ග්ලේන්ෆෝල් දිය ඇල්ල දිත්වාට පෙර දිත්වාට පසු

ග්ලේන්ෆෝල් දිය ඇල්ල දිත්වාට පෙර දිත්වාට පසු

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් පැවති දැඩි වර්ෂාව සහිත අයහපත්  කාලගුණයෙන්  නුවරඑළිය නගරය සමීපයේ පිහිටි  ග්ලේන්ෆෝල් දිය ඇල්ල අවට ප්‍රදේශය දැඩි හානියට ලක්ව තිබේ.

එකල සුන්දර දිය ඇල්ලක් ලෙස ප්‍රකටව පැවති ග්ලේන්ෆෝල් දිය ඇල්ල පසු කාලීනව එහි ඉහළ ජල පෝෂක ප්‍රදේශවල සිදු කරන ලද විවිධ අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් එහි ජල පහරට සහ දිය ඇල්ල අවට පරිසර පද්ධතියට හානි සිදුව ඇති බවත්, දිය ඇල්ල අවට ප්‍රදේශය අවස්ථා කීපයක දී නායයෑම්වලට පවා ලක් වූ බව උඩරට පරිසරවේදීහු පවසති.

මීටර් 10ක පමණ උසකින් සමන්විත ග්ලේන්ෆෝල් දිය ඇල්ල නුවරඑළිය සිංගල් ට්‍රී කඳුවැටියේ සිට පහත කඩා හැලෙන අතර, දිය ඇල්ලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවල සිදුව ඇති පාරිසරික විනාශයන් හේතුවෙන් මෙහි ජලය ඇත්තේ වර්ෂාව පවතින දිනවලදී පමණක් බව ඔවුහු කියති.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් දිය ඇල්ලේ ඉහළ ප්‍රදේශයේ සිට කඩා වැටුණු පස්, ගල්, පස් වැනි විවිධ දෑ හේතුවෙන්  දිය ඇල්ල අවට ප්‍රදේශය දැඩි හානියට ලක්ව ඇතැයි උඩරට පරිසරවේදීහු  පෙන්වා දෙයි.

පින්තූර- දිය ඇල්ල හානියට ලක්ව ඇති අයුරු එක් ඡායාරූපයකින් සහ හානි වීමට පෙර පැවති අයුරු අනෙක් ඡායාරූපයෙන් දැක්වේ.

 

image 5eeff92d58

 


(ada | ශාන් හුලංනුගේ)



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න