නව තාක්ෂණය උපයෝගී කර ගෙන, නවීන යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කර, පුද්ගලයින් ලෙසත්, රටක් ලෙසත් දියුණු විය යුතු බැවින් අධ්‍යාපනයේ ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුවිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සුරංග රත්නායක ගේ සංවිධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ආසනය සෙලෙස්තිමඩුව කොට්ටාසයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.
එම වැඩසටහනේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ඉතිහාසයට දී ඇති ප්‍රමුඛත්වය ඉවත් කිරීම නින්දාසහගත යි
මෙරට අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති වුවහොත් නව අධ්‍යාපන ක්‍රමයක් හරහා නූතනවාදී දරු පරපුරක්, ජන පරපුරක් නිර්මාණය කිරිම තුළ නූතන ලෝකයේ අභියෝගවලට මුහුණ දී නව තාක්ෂණය උපයෝගී කර ගෙන නවීන යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කර පුද්ගලයන් ලෙසත් රටක් ලෙසත් දියුණු විය යුතු යි. එබැවින් අධ්‍යාපනයේ ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුවිය යුතු යි. එහි දී නව තාක්ෂණය, පරිගණක තාක්ෂණය, ඉංග්‍රීසි චීන හා හින්දි යනාදි විදේශීය භාෂා ඉගෙන ගැනීම තුළ ලෝක වෙළෙදපොළේ ශ්‍රම සැපයුම ආක්‍රමණය කළ හැකි යි. එහි දී කෘතීම බුද්ධිය, රොබෝ තාක්ෂණය යනාදි නවීන ක්‍රම වෙත යා යුතු යි. මේවා සේම ඉතිහාස විෂය ද අනිවාර්ය විය යුතු යි. ඒ තුළින් අතීත රජ දවසේ සිදුවූ සංවර්ධනය, ඉපැරණි වාරි සංස්කෘතිය හා රාජ්‍ය පාලන සංස්කෘතිය ගැන දරුවන් දැනුවත් විය යුතු යි.
නව අධ්‍යාපන ක්‍රමයේ දී හර විෂයක් ලෙස ඉතිහාසයට දී ඇති ප්‍රමුඛත්වය ඉවත් කිරීම නින්දාසහගත යි. අප කළ යුත්තේ හොඳ පෞර්ෂත්වයක් තිබෙන සුහුරු දරුවන් නිර්මාණය කිරීම යි. සුහුරු දරුවා හරහා සුහුරු සිසුවා, සුහුරු පුරවැසිය හා සුහුරු රට නිර්මාණය කළ හැකි යි. සමගි ජන බලවේගය මේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන විට, සුහුරු පන්තිකාමර දෙන විට ජනතාව ඒවා ප්‍රතික්ෂේප කළා. දැරියන්ට හිමි සනීපාරක්ෂක පහසුකම් නොමිලේ දිය යුතු යැයි කියන විට එයට පහර ගසා වත්මන් රජය විකෘති මානසිකත්වයකින් රටේ දරු පරපුර විනාශ කරන්න විවිධ අමනෝඥ යෝජනා ඉදිරිපත් කරනවා.
දරුවන් යහමගට ගැනීමේ නිදහස තිබිය යුතු යි
ඉතිහාස විෂය හර විෂයන් තුළින් ඉවත් කිරීම ඉන් එකක්. ඊට අමතරව දෙමාපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට යම් දරුවෙක් වැරදි මාර්ගයක ගමන් කරනවා නම් ඒ දරුවාට කෘරත්වයෙන් තොරව හිංසනයෙන් තොරව යහපත් ආකාරයෙන් දරුවව හරි මගට යොමු කිරීම සත්භාවයෙන් වත් කළ නොහැකි බවට පනත් සම්මත කිරීමට සූදානම් වෙනවා. ගුරුවරුන්ගේ, දෙමාපියන්ගේ, වැඩිහිටියන්ගේ අත් බැඳ නීතියට යට කර, යහපත් සමාජයක් ගොඩනගන්න එන්න යැයි කියනවා. අපි දරුවන්ට විරුද්ධව එල්ලවන හිංසන පීඩන කෘර ක්‍රියා අනුමත කරන්නෙ නෑ. සත්භාවයෙන්, දරුවන්ගේ අභිමානයට කැලලක් නොවන ලෙස දරුවන් යහමගට ගැනීමේ නිදහස තිබිය යුතු යි. රජය එය ද ඉවත් කිරීම වැරදි යි.
කුඩුකාරයන් අත්අඩංගුවට ගැනීම ප්‍රශංසනීය යි
අද කුඩු පද්ධතිය පාසල් පද්ධතිය ආක්‍රමණය කර අවසන්. ඊෂී කෑෂ් හරහා කුඩු බෙදනවා. මේවා වැළැක්විය යුතු යි. කුඩුකාරයන් අත්අඩංගුවට ගැනීම ප්‍රශංසනීය යි. ඔවුන් අත්අඩංගුවට ගන්නවා සේම පාසල් පද්ධතියේ හා තරුණ පරපුර මේ කුඩු ජාවාරම්කාරයන්ගෙන් බේරා ගැනීමට දැඩි නීති ගෙන ආ යුතු යි. රටේ සෑම ආගමක් තුළ ම සංස්කෘතියට ඔබින ශීලාචාර ශිෂ්ටසම්පන්න දරුවන් බිහි කිරීමේ අරමුණු තිබෙනවා. ආගම් තුළ විකෘති අදහස් නැහැ.
ලොවට බිහි වන විට ජාති ආගම් කුල මල පන්ති පක්ෂ භේද නොමැති නිසා සෑම පුරවැසියකුටම ගරු කළ යුතු යි. පුරවැසියන්: ශිෂ්ටසම්පන්න පුරවැසියකු, සංස්කෘතික පුරවැසියකු, ආගමානුකූල පුරවැසියකු බවට නිර්මාණය කළ යුතු යි. විකෘති මනස් ඇති, විකෘති ක්‍රියාදාම රටේ ව්‍යාප්ත කර, ජන සමාජය විනාශ කරන් ඉඩ දිය නොහැකි යි.
අද රජයේ හැමදේම විකෘතියක්
රජය අද කරන කරන හැමදේ ම විකෘතියක්. සමාජ රටාවන්, සමාජ සංස්කෘතීන් සුනුවිසුනු කරන ප්‍රතිපත්ති මේ අය යෝජනා කරනවා. එම නිසා: සදාචාරසම්පන්න, ශිෂ්ට සම්පන්න, ආගමානුකූල, විනයගරුක යුක්තිගරුක, පුරවැසියන් බිහි කරන සමාජ රටාව ඇති කර රජයේ විකෘති යෝජනාවලින් රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම සමගි ජන බලවේගය ගන්නවා.
තරුණ තරුණියන් ගේ රැකියා ගැටලුවට විසඳුම් කෝ..?
76 වසරක සාපය ගගා එක පෑන් පාරින් මේ සාපය නැති කරනවා කිව්වට අද වන විට ගොවියාට ගුණාත්මක පොහොර, බීජ, තෙල් බෙහෙත් ලැබෙන්නෙ නැහැ. එක පෑන් පාරීන් කිසි දෙයක් වුණේ නැහැ. මේවා ගොවියාට අද දරාගත නොහැකි බවට පත්වෙලා. අලි මිනිස් ගැටුමට තවමත් විසදුම් නැහැ. රැකියා කරන්න පුළුවන් ඇගලුම් කර්මාන්තශාලා අද රට හැර යනවා. කිසිදු කර්මාන්තශාලාවක්වත් අලුතින් බිහි කරල නැහැ. තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවලට විසදුම් නැහැ.
මෝස්තරයට ඡන්දය දීමෙන් වළකින්න
ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 159 රටේ ජනතාව හඳුනනව ද...? මේ පුද්ගලයන් දැන හඳුනාගෙන ද ඡන්දය දුන්නේ කියල ගැටලුවක් තිබෙනවා. මේ නිසා අද වන විට ජනතාවට තමන්ගේ ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරන්න කවුරුත් නොමැති නිසා විපක්ෂ නායකවරයාට ගැටලු ඉදිරිපත් කරනවා. එම නිසා මෝස්තරයට ඡන්දය දීම, සුන්දර සුරංගනා කතාවට රැවටීම සහ ප්‍රතිපත්ති නොදැන ඡන්දය දීමෙන් ඉදිරියේදීවත් ජනතාව වැළකී සිටිය යුතු යි.''
දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය