණ්ඩ නිෂ්පාදනය සඳහා ව්‍යවසායකයන්ට
27.ඩිජිටල් තාක්ෂණය ආර්ථික හා සමාජ පරිවර්තනය සඳහා යොදාගැනීමට පියවර
28. ඛණිජ සම්පත් ඵලදායි ලෙස ජාතික සංවර්ධනයට යොදා ගැනීමට පියවර
29.කුරුඳු කර්මාන්තය සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක්
30.රජයේ නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් හඳුනාගැනීමට හා විශ්ලේෂණය කිරීමට නව වැඩපිළිවෙලක්
31. සමුද්‍රීය සංචාරක සංවර්ධනය සඳහා නව වැඩසටහනක්
32. නැගෙනහිර , දකුණ හා බස්නාහිරට නව සමුද්‍රීය සංචාරක ප්‍රවර්ධන කළාප 3ක්
33.දුෂ්කර පාසල් වෙත අන්තර්ජාල පහසුකම්
34. ද්වීතියික පාසල් 1000 කට අන්තර්ජාල පහසුකම් නොමිලේ
35.ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක පහසුකම් නැංවීමට පියවර
36.විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කුසලතා පදනම 2024 සිට පියවරෙන් පියවර 50% ක් දක්වා වැඩි කෙරේ.
37. වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි පහසුකම් පුළුල් කිරීමට පියවර
🔘 රුහුණ, පේරාදෙණිය , යාපනය යන විශ්වවිද්‍යාලවල පශ්චාත් වෛද්‍ය උපාධි පහසුකම් වැඩිදියුණු කෙරේ.
38. 75 වන නිදහස් සැමරුමට සමගාමීව උසස් පෙළ විශිෂ්ඨ ප්‍රතිඵල ගන්නා සිසුන් 75 දෙනෙකුට විදෙස් රටවල උසස් සරසවි වල උපාධි හැදෑරීමට ශිෂ්‍යත්ව 75ක් පිරිනැමේ.
39.විශිෂ්ඨ ලෙස උපාධි සමත්වන තරුණ තරුණියන් 75 කට පශ්චාත් උපාධි ලබාගැනීමට විදෙස් සරසවි වල ශිෂ්‍යත්ව පිරිනැමේ.
40.ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සඳහා නව වෛද්‍ය පීඨයක්
42.රාජ්‍ය සේවයේ සුදුසු ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක්
43.රාජ්‍ය ආදායම් කළමනාකරණය විශ්ලේෂණය කොට නිර්දේශ ලබාගැනීම පිණිස බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක්
44. 2024 මාර්තු 01 වනදා සිට සියලු රාජ්‍ය ගෙවීම් විද්‍යුත් ක්‍රමයක් ඔස්සේ පමණක් සිදුකිරීමට පියවර
45.ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට වැඩසටහන් රැසක්
🔘 ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ සියලු තොරතුරු මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ක්‍රියාත්මක කෙරේ
46. මිරිදිය ධීවර කර්මාන්තය නැංවීමට මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන වල ධාරිතාව ඉහළ නැංවීමට පියවර
47. රේගු නොවන බදු අදියරගතව ඉවත් කෙරේ
🔘 සෙස් බද්ද අවුරුදු 3 කින්, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද අවුරුදු 5 කින් පියවරෙන් පියවර ඉවත් කෙරේ .
47. විශේෂ ඛාණ්ඩ හැරුණු කොට සන්නද්ධ හමුදා සාමාජිකයන් සඳහා අවුරුදු 18 ක සේවා කාලයකින්වි පසුව විශ්‍රාම ගැනීමට අවස්ථාව
48. ශ්‍රී ලන්කන්, ටෙලිකොම්, හිල්ටන්, වෝටර්ස් ඒජ් , ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ප්‍රතිව්‍යුහගත කිරීම.
🔘 ඉන් ලැබෙන ආදායම විදේශ විනිමය සංචිත සහ රුපියල ශක්තිමත් කිරීමට යොදාගැනේ.
49. අක්‍රීය වත්කම් සඳහා නව නීතියක් සහ නව ආයතනයක් ක්‍රියාත්මක කෙරේ.
50. ක්‍ෂුද්‍ර මූල්‍ය ණය නියාමනය කිරීම සඳහා අධිකාරියක් ස්ථාපිත කෙරේ.
50. සුබසාධක ප්‍රතිලාභ ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමට පියවර
51. ළමා පෝෂණය වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක්.
🔘 ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500 ක්.
52. පොල් ඉඩම් කැබලි කිරීම සීමා කෙරේ.
පොල් ඉඩම් කැබලි කිරීම අක්කර 1 කට හෝ ඊට අඩු පොල් ඉඩම් සඳහා පමණක් සීමා කෙරේ
53. කෘෂි ව්‍යවසාය ගම්මාන 10 ක් ඇති කෙරේ.
54. පසු අස්වනු වගා හානි අඩු කිරීම සඳහා වැඩපිළිවෙලක්.
🔘 අස්වනු ගබඩා පහසුකම් වැඩිකිරීමට පියවර.
55. දේශීය කිරි නිෂ්පාදනය නැංවීම සඳහා වැඩසහනක් ක්‍රියාත්මක කෙරේ.
🔘 කුණ්ඩසාලේ කෘතිම සිංචන මධ්‍යස්ථානය වැඩි දියුණු කෙරේ.
56. දේශගුණික විපර්යාස පිළිබඳව ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් මෙරටදී ඇරඹේ.
57. ග්‍රීන් හයිඩ්‍රජන් තාක්‍ෂණය මෙරට සංවර්ධනයට යොදාගැනේ.
58. වන ගහනය වැඩිකිරීම සඳහා වැඩපිළිවෙලක්.
59. 2027 වන විට අක්කර 50,000 ක් වන වගාවට එක්කෙරේ.
60. සුරා බදු දෙපාර්තමේන්තුවට මත්පැන් පරීක්‍ෂා කිරීමට නව රසායනාගාරයක්.
61.සූර්ය බලශක්ති පැනල හා විද්‍යූත් මෝටර් කාර් දේශීයව නිෂ්පාදනයට පහසුකම් සැපයේ.
62.රාජ්‍ය අනුග්‍රහයෙන් ආගමික සිද්ධස්ථාන සඳහා සූර්ය පැනල ලබාදීම 2023 සිට ඇරඹේ.
63.තරුණ ව්‍යවසායකත්වය නැංවීමට හා විදේශ රැකියා සඳහා අවශ්‍ය පුහුණුවීමේ පහසුකම් ඇති කෙරේ.
64.පානීය ජල බෝතල් වලට ආරක්‍ෂිත මුද්‍රාවක්.
65.බන්ධනාගාරවල සනීපාරක්‍ෂක පහසුකම් දියුණු කෙරේ.
66.බදුල්ල, කුරුණෑගල, පොළොන්නරුව රෝහල් ශීක්‍ෂණ රෝහල් ලෙස උසස් කෙරේ.
67.අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම අධීක්‍ෂණය සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායක්.
68.2022 පැවති 9.8% අයවැය හිඟය 2023 දී දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 7.9% ක් දක්වා අඩුකරගැනීමට පියවර.
69. 2022 දී ප්‍රාථමික අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් -4.0 % ක් වූ අතර එය 2023 දී - 0.7% දක්වා වැඩිකර ගැනීමට සැලසුම්.
70. 2023 වසරේදී රුපියල් බිලියන 1,220 ක් රාජ්‍ය ආයෝජන සඳහා සැලසුම්.
71.පොදු සම්මුතියකට පැමිණ ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කර ගනිමු. ඊළඟ වසර 25 පුරා ඒ ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කරමු
72.අය වැය යෝජනා, රාජ්‍ය නිලධාරීන් මගින්, රාජ්‍ය තන්ත්‍රය හරහා ක්‍රියාත්මක කරවීමේදී ආංශික කාරක සභාවලට විශාල වැඩ කොටසක් ඉටු කළ හැකියි. රාජ්‍ය වියදම් අඩු කර ගැනීමේ ව්‍යායාමයටත්, මුදල් පිළිබඳ කාරක සභාවලටත් ඵලදායී ලෙස මැදිහත් විය හැකියි. ඒ නිසා සියලු කාරක සභා කඩිනමින් ක්‍රියාවට නංවන්න
73. නව ආර්ථික පදනමක් ඔස්සේ රට යළි ඔසවා තැබීමේ වෑයමට ක්‍රියාකාරීව සහ ක්‍රියාශීලීව දායකත්වය ලබා දෙන්න.
ජනාධිපති මාධ්‍ය අංශය
2022-11-14

හිරුණිකා ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනෙකු කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
චෝදනා කිහිපයක් මත අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවපොලීසිය සඳහන් කරයි.
සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් අද(14) පෙරවරුවේ විරෝධතාවයක් සිදු කළේ, කාන්තා අයීතින් සුරකින ලෙස රජයට බලකරමිනි.
විරෝධතාව අතරතුර පොලිස් භාරයට ගත් කාන්තාවන් පිරිසක් නිදහස් කරන ලෙස ඉල්ලා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණියේ ය.
එහිදි කුරුඳුවත්ත පොලීසිය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපති කාර්‍යාලයට පනින්න මුල්වූ සේරම ඇරෙස්ට් !
කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුලු වීමට මුල්වී ක්‍රියාකළ අරගලකරුවන් සහ එහි දේපළ සොරාගත් සියලු සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවන් 46 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙනමක් සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
- lankadeepa

දිගුකාලීන ආර්ථික වර්ධනයකට : 2023 අය වැය හෙට පාර්ලිමේන්තුවට !
ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අය වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස හෙට (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන වෙළෙඳපොළ, ශ්‍රම වෙළෙඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් 2023 අය වැය මඟින් යොමු කර ඇති අතර සමාජ වෙළෙඳපොළ ආර්ථිකය ඔස්සේ අය වැය ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.
සමාජ සුබසාධන ප්‍රතිලාභ නිශ්චිතවම අවශ්‍ය වන ජනතාව වෙත පිරිනැමීමටත්, පුද්ගලික අංශය මෙරට ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස ගොඩනැඟීම සඳහා වන ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කිරීම කෙරෙහි ද මෙවර අය වැයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.
2023 අය වැය යෝජනා ඔස්සේ නව ලෝකයට ගැළපෙන නව ආර්ථිකයක් ගොඩනැංවීමේ ක්‍රියාවලිය අරඹමින් තරුණ තරුණියන්ට යහපත් රටකට අවශ්‍ය අලුත් වැඩපිළිවෙළක් නිර්මාණය කිරිමට නියමිතය.

තිළිණිගේ බිස්නස් : පැමිණිලි නොකළත් පොලිසි යන්න සූදානම් වෙන්න !
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලිගේ ව්‍යාපාරයන්හි මුදල් ආයෝජනය කල පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට විමර්ශකයන් තීරණය කර ඇති බව වාර්තා වෙයි .
ඔවුන් මෙතෙක් පොලිසියට පැමිණිලි නොකලද සිදුකරන පරීක්ෂණයට අදාළව පත් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට මෙසේ තීරණය කර ඇත්තේ ප්‍රියමාලි ඇතුළු සැකකරුවන් විසින් ලබාදුන් සාක්ෂි සහ ඇගේ කාර්යාලය අදාළව සිදු කළ පරීක්ෂණ වලින් ලබා ගත් තොරතුරු මතය.
මෙම පුද්ගලයන් පොලිසියට පැමිණිලි කර ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියද මෙතෙක් එය සිදු නොවීමෙන් පවතින තත්ත්වය අධිකරණයට වාර්තා කර මෙම පියවර ගැනීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි .
ඥානසාර හිමිගෙනුත් ප්‍රකාශයක් අරගෙන !
මේ අතර තිළිණි ප්‍රියමාලි ගේ මෙම මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියට අදාළව බොදු බල සේනා සංවිධානය සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බවත් වාර්තා වෙයි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඥාණසාර හිමියන්ගෙන් සිද්ධියට අදාළව පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් දැනගන්නට ඇත.
ඒ මෙම සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලදී හඬ පට කිහිපයක ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සංවාද සිදුව ඇති බැවින් මෙසේ උන්වහන්සේ කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි .

පොලිස් කාන්තාවන්ගේ බෙල්ල මිරිකූ IP ගැන විමර්ශනයක් !
පොලිස් කාන්තාවන් දෙදෙනකු ගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කර දැමීමේ සිදුවීමකට පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි .
විරෝධතා පාගමනක නිරත වූ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් අවස්ථාවේ මේ නොහොබිනා ක්‍රියාව කර ඇත්තේ පානදුර දකුණ මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂක වරයකු විසිනි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වීමත් සමග පොලිසිය විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

අරගල බිමේ ප්‍රකට ක්‍රියාකාරිනී නිර්මාණී හදිසියේ සමුගනී......
ගෝඨාගෝගම අරගල භූමියේ බුද්ධිමය සංවාද සිදු කෙරුණු 'පුරවැසි සභාව' වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ නිර්මාණී ලියනගේ හදිසියේ අභාවප්‍රාප්ත
වී තිබේ. සෙනසුරාදා සන්ධ්‍යා කාලයේ ලංකා හොස්පිටල්ස්හිදී හදිසි හෘදයාබාධයකින් ඇය ජීවිතයෙන් නික්මුණාය.
බෝල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකවූ ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.
පර්යේෂිකාවක, නාගරික සැලසුම් ශිල්පිණියක, අධ්‍යාපනඥයෙකු, ජනවාර්ගික අධ්‍යයන වේදියෙකු වූ ඇය කොළඹ City School of Architecture හි බාහිර කථිකාචාර්ය වරියක ලෙස කටයුතු කළාය.
වඩා යහපත් රටක් වෙනුවෙන් හීන දුටු නිර්මාණි ඉතා දක්ෂ තරුණ නායිකාවක වූ අතර ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයේ පරිසර කමිටුව හා සම්බන්ධ වී දැඩි කැපවීමෙන් ක්‍රියාකළ ක්‍රියාකාරිණියකි. අගේ හදිසි වියෝව සමීපතමයින්ගේ කම්පනයට හේතුවී තිබේ.
නිර්මාණි : 'ලංකාව යහපත් තැනක් කරන්න වෙහෙස වුණා' - ගල්කන්දේ ධම්මානන්ද හිමි
ඇයගේ හදිසි වියෝව සම්බන්ධන්යෙන් පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සිය ෆේස්බුක් පිටුවේ පහත සටහන පළකර ඇත.
''නිර්මාණි, ඉතාම කලාතුරකින් හමුවන විශේෂ දක්ෂතා ඇති කෙනෙක්. ලංකාව යහපත් තැනක් කරන්න ඇය විශාල විදියට වෙහෙස වුණා. නාගරික ප්‍රදේශවල අතහැරී ඇති නාගරික වීදි දරුවන් ඉගෙන ගන්නා පාසැල් සමග ඇය වැඩ කරන කාලයේ දීයි අපි මුලින්ම හමුවන්නේ. ඒ මීට වසර ගණනාවකට පෙර.
ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් විශාල මැදිහත්වීමක් කළ හැකි දැවැන්ත චරිතයක නික්ම යාම විශාල සංවේගයක් ඇති කරවන්නක්.
ඊයේ හවස 3 ට විතර මම ඇයට කතා කළා. නාසයේ කුඩා ශල්‍ය කර්මයකට ලංකා රෝහලට ඇතුළත්වී සිටිනා බව ඇය කීවා. අද හවස ඈ බලන්නට එන්නට මා පොරොන්දු වුණා. හවස 3.25 ට ඇගෙන් ආ අවසාන පණිවුඩයේ සඳහන්ව ඇත්තේ ලංකා රෝහලේ 8 වැනි මහලේ ඈ සිටිනා කාමර අංකයයි.
ලෝකය යහපත් තැනක් කරන්න හදන අයගේ ජීවිතය 'සහාය දිවීමක්' වැනියි. සමහරු ගොඩාක් කාලය අරන් යෂ්ඨිය ටිකක් දුර අරගෙන ගිහින් ඊළඟ පරම්පරාව අතට දීල යනවා. සමහරු කෙටි කාලයක් තුළ යෂ්ඨිය ගොඩාක් ඉදිරියට අරං ගිහින් ඊළඟ පරම්පරාව අතට පත් කරල යනවා. නිර්මාණි අයිති මේ දෙවැනි පිරිසට.''
නිර්මාණශීලී නිර්මාණී රටට අහිමි වුනා...
නිර්මාණිගේ අකල් වියෝව සම්බන්ධයෙන් චින්තන ධර්මදාස සිය මුහුනුපොතේ මෙවැනි සටහනක් පළකර තිබේ.
''නිර්මාණීව මට මුණගැහෙන්නෙ මීට අවුරුදු ගානකට කලින්. එයා මාත් එක්ක මුනගැහිලා කතා කරන්න ඕන කියල මැසෙන්ජර් පණිවුඩයක් එවලා තිබුන. අපි කෝපි කඩයක මුනගැහුනා. නිර්මාණී පුංචිම පුංචියට ඉඳගෙන නගර නිර්මාණ විෂය ගැන මාත් එක්ක කතා කළා. ඒ දැනුමට වඩා පර්ස්පෙක්ටිව් එක මට ගොඩක් අලුත් වුනා. මං උනන්දුවෙන් පන්න පන්නා නිර්මාණීගෙ විෂය ගැන කතා ඇහුවා. පබ්ලික් ස්පේසස් ගැන, මිනිස්සු විසින් සාමූහිකව ස්වභාවිකව අවකාශය නිර්මාණය කරගන්නා ආකාරය අධ්‍යනය කිරීම ගැන නිර්මාණී මට කියල දුන්නා. පස්සෙ දවසක මේ ගැන තමාට වඩා බොහෝ දැනුමක් ඇති කෙනෙක් විදිහට මහාචාර්ය නිහාල්වල් මුනගැස්සුවා. නිර්මාණී කියන්නෙ හැමතිස්සෙම මාව අලුත් දේකින්, අලුත් අදහසකින් ඉන්ස්පයර් කරපු පුංචි කෙල්ලෙක්.
ඊට පස්සෙ මට නිර්මාණීව අරගලේදී මුනගැහුනා. එයා අරගලභූමිය සාමුහීක පොදු අවකාශයක් විදිහට නිර්මාණය කිරීම ගැන උනන්දුවෙන් හිටියා. නිර්මාණී වගේ අය අරගලය ඇතුලෙ ඉන්න එක ගැන මං ගොඩක් සතුටෙන් හිටියා. අරගලය ඇතුලෙ ගෝටා පැන්නීම වගේ හැමෝම යටිගිරියෙන් කෑ ගහන ක්ෂනික තෘප්තිදායක දේවල් වෙනුවට නිර්මාණී වැඩ කලේ දීර්ඝ කාලීන අරමුණු වෙනුවෙන්, හෙමින් හෙමින්.
අරගලය ඇතුලෙ කාන්තාවන්ගෙ අදහස් එලියට ගේන්න මාධ්‍යවලින් උදව් අරන් දෙන්න කියල නිර්මාණී මට වෙලාවක කිව්වා. මතුපිටින් පේන අධීවේගී, ප්‍රකෝපකාරී අදහස්වලට යටින් ඉතාම පරිණත, නිර්මාණාත්මක අදහස් දරන පිරිසක් අරගලය ඇතුලෙ ඉන්න බව සමාජය දකින්න ඕන කියල එයා කිව්වා. මං පුළුවන් හැම යූටියුබ් චැනල් එකටම කතා කරලා මේ අවස්ථාව ලබාදෙන්න කියල ඉල්ලුවා. ඒක සිද්ද වුනාද කියල මං දන්නෙ නෑ. රටේ හැම තැනකදිම වගේ අරගලය ඇතුලෙත් පිරිමි හඩ අධිතක්සේරු වෙලයි තිබුනෙ. සද්ද නැතුව ලොකු වැඩ කරපු පුංචි නිර්මාණිලා එලියට පෙනුනෙ නෑ.
අන්තිමට මං නිර්මාණීට කතා කලේ ගොඩයමු සාමූහිකය එක්ක එකතු වෙන්න කියල ආරාධනා කරන්න. දින කීපයකින් සර්ජරි එකක් කරන්න තියෙනවා කියල එතනදි නිර්මාණී මට කිව්වා. ඒ ගැන මං කලබලෙන් ඇහුවම ඒක පුංචි දෙයක් කියල එයා මාව සංසුන් කළා.
ඒ පුංචි දෙයින් ලොකු පරිකල්පනයක් සහිත පුංචි නිර්මාණීව සදහටම නිහඩ කළා. කතා කරන මොහොතකින් වුනත් ලොකු ඉන්ස්පිරේෂන් එකක් දෙන පුංචි කෙල්ල, විසල් හීන තැන්පත් විසල් හදවත සදහටම නතර කළා. නිර්මාණශීලී නිර්මාණී රටට අහිමි වුනා.
මං ඇත්තටම දන්නෙ නෑ එයාට සමුදෙන්නෙ කොහොමද කියල. මට ඒක කරන්න බැරි වෙයි.''
Page 240 of 449