Image

ලක්ෂ 31ක අතිකාල වංචාවක්: ආනන්ද පාලිත යළි රිමාන්ඩ්!

ලක්ෂ 31ක අතිකාල වංචාවක්:  ආනන්ද පාලිත යළි රිමාන්ඩ්!

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා රුපියල් තිස්එක්ලක්ෂ එකොළොස් දහසක මුදලක් (රු.3,111,000) වංචා කළැයි කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් එම සංස්ථාවේ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු වන ඩී.ඩී. ආනන්ද පාලිත ලබන 04 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන අද (25) නියෝග කළේය.

සිද්ධියට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළේය.

2015-2019 වර්ෂය අතර කාලය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා වශයෙන් රුපියල් තිස්එක්ලක්ෂ එකොළොස් දහසක මුදලක් වංචා කිරීමට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න