ඇටකුලා කන්ද නායයාමේ අවදානමක !

ඇටකුලා කන්ද නායයාමේ අවදානමක !

උදේනිගම කහටගස්පතන ඇටකුලා කන්ද ඉරිතලා පුපුරා ගොස් නායයාමේ අවදානමක ඇතයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන අද (11)පවසයි.

කන්දකැටිය සහ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට මායිම්ව පිහිටි මෙම උදේනිගම කහටගස්පතන ඇටකුලා කන්දේ තැනින් තැන විශාල ලෙස පැලිම් සිදුව ඇති බවත් වර්ශාවත් සමග කන්ද නායයාමේ දැඩි අවධානමක තිබෙන බවත් හෙතෙම කීය.

මේනිසාවෙන් උදේනිගම අතුකැටිය, කොකටියමලුව, තලාකුඹුර, පිටියකඩේ, බෝගොඩ තලාව විදුහල, උදේනිගම විහාරස්ථානය ඇතුලු පවුල් 200කට පමන අනතුරු දායක තත්වයක් උදා වී ඇති බව ජනතාව සදහන් කලේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිළධාරින් ලවා කඩිනමින් මෙම කන්ද පරික්ෂා කර බලා ලැබෙන වාර්තා උපදෙස් අනුව ජනතාව ඉවත් කිරීමේ ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන වැඩිදුරටත් පැවසීය.

( aruna)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න