පලස්තීන ජාත්‍යන්තර මාධ්‍ය හා සන්නිවේදන පදනමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස එන්.එම්. අමීන් පත්වෙයි

පලස්තීන ජාත්‍යන්තර මාධ්‍ය හා සන්නිවේදන පදනමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස එන්.එම්. අමීන් පත්වෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එන්.එම්. අමීන්, පලස්තීන ජාත්‍යන්තර මාධ්‍ය හා සන්නිවේදන පදනමේ (Palestine International Forum for Media and Communication - Tawasol) ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පත් කර ඇත.

තුර්කියේ ඉස්තාන්බුල් නගරය මූලස්ථානය කර ගත් මෙම පදනම 2014 දී ආරම්භ කර ඇති අතර, පලස්තීන ජනතාවගේ හඬ ජාත්‍යන්තර මාධ්‍ය වෙත ගෙන යාම, සහ විවිධ රටවල මාධ්‍යවේදීන්, මාධ්‍ය කර්තෘවරුන් සහ විශේෂඥයන් අතර සහයෝගය වර්ධනය කිරීම යන එහි ප්‍රධාන අරමුණ වේ. මෙම පදනමේ වාර්ෂික සම්මන්ත්‍රණ, පුහුණු වැඩසටහන්, මාධ්‍ය මුලපිරීම් හා පර්යේෂණ මගින් රටවල් 70කට අධික සංඛ්‍යාවක මාධ්‍යවේදීන් දහසකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කරයි.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දිගු කාලීන අත්දැකීම් ඇති එන්.එම්. අමීන්, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ හිටපු සභාපතිවරයෙකු වන අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ (Muslim Council of Sri Lanka) සභාපති සහ දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ (SAFMA) ශ්‍රී ලංකා සම්බන්ධීකාරකයෙකු ද වේ. සංහිඳියාව සහ සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීමේදී ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතර, සදාචාරාත්මක මාධ්‍ය සංස්කෘතියක් පෝෂණය කිරීම, මාධ්‍ය මර්දනයට එරෙහිව හඬ නැගීම සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් පුළුල් ලෙස පැසසුමට ලක්ව ඇත.

Tawasol පදනමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පත්වී ඇති එන්.එම්. අමීන් මහතා, ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සහ මෙම පදනම අතර සහයෝගය තවදුරටත් ශක්තිමත් කිරීම, පලස්තීන ගැටලුව සහ මාධ්‍ය සංවර්ධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනු ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න