හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.
ඒ පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ඔහුට පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කරන ලෙස කර තිබු ඉල්ලීමකට අදාළ නඩු කටයුත්තක් සඳහායි.
අදාළ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය අද (25) ප්‍රකාශයට පත් කරන බව මෙම නඩුව ඉකුත් දා කැඳවු අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබුණි.
ඒ අනුව, සිද්ධියට අදාල නඩුව කැඳවිමට නියමිතයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
