පුවත්

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට ජනපතිගෙන් ජනතාවට ආරාධනා....
2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මඟ සමඟ එකමුතුව අත්වැල් බැඳගන්නා ලෙස සියලු වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර කම්කරු දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම පණිවුඩය මෙසේය.
රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට වඩා ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි සමාජ බලවේගය වන්නේ වැඩකරන ජනතාවයි. ඉතිහාසය පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග බොහෝ වන අතර ඒ සෑම අවස්ථාවකම රට ජයග්‍රහණය කරා මෙහෙයවීමට වැඩකරන ජනතාව ලබා දුන්නේ සුවිශේෂී දායකත්වයකි.
පසුගිය වසරේ මැයි දිනය සමරන අවස්ථාව වන විට රට දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්ව තිබු අතර ඒ හමුවේ සියලුදෙනාට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු විය. එම අභියෝගාත්මක කාල වකවානුවේදී, ආර්ථිකය ස්ථාවර කරන අසීරු ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටි සියලු වැඩකරන ජනතාවට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනැමීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.
එමෙන්ම මේ උදා වී ඇත්තේ අන් කවරදාටත් වඩා ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවගේ අභිමානය ලොවට ප්‍රදර්ශනය කළ හැකි අවස්ථාවකි. මෙම තීරණාත්මක අවස්ථාවේ පටු දේශපාලන වුවමනාවන්ට ගොදුරු නොවී රට පළමුව තබා කටයුතු කරන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.
අප සෑම විටම කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ක්‍රියා කළ අතර, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද දිනා දෙමින් ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන යහපත් අනාගතයක් නිර්මාණය කිරීම අද දවසේ ද අපේක්ෂාව වන්නේය.
සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධව මේ වන විට අනියත බියක් ඇති කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළ ද වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන සේවක අර්ථසාධක අරමුදලට කිසිදු හානියක් සිදුවීමට අප ඉඩ නොතබන බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.
2048 වනවිට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මඟ සමඟ එකමුතුව අත්වැල් බැඳගන්නා ලෙස මම සියලු වැඩකරන ජනතාවට ආරාධනා කරන අතර ස්වකීය අයිතීන් සුරක්ෂිත වූ අර්ථවත් ජාත්‍යන්තර කම්කරු දිනයකට ශුභාශිංසන එක් කරමි.

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
දීර්ඝ කාලයක් පුරා අසනීප තත්ත්වයෙන් සිට ඇති ඒ මහතා අද (01) උදෑසන නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇත.
දශක පහකට අධික කාලයක් රූපවාහිනී ටෙලිනාට්‍ය 600කට අධික සංඛ්‍යාවකට සිය දායකත්වය දක්වා ඇති ජී. ආර්. පෙරේරා මහතා මියයන විට 83 වන වියේ පසුවුණි.

පෙට්‍රල් හා ඩීසල් මිල පහළට
අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
ඒ අනුව ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 333 ක් ලෙසය.
මීට අමතරව ඔක්ට්‍රේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 375 සිට රුපියල් 365 දක්වා රුපියල් 10 කින් අඩු කර තිබේ.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 325 සිට රුපියල් 310 ක් දක්වා රුපියල් 15 කින් අඩුකර ඇත
රුපියල් 465ක් ලෙස පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 330 ක් ලෙසය.
රුපියල් 135 කින් එහි ලීටරයක මිල අඩු කර තිබේ.

සජිත්‍ට එරෙහිව විනය පරීක්ෂණයක් : ෆවුසිගේම ඉල්ලයි !
සමඟි ජනබලවේගය චෝදනා පත්‍රයක් ලබා දිය යුත්තේ තමන්ට නොව පක්ෂ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි පවසයි.
ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතු බවට ප්‍රකාශ කර ඔහු ඊට පක්ෂව ඡන්දය නොදීම හේතුවෙන් එසේ විනය ක්‍රියා මාර්ගයක් ගතයුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් ණය පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ වැඩි ඡන්ද 95කිනි.
එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 120 හිමි වු අතර විරුද්ධව හිමි වුණේ ඡන්ද 25 පමණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසිද එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නේය. ඒ, එම යෝජනාවේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබූ පසුබිමකය .
ඒ අනුව, එච් එම් ෆවුසි මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට සමඟි ජන බලවේගය තීරණය කර ඇත.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි IMF ගිවිසුමට පක්ෂව ඡන්දය ලබාදීම පක්ෂ තීරණයට පටහැනි බවය.
කෙසේ වුවත් ඇතැම් සජබ මන්ත්‍රීවරුන් පවසන්නේ රටේ තීරණාත්මක කරුණකදී පමණක් නොව පක්ෂයේ විනය සම්බන්ධයෙන් වන කාරණයකදී පවා සෘජු තීන්දු තීරණ ගැනීමට පක්ෂ නායකත්වය අසමත් හෙයින් තමන්ද සමාජය හමුවේ හාස්‍යට ලක්වෙමින් තිබෙන බවයි .

ආණ්ඩුකාරවරුන් 2කට : ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවේදී දැඩි විරෝධතා !
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනකුට මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ගේ දැඩි විරෝධයක් එල්ල වූ බව වාර්තා වෙයි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත .
එහිදී මෙලෙස දැඩි විරෝධයක් එල්ලව ඇත්තේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක සහ වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ ට බවත් දැනගන්නට ඇත .
මෙම ආණ්ඩුකාරවරුන් දෙදෙනා බස්නාහිර හා වයඹ පළාත්වල හමුදා පාලනයක් වැනි පාලනයක් ගෙන යන බවට මන්ත්‍රීවරුන් චෝදනා කර ඇති බවත් වාර්තා වෙයි .
මෙහිදී අදාළ ආණ්ඩුකාරවරුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය ගැන මන්ත්‍රීන් රුසක්ම කරුණු දක්වා ඇති අතර මධුර විතානගේ, සනත් නිශාන්ත, ගාමිණී ලොකුගේ, ඩී. වීරසිංහ, ඩී.බී. හේරත්, ජයන්ත කැටගොඩ යන මැති ඇමතිවරුන් ඒ අතර වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
පළාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් පසු නාගරික කොමසාරිස්වරුන් පත්කිරීමේදී එක් ආණ්ඩුකාරවරයෙක් ක්‍රියා කළ ආකාරය ගැන, රජයේ ප්‍රධාන පෙළේ නිල රාජ්‍ය උත්සවයකට ආණ්ඩුවේ නිලධාරීන් සහභාගි වීම වැළැක්වීමට තවත් ආණ්ඩුකාරවරයෙක් ක්‍රියා කළ ආකාරය ගැන ද චෝදනා නැගූ මන්ත්‍රීන් සාක්ෂි සහිතව කරුණු දක්වා ඇතැයි ද වාර්තා වෙයි.
ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු මේ අයගෙන් එක්තරා ආණ්ඩුකාරවරයකු අමතා රජය වෙනුවෙන් කිසියම් රාජකාරිමය උපදෙසක් ලබා දුන් විට ආණ්ඩුකාරවරයා මට ඔය උපදෙස් වැඩක් නැතැයි ප්‍රතික්ෂේප කළ බවටද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කර ඇත .
එම සිද්ධියට මුහුණදුන් ජනාධිපති උපදේශකවරයාද ඒ මොහොතේ මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමේ රුඳී සිටි බව සඳහන් අතර ඒ ආශු මාරසිංහ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
මේ ප්‍රධාන චෝදනාවලට අමතරව මෙම ආණ්ඩුකාරවරුන් සම්බන්ධව තවත් අතුරු චෝදනා ගණනාවක් සම්බන්ධව මන්ත්‍රීවරු කරුණු දැක්වූහ.
අවසානයේ ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇත්තේ මේ ගැන තවදුරටත් කරුණු විමසා තීන්දුවක් ගන්නා බවය.

Women Plus Bazaar 2023 : ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ !
ශ්‍රී ලාංකීය කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් ප්‍රථම වරට සංවිධානය කරන ලද "Women Plus Bazaar 2023" ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ආරම්භ විය.
කොළඹ පිහිටි ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති කාර්යාලය, කොළඹ මහ නගර සභාව, කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය හා ජාතික ශිල්ප සභාව එක්ව සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි.
දේශීය අත්කම් භාණ්ඩ නිෂ්පාදකයන් සහ කාන්තා ව්‍යවසායිකාවන්ගේ ප්‍රදර්ශන කුටි 200කට වැඩි සංඛ්‍යාවකින් මෙය සමන්විත වූ අතර කාන්තා ව්‍යවසායිකාවන්ට වැඩි ඉඩක් විවෘත කරදී ඔවුන්ගේ වැඩි දායකත්වයක් ලබාගැනීම මෙහිවූ විශේෂත්වයක් විය.
ෂැංග්‍රිලා ග්‍රෑන්ඩ් බෝල් රූම් හි පැවති ප්‍රදර්ශනය නැරඹීමට සහභාගි වූ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි වෙත යමින් නිෂ්පාදකයින් සමඟ සුහද කථා බහක ද නිරත විය.
දේශීය හා විදේශීය පාරිභෝගිකයන් සඳහා මෙවැනි දේශීය අත්කම් භාණ්ඩ අළෙවි කිරීමට ගාල්ල ප්‍රදේශයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා සුදුසු ගොඩනැඟිලි භූමියක් සොයාබලන ලෙස ජනාධිපතිවරයා මෙහිදී කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ට උපදෙස් දුන්නේය.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්, ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති මගීඩ් මොස්ලේ, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල, එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනි කෝන්ගහගේ යන මහත්ම මහත්මීන් සහ විදේශ තානාපති කාර්යාල නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පොදු අපේක්ෂක කළ හැකි රාජපක්ෂවරයෙක් නෑ - ඇමති ප්‍රසන්න
පොදු අපේක්ෂකයෙකු ලෙස මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ඉදිරිපත් කළ හැකි රාජපක්ෂ වරයෙක් නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි .
පොදුජන පෙරමුණේ මීලග ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක් විසින් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ අදහස් පල කර ඇත .
එහිදී ඔහු මෙසේ පවසයි .
‘එහෙම රාජපක්ෂ කෙනෙක් මේ වෙලාවේ නැහැනේ. අනික එය පක්ෂයක් හැටියට ගත යුතු තීන්දුවක්. ඒ වෙලාවට තමයි ඒක බලන්න පුළුවන් වෙන්නේ.
පක්ෂයේ ආශිර්වාදය අරගෙන ඉදිරිපත් වෙන පොදු අපේක්ෂකයා තමයි ඊළඟට මේ රටේ ජනාධිපති බවට පත්වෙන්නේ.
පොදු අපේක්ෂකයෙක් හැටියට ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනෙකුට තමයි අපි උදව් කරන්නේ. මම හිතන්නෙ නැහැ එක්සත් ජාතික පක්ෂයෙන් ඇවිත් රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. අපිත් එක්ක එකතුවෙලා යන කෙනෙකුට තමයි ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ’.
අමාත්‍යවරයා මෙසේ සඳහන් කළද පොදුජන පෙරමුණට සමීප ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වලකින ලෙස පක්ෂය දැනුම්දී ඇති බවයි.
එසේ අදහස් දැක්වීම නිසා පක්ෂයේ අභ්‍යන්තර සමගියට හානි සිදුවන බැවින් එම තීරණය දැනුම්දී ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි .

කෘතිම බුද්ධිය ප්‍රවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බලකායක් !
කෘතිම බුද්ධිය (Artificial Intelligent) භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘතිම බුද්ධිය (Artificial Intelligent) හෙවත් AI තාක්ෂණය රටේ සංවර්ධනයට යොදාගත හැකි අන්දම පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
කෘෂිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය, ධීවර, කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉදිරි දියුණුව සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.
දැනට ශ්‍රී ලංකාවේ පරිගණක තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය හරහා දළ ජාතික ආදායමට වාර්ෂිකව එකතුවන කොටස ඇ.ඩො.බිලියන 1.9ක් පමණ වන බවත්, මෙයින් කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මඟින් උපයන කොටස කොපමණද යන්න හඳුනාගෙන නොමැති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ප්‍රමාණය වෙන් කර හඳුනාගත හැකි විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද අදාල නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එමෙන් කෘතිම බුද්ධිය හරහා දළ දේශීය නිෂ්පාදනට එකතු වන ආදායම ඉදිරි වසර කිහිපය තුළ වේගයෙන් ඉහළ නංවා ගතහැකි ක්‍රියාමාර්ගවලට කඩිනමින් එළැඹීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .
අපගේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ කඩිනමින් දියුණු කළ යුතු ක්ෂේත්‍ර ලෙස කෘෂිකර්ම සහ ධීවර කර්මාන්තය නවීකරණය , සංචාරක ව්‍යාපාරය, සැපයුම් මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම වැනි කරුණු හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව අපි තාක්ෂණික කර්මාන්තය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
අද ලෝකය කෘතිම බුද්ධිය සමඟ ඉදිරියට ගමන් කරන බැවින් ශ්‍රී ලංකාව ද කෘතිම බුද්ධිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි වගේම ඒ සඳහා වැඩිපුර ආයෝජන සිදු කළයුතුයි. එය කිරීමට සිදුවන්නේ පෞද්ගලික අංශය හරහායි. මම අද මෙම සාකච්ඡාව කැඳවීමේ මූලික අරමුණ වුණේ ඒ පිළිබඳ ඔබ සියලුදෙනාගේ අදහස් ලබා ගැනීමයි. ඒ වගේම මෙම වැඩසටහන් ආරම්භ කළ යුත්තේ කෙසේද? එහි වාසි අවාසි මොනවාද? කියා ඔබ සමග සාකච්ඡා කිරීමටයි.
ලබන වසරේ කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය සඳහා රුපියල් බිලියනයක් වෙන් කිරීමට රජය අපේක්ෂා කරනවා. කෘතිම බුද්ධිය රට තුළ දියුණු කිරීමේ දී පළමුව ඊට සරිලන පරිසරයක් අවශ්‍යයි. ඒ සඳහා ආයතනයක් මෙන්ම දත්ත අවශ්‍යයි. එබැවින් මෙම වැඩසටහන් සකස් කළ හැකි අන්දම පිළිබඳ ඔබගේ අදහස් ලබා ගැනීමට මම අපේක්ෂා කරනවා.
ඒ වගේම ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට අපට අවශ්‍යයි. ඉදිරි මාස කිහිපය තුළ අපට ඒ සඳහා දැඩි උත්සාහයක් දැරීමට සිදුවනු ඇතියි. රජය පාර්ශ්වයෙන් මේ වන විටත් ඊට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා.
අපේ රටේ වාර්ෂිකව බිහිවන්නේ ඉංජිනේරුවන් 2500ක් පමණයි. මම යෝජනා කර තිබෙනවා අපට ඉංජිනේරුවන් 10,000ක අවම ඉලක්කයක් තිබිය යුතුයි කියා. කෘතිම බුද්ධිය භාවිතයේ දී අප සිංගප්පූරුව සහ ඉන්දියාව සැළකිල්ලට ගත යුතුයි. නැගෙනහිර ආසියාව, දකුණු කොරියාව, ජපානය සහ චීනය කෘතිම බුද්ධිය සමග ඉදිරියට ගියත් බටහිර ආසියාවේ කිසිදු රටක් තවම එහි නැහැ. ඒ නිසා අපට තවමත් ඉතා පැහැදිළි ක්ෂේත්‍ර තිබෙනවා. ඒ සඳහා අපට උපාය මාර්ග තිබිය යුතු අතර මෙම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එමෙන්ම මේ සඳහා විශ්වවිද්‍යාල පර්යේෂණ අංශ වැඩිදියුණු කිරීම ද ආරම්භ කළ යුතුයි.
තාක්ෂණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිරංජන් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයේ පුළුල් මාදිලියට AI තාක්ෂණය හෙවත් කෘතිම බුද්ධිය ගැළපෙන්නේ කෙසේද යන්න පිළිබඳ මෙහිදී අදහස් පළ කළහ.
මීට අදාළ පර්යේෂණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම එම ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ඉදිරියේදී ගතයුතු පියවර පිළිබඳ සාකච්ඡාවට එක්ව සිටි විද්වත්හු අදහස් පළ කළහ.
ක්‍රමෝපායික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය සහ ශ්‍රී ලංකා කෘතිම බුද්ධි සංගමය, විශ්වවිද්‍යාල සහ ජාතික නවෝත්පාදන ආයතන නියෝජිතයන් මෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විද්වත්හු සාකච්ඡාවට එක්ව සිටියහ.

2022 රාජ්‍ය ආයතන පාඩුව : සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදමට සමානයි !
පාඩු ලබන රාජ්‍ය ආයතන පසුගිය වසරේදී ( 2022) ලැබූ මුළු පාඩුව රුපියල් කෝටි එක්ලක්ෂ දෙදහස් නව සීයක්( බිලියන 1029) බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
එම පාඩු ලැබූ මුදල රජය අධ්‍යාපනයට සහ සෞඛ්‍ය අංශයට වියදම් කරන මුදලට සමාන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙම පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස් අවශ්‍ය දැයි මෙහිදී ප්‍රශ්න කළ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිව්‍යුහගතකරණයෙන් වාසි සැලසෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොව ශ්‍රී ලංකාවේ ජනතාවටම බවද ප්‍රකාශ කළේය.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුන් නිර්ණායක පිළිගනු ලැබුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඒවා මෙම රටට ගැලපෙන පරිදි වෙනස් කිරීමෙන් අනතුරුව බවත් ඒ සඳහා දේශපාලන අධිකාරිය මෙන්ම මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ද සුවිශේෂ කැපකිරීමක් කළ බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල මැදිහත්වීම ප්‍රතික්ෂේප කිරීම යල් පැනගිය අදහසක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

මැයි දිනයට පොලිස් නිලධාරීන් 3500ක් සමග විශේෂ රථවාහන සැලැස්මක්
කම්කරු දිනය නිමිත්තෙන් හෙට (මැයි 1) දිනයෙදී කොළඹ නගරයේ පැවැත්වෙන මැයි දින පෙළපාලි සඳහා පොලිස් නිලධාරීන් 3,500කට ආසන්න සංඛ්‍යාවක් රාජකාරී වෙනුවෙන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මැයි රැලි පැවැත් වීම සඳහා විවිධ දේශපාලන පක්ෂ වෘත්තිය සමිති සංවිධාන කටයුතු සිදු කරමින් පවතින බව ය.
ඒ පිළිබඳව පොලසිය සමග සම්බන්ධීකරණය වෙමින් මේ වන විට කටයුතු සිදු කරන බව තල්දූව කියා සිටියේ ය.
විශේෂ රථවාහන සැලැස්මක්
හෙට දිනය නිමිත්තෙන් පැවැත්වෙන විවිධ දේශපාලන පක්ෂ හා මැයි දින පෙළපාලි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව ද පොලීසිය පවසයි.
ඒ අනුව හෙට නුගේගොඩ, නුවරඑළිය, මහනුවර, හැටන් යන ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනු ඇති බවත්, මහනුවර නගරයේද පෙළපාලි හා රැස්වීම් පැවැත්වෙන අතර, පොලීසිය දැනුම් දෙන්නේ, නගරය හරහා ගමන් කරන රියැදුරන්ට හා මහජනතාවට ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
කොළඹ නගරයේද පෙළපාලි හා රැස්වීම් පැවැත්වෙන අතර එය පහත පරිදි වේ.

අනුරපුර - කන්කසන්තුරෛයි දුම්රිය ගමන් යළි ආරම්භ කරනවා - ඇමති බන්දුල
මාස දෙකක් තුළ අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ගමන් යළි ආරම්භ කරන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේ සිදු කෙරෙන ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
එහිදී තවදුරට ත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා ඇති පැරණි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම මේ වන විට කඩිනමින් සිදු කෙරෙමින් පවතිනවා. මාර්ගය අලුතින්ම සකස් කරමින් නව සිල්පර සහ පීලි අතුරමින් පැයට සැතපුම් 100ක පමණ වේගයෙන් දුම්රිය ගමන් කල හැකි අති නවීන දුම්රිය මාර්ගයක් බවට මෙම මාර්ගය පත් වනවා.
මහව සිට ඕමන්ත දක්වා වන මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රු. කෝටි 3500ක පමණ මුදලක් ආයෝජනය කිරීමට නියමිතයි.පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවත් ලංකාව තුල මේ වන විට සිදු කෙරෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වන්නේද මෙම ව්‍යාපෘතියයි.
දැනටමත් පීලි අතුරමින් නිම වන මෙම කොටසේ වැඩ අවසන් වීමත් සමඟ තවත් මාස දෙකක් තුල කන්කසන්තුරේ දක්වා දුම්රිය ගමන් ආරම්භ කිරීමේ හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.
ඉන් අනතුරුව අනුරාධපුර සිට මහව දක්වා වන දුම්රිය මාර්ගයත් ඉතාමත් කෙටි කාලයක් තුළ නවීකරණ කටයුතු අවසන් කර, කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ඉතාමත් සුවපහසු, කාර්යක්ෂම සහ වේගවත් දුම්රිය සේවාවක් ලබා දීමට අපට හැකියාව ලැබෙනවා. එමෙන්ම යාපනයේ සිට කොළඹට ගමන් කිරීමට ගතවන කාලය පැය එක හමාරක පමණ කාලයකින් අඩු කර ගැනීමටත් මේ සමග හැකියාව ලැබෙනවා.” ලෙස පැවසීය .

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 02 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසීය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටී.
ඉදිරි දින කිහිපයේදී ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

සුඩානයේ සිටි ශ්‍රී ලාංකිකයින් දිවයිනට
සුඩානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඉවත් කළ සුඩාන ජනරජයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයින් 14 දෙනා අද (අප්‍රේල් 30) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සිසිර සෙනවිරත්න විසින් ඔවුන් ගනු ලැබ ඇති අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණ සහ සෞදි අරාබි රජයේ සහය ඇතිව ඔවුන් ඉවත් කර ගැනීමට පහසු වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.
රියාද් සහ කයිරෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සෞදි අරාබියේ රාජකීය රජයේ සහ ඉන්දීය රජයේ බලධාරීන් සමග එක්ව කාර්ටූම්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට කටයුතු කරමින් සිටියි.
ඒ සඳහා නයිරෝබිහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ මස්කට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද සහය ලබා දී තිබේ.
විදේශ කටයුතු අමාත්‍යංශය සුඩාන ජනරජයේ තත්ත්වය අඛණ්ඩව අධීක්ෂණය කරන අතර තවමත් සුඩාන ජනරජයේ සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා ඉල්ලීමක් කළහොත් සහය වීමට සූදානමින් සිටින බව ප්‍රකාශ කර ඇත.

‘ඩිප්ලොමැට්’ වසරේ රාජ්‍යතාන්ත්‍රිකයා සරෝජා
ආසියා හා ඕෂනියා කලාපයන්හි (Asia & Oceania ) වසරේ රාජ්‍යතාන්ත්‍රිකයා ලෙස එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන ලෝක ප්‍රකට ‘ඩිප්ලොමැට්’ සඟරාව විසින් සම්මානයට පාත්‍ර කරනු ලැබීය.
ඩිප්ලොමැට්’ වාර්ෂික සම්මාන ප්‍රදානය ලන්ඩනයේ ‘රෝයල් ඕවර්සීස් ලීගයේ’ පසුගිය 24 වන දා පැවැත්විණි.
පෙර නොවූ විරූ අභියෝග රැසකට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සමයක මෙම සම්මානය ජාත්‍යන්තර තලයෙහි ශ්‍රී ලංකාවට ලැබුණු සම්මානයක් යැයි ද පෞද්ගලිකව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වසර විසිපහක් පමණ වූ තම වෘත්තීය ජීවිතයට ලද පිළිගැනීමක් යැයිද සරෝජා සිරිසේන පැවසුවා ය.
ශ්‍රී ලංකා විදේශ සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන සරෝජා සිරිසේන 1998 වසරේදී විදේශ සේවයට එක්ව තිබෙන අතර, එතැන් සිට මේ දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු, ඇතුළුව දකුණු ආසියානු සහ සාර්ක් අංශයන්හි අධ්‍යක්ෂවරිය වශයෙන් ද ආර්ථික කටයුතු, පොදු රාජ්‍යතාන්ත්‍රිකභාවය යන අංශයන්හි අධ්‍යක්ෂ ජනරාල්වරිය වශයෙන් ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකාව වශයෙන් ද කටයුතු කර ඇත.
එමෙන් ම යුනෙස්කෝහි ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාවේ වැඩ බලන ලේකම්වරිය වශයෙන්ද යුනෙස්කෝහි නිත්‍ය නියෝජිත කණ්ඩායමේ පළමු ශ්‍රී ලංකා ලේකම්වරිය වශයෙන් ද කටයුතු කර තිබෙන සරෝජා සිරිසේන, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇති අතර, ප්‍රංශයේ එකෝල් ජාතික පරිපාලන ආයතනයෙන් පශ්චාද් උපාධියක් ද ලබා තිබේ.
ඇය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ හා දේවි බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකි.
http://www.newstube.lk/news?start=3240#sigProId639a7ff469

ෆවුසිට විනය හරස් වෙයි !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සම්බන්ධ යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු ඒ. එච් එම් ෆවුසි ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර ඇත.
අදාළ යෝජනාව දින තුනක් විවාදයට ගැනීමෙන් අනතුරුව ඊයේ(28) සවස ඒ පිළිබඳ ඡන්ද විමසීම පැවැත්විණ.
එහිදී සමගි ජනබලවේගය පක්ෂය තීරණය කර ඇත්තේ යෝජනාව සම්බන්ධයෙන් ජන්දය දීමෙන් වැලකී සිටීමටය.
ඒ අනුව ඡන්දය විමසන අවස්ථාවේදී එච් එම් ෆවුසි මබ්ග් හැර සමගි ජන බලවේගයේ සෙසු සියලු මන්ත්‍රීවරු සභා ගර්භයේ නොසිටියහ.

පොලිසියේ ඉහළම පුටුවට තරගයක් !
පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර දැඩි තරගයක් මතුව ඇති බව වාර්තා වෙයි .
සීතල යුද්ධයක ස්වරූපයක් ගෙන ඇති මේ තත්ත්වය ඇතිව තිබෙන්නේ වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න ගේ සේවා කාලය ජුනි 26 වැනිදා අවසන්වීමට නියමිත නිසා බවත් වාර්තා වෙයි .
මතුව ඇති තත්ත්වය තුළ ඇතැමුන් පොලිස්පති ධුරය ලබා ගැනීම සඳහා දේශපාලන නායකයන් සමඟ සමීපව සම්බන්ධවෙමින් මේ දිනවල කටයුතු කරමින් සිටින බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේ හැසිරෙන පොලිස් නිලධාරීන් ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු නිලධාරීන්ද සිටින බවත් වාර්තා වෙයි .
සාමාන්‍යයෙන් පොලිස්පති ධුරය හිමි වන්නේ ජේෂ්ඨත්වය අතින් ඉහළින්ම සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටය.
සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පොලිස්පති ධුරය සඳහා සුදුසු නමක් හෝ නම් කිහිපයක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරනු ලැබේ.
ඉන්පසු ඒ සභාවේ අනුමැතියෙන් පසු සුදුසු නම ජනාධිපතිවරයාට නිර්දේශ කෙරෙන අතර ජනාධිපතිවරයා විසින් ඒ අනුව නව පොලිස්පතිවරයා පත් කරනු ලබයි.
කෙසේ වුවත් මෙතෙක් පොලිස්පති ධූරය සඳහා කිසිවකු නම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර නොමැති බවත් වාර්තා වෙයි .

IMF යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ එකඟතාවයට අදාළ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අද (28) පස්වරුවේ පැවැත්වුණි.
ඊට පක්ෂව ඡන්ද 120 ක් සහ විරුද්ධව ඡන්ද 25ක් හිමිවිය.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම පිළිබඳ යෝජනාව වැඩි ඡන්ද 95 කින් සම්මත විය.
ඉන් අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව සම්මත වූ බවය.

IMF කොන්දේසිවලට සජබ විරුද්ධයි : එරාන් හර්ෂ අනාථයි !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමේ කොන්දේසි සමඟ සමගි ජන බලවේගය විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (27) දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් වන අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
“මේ ගිවිසුමේ කොන්දේසිවලට අපි විරුද්ධයි. එකක් දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම, අනෙක් එක අර්ථ සාධක අරමුදල තත්ත්වය. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කළොත්, වත්කම්වල වටිනාකම 30%කින් අඩුවෙනවා. EPF එක ප්‍රතිව්‍යූහගතකරණය කළහොත් EPF වටිනාකම 30%කින් අඩුවෙනවා. මේක දරාගන්න බැහැ“, යනුවෙන් මන්ත්‍රීවරයා කියා සිටියේය.
කෙසේ වුවත් සමගි ජබලවේගය පක්ෂයේ ආර්ථික කාරණා සම්බන්ධව කටයුතු කරන එරාන් වික්‍රමරත්න සහ හර්ෂ ද සිල්වා වැනි මන්ත්‍රීවරුන් මීට වෙනස් ස්ථාවරයක සිට අදහස් දක්වනු දකින්නට ලැබිණ.
කෙසේ වුවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විරෝධය දක්වන්නේ IMF කොන්දේසි සම්බන්ධ සමගි ජන බලවේගය මතය බව පවසමින් බැවින් එරාන්ලාට සහ හර්ෂලාට දැන් සිය ප්‍රතිපත්තිය වෙනස් කරගන්නට වෙයිද යන සැකය මතුවන බව විචාරක මතය වී තිබේ.
Page 181 of 448