තාජු­ඩීන් ඝාත­නය වෙද්දී ‘කජ්ජා’ මහින්ද රාජපක්ෂගේ අමාත්‍යාංශයක රියැදුරෙක් !

තාජු­ඩීන් ඝාත­නය වෙද්දී ‘කජ්ජා’ මහින්ද රාජපක්ෂගේ අමාත්‍යාංශයක රියැදුරෙක් !

රගර් ක්‍රීඩක වසීම් තාජු­ඩීන්ගේ ඝාත­නය සිදු වනවිට අනුර විදා­න­ග­මගේ නොහොත් ‘කජ්ජා’ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ පැවති අමාත්‍යාංශයක රියැ­දු­රෙකු ලෙස කටයුතු කර­මින් සිට ඇතැයි අප­රාධ පරීක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අනා­වරණය කර­ගෙන ඇත.

තාජු­ඩීන් ඝාත­නය සහ කජ්ජා අතර යම් සම්බ­න්ධ­යක් ඇති බවට ප්‍රබල සැක මතු වන තොර­තුරු ද මේ වනවිට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශ­ක­යන්ට ලැබී ඇති බව පසුගියදා පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකදීද අනාවරණය කරනු ලැබීය.

තාජු­ඩීන් ඝාත­නය වූ දිනත්, ඊට පෙර සහ පසු ­දි­නත් කජ්ජා රැඳී සිටි ස්ථාන සහ ඔහු දුර­ක­ත­න­යෙන් සම්බ­න්ධ­කම් පැවැත්වූ පුද්ග­ල­යන් ආදී තොර­තුරු ද මේ වනවිට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශ­කයෝ රැස්ක­ර­මින් සිටිති. ඒ සඳහා දුර­ක­තන ජාල විශ්ලේ­ෂ­ණ­යක් ද මේ වනවිට සිදු කර­මින් ඇත්තේ කජ්ජා විසින් භාවිත කළ දුර­ක­තන අංක ඔස්සේය.

kajja thrchudeen 1000px

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ පොලිස් කණ්ඩා­ය­මක් විසින් දීර්ඝ ලෙස කරනු ලැබූ විම­ර්ශ­න­ය­කදී අනා­ව­ර­ණය කර ගෙන තිබෙන්නේ, එදා තාජු­ඩීන් ඝාත­නය වීමට පෙර ඔහු ගමන් ගත් මෝටර් රථය පසු­පස හඹා ගිය ජීප් රථයේ අනුර විදා­න­ග­මගේ නොහොත් කජ්ජා නමැත්තා ද සිට ඇති බවයි. තහ­වුරු කෙරෙන සාක්ෂිය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන නිල­ධා­රීන්ට ලැබෙන්නේ කජ්ජාගේ බිරි­ය­ගෙනි. ඒ වසර 10කට ආසන්න කාල­යක් පුරා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු විම­ර්ශ­ක­යන්ට හඳුනා ගැනී­මට නොහැ­කිව තිබූ වීඩියෝ දර්ශ­න­යක සිටි පුද්ග­ලයා හඳුනා ගනි­මිනි. ඒ හැව්ලොක් උද්‍යා­නයේ පිහිටි සුපිරි වෙළෙ­ඳ­ස­ලක ආර­ක්ෂක කැම­රා­වක සට­හන්වූ අපැ­හැ­දිලි මිනිස් රුවකි.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් එකල මේ අපැ­හැ­දිලි රුව සහිත වීඩි­යෝව මෙන්ම ඡායා­රූප ද මාධ්‍යට නිකුත් කර­මින් හඳුනා ගැනී­මට මහ­ජන සහාය ඉල්ලා සිටි­යේය. එහෙත් ඔහුගේ බිරිය මෑත­කදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමිණ එම වීඩි­යෝවේ සිටින්නේ සිය සැමියා බව පව­ස­න­තුරු කිසි­ව­කුත් එම වීඩි­යෝව හඳුනා ගැනී­මට ඉදි­රි­පත් වී නොති­බුණි.

මුල සිට ඒ සම්බ­න්ධ­යෙන් සැක­යක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශ­ක­යන්ට පැව­ති­යත් එය තහ­වුරු වීමත් සමඟ තාජු­ඩීන් ඝාතන විම­ර්ශන වේග­වත් වූ බව පොලිස් තොර­තුරු සඳ­හන් කරයි.

(lankatruth)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න