මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රීලංකාව පිළිබඳ යෝජනාවක් සම්මතයි

මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රීලංකාව පිළිබඳ යෝජනාවක් සම්මතයි

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාවක් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගෙන තිබේ.

මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරයේදී ඡන්දයකින් තොරව මෙම යෝජනාව සම්මත කර ගෙන ඇත.

ඊට අදාළව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව පිළිබඳ සිදුකරන ක්‍රියාදාමය තවත් වසර දෙකකට දීර්ඝ කර ඇති අතර, එම යෝජනාවට රටවල් 22ක් සම අනුග්‍රාහකයින් ලෙස අත්සන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද කෙටුම්පත ඔක්තෝබර් 1 වන දින ජිනීවාහිදී ඉදිරිපත් කර ඇත.

යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව අත්සන් තබා ඇති අතර, අතිරේක අනුග්‍රාහකයින්ගෙන් බහුතරයක් යුරෝපීය රාජ්‍යයන් වේ.

 

( aruna)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න