ආපදාව සමග ගංවතුර එනවිට සිසුන් 11000ක් පේරාදෙණි සරසවි බිමේ

ආපදාව සමග ගංවතුර එනවිට සිසුන් 11000ක් පේරාදෙණි සරසවි බිමේ

හදිසි ආපදා තත්ත්වය සමඟ ගංවතුර ඇති වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ සිසු සිසුවියන් එකොළොස් දහසක් පමණ (11000) සිටි බවත් ඔවුන් කිසිවෙකුටත් සීරීම් තුවාලයක්වත් සිදු නොවූ බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් ප්‍රකාශ කරයි.

හදිසි ආපදා තත්ත්වය සමඟ නොවැම්බර් 27වැනිදා රාත්‍රී ගංවතුරට පේරාදෙණිය විශ්ව විද්‍යාලය යටවූ බවත් ඒ සමඟම පැයක් ඇතුළත විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල සිටි සියලුම සිසු සිසුවියන් ආරක්ෂිත නේවාසිකාගාරවලට ගෙන ඒමට හැකි වූ බවත් ඊට අමතරව විශ්ව විද්‍යාලයෙන් පරිභාහිර ප්‍රදේශවලද සිටි සිසුන්ද විශ්ව විද්‍යාලය තුළට කඩිනමින් රැගෙන ඒමට කටයුතු කළ බවද උප කුලපතිවරයා පැවසිය..

මෙම සිසු සිසුවියන් එකොළොස් දහස දින 5ක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ ඉතා ආරක්ෂිතව රඳවාගෙන සිටි බවත් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ලබාදීමටද කටයුතු කළ බවත් ඒ සඳහා ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රී ලංකා යුධ හමුදාව, මහමෙව්නාව ඇතුළු ආගමික ස්ථාන, ස්වේච්ඡා සංවිධාන ඇතුළු ආයතන කිහිපයක්ම ඉදිරිපත් වූ බවද උප කුලපතිවරයා සඳහන් කළේය.

මහනුවර නගරයට ඇතිවූ හදිසි ආපදා තත්ත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය යම් මට්ටමකට ආරක්ෂිතව පැවතියද විශ්ව විද්‍යාලයෙන් බාහිර ප්‍රදේශ අවදානමට ලක්වීමට ඉඩ ඇති නිසා විශ්ව විද්‍යාලය තුළම මෙම දරුවන් එකොළොස් දහස ඉතා පරිස්සමට රඳවාගෙන සිටි බවද උපකුලපතිවරයා පැවසිය.

දින පහක් විශ්ව විද්‍යාලය තුළ ආරක්ෂිතව රඳවාගෙන සිටි මෙම සිසු සිසුවියන් එකොළොස් දහස ඉන් අනතුරුව බස් රථ යොදා ඔවුන්ගේ ගෙවල්වලට පිටත් කිරීමට හැකි වු බවත් මෙම ආපදාවෙන් කිසිඳු ආකාරයකින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කිසිඳු සිසුවෙකුට අනතුරක් සිදු නොවීම ගැන තමා සතුටට පත්වන බවත් මෙම දරුවන් ආරක්ෂිතව රැක බලා ගැනීමට සහය දුන් සියලු දෙනාටම තමා ස්තුති වන්ත වන බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් වැඩිරදුරටත් ප්‍රකාශ කළේය.

(hirunews)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න