පුවත්

පොලිස්පතිව අභියාචනාධිකරණයට කැඳවයි !
සාමකාමී අරගලකරුවන් රැදීසිටි බව කියන ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අභියාචනාධිකරණය අද (31) පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න ට නියම කළේය.
අභියාචනාධිකරණය මෙසේ නොතිසි නිිකුත් කර සිටියේ 2022 මැයි 09 වැනිදා ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිසිය වගකිව යුතු බවට මානව හිමිකම් කොමිසමද නිර්දේශ කොට ඇතැයි කියමින් ක‍්‍රියාකාරී අරගලකරුවකු ගොනුකර තිබූ රිට් පෙත්සමක් සළකා බැලීමන් අනතුරුව ය.
මෙසේ නොතීසි නිකුත්කර සිටියේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන සැදුම්ලත් විනිසුරු මඩුල්ල විසිනි.
ක‍්‍රියාකාරී අරගලකරුවකු වන ජනක් එස්. විතාරණ ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතවරයා සහ නීතිපතවරයා, ඇතුළු පිරිසක් නම් කොට ඇත.
2022 මැයි 09 වැනිදා ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ ක‍්‍රියාකාරී අරගලකරුවකු වශයෙන් කටයුතු කළැයයි කියන පෙත්සම්කරු සංවිධානාත්මක පිරිසක් පැමිණ අරගල භූමියට පහරදී ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා කළත් පොලිසිය එය වළක්වා ගැනීමට නිසි පියවර නොගත් බව පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කොට ඇත.
පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල රිට් පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළේය.

ජාතික ගීතය වෙනස්කර ගැයුවාද ? පරීක්ෂණයක් !
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අවධානය යොමුකර ඇති බව වාර්තා වෙයි.
එම අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ ජාතික ගීය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවය.
එය අනුමත කළ නොහැකි හෙයින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක පවසයි.
ජාත්‍යන්තර අවධානය යොමු වන වැඩසටහනකදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම කනගාටුවට කරුණක් බවත් ලේකම්වරයා අවධාරණය කරයි.

QR කේතය නිසා ඉන්ධන පරිභෝජනයේ අඩුවක් !
කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් පසුව මෙරට මාසික ඉන්ධන පරිභෝජනය සියයට 50 කින් අඩු වූ බවත් එමගින් ඉන්ධන ආනයනික වියදම අඩුකරගැනීමට හැකිවූ බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රට ඩොලර් අර්බුදයකට ලක්ව සිටි අවස්ථාව කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් ලැබුණු වාසිය හේතුවෙන් වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් යෙදවීමට හැකි වූ බවද ඛනිජ තෙල් සංස්ථාව එම නිවේදනයේ සඳහන් කර ඇත.
කිව්.ආර් කේතය හදුන්වාදී වසරක් සම්පූර්ණ වන විට වාහන ලක්‍ෂ 65 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ඇණහිටිණු ජපන් ව්‍යාපෘති යළි ඇරඹීමේ තීන්දුවක් !
ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි (FUJIMARU Satoshi) සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ (YAMAMOTO Koza) මහතා අද (31) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.
ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර ඇති, දැනට අතරමඟ නවතා තිබෙන සංවර්ධන ව්‍යාපෘති ජනතාවට ප්‍රතිලාභ අත්වන අන්දමින් යළි කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු, එම සියලු ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවට පැමිණි අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරින් ද සම්බන්ධ කර ගනිමින් අදාළ ව්‍යාපෘති පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට ද තීරණය කෙරිණි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකි (Mizukoshi Hideaki) මහතා ඇතුළු ජපාන නියෝජිත පිරිස සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන අය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කුකුළු මස් ආනයනයට අවසර
කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් පිටරටින් ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මේ බව පැවසීය.
පසුගිය 27 වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම පිළිබඳ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ කුකුළු මස් වෙළෙඳපොළේ පවතින අධික මිලගණන් හේතුවෙන් ඇතිවී තිබෙන ජනතා පීඩාව අවම කිරීම සඳහා රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවය.
මෙම තීරණය මගින්ද කුකුළු මස් වෙළෙඳපොළේ මිල පාලනයක් සිදුනොවුනහොත් ඉදිරියේදී පරිභෝජනයට අවශ්‍ය කුකුළුමස් ආනයනයට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
එසේම ඉදිරියේදී නිෂ්පාදනය වැඩිකිරීම හරහා රටේ ජනතාවට දරාගත හැකි මිලකට කුකුළු මස් සහ බිත්තර ලබාදීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙසටද එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කෘෂිකර්ම බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම 97%ක් සාර්ථකයි!
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු වටයේ ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ අනුව, ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලැබූ ඩොලර් මිලියන 814.7ක සංවර්ධන බැඳුම්කර වලින් ඩොලර් මිලියන 791.4ක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම්පත් ලැබී ඇති අතර එම අයදුම්පත් සියල්ල ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන තිබෙනවා. මෙය 97.1%ක සාර්ථකත්වයක්.
නිකුත් කර තිබුණු ඩොලර් මිලියන 837.6ක සංවර්ධන බැඳුම්කර වලින් තනි පුද්ගල ආයෝජකයින් සතු කොටස ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසුකම් ලැබුවේ නැහැ. එම ප්‍රමාණය ඩොලර් මිලියන 22.9ක් හෙවත් මුළු ප්‍රමාණයෙන් 2.7%ක්. එම ප්‍රමාණයද සැලකිල්ලට ගතහොත් ප්‍රතිව්‍යුහගත කෙරෙන සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 94.5%ක්.
සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම් කිරීමේදී ණයහිමියන්ට විකල්ප තුනක් ලැබුණා. මේ එක් එක් විකල්පය තෝරාගෙන ඇති ප්‍රතිශතය තවමත් ප්‍රසිද්ධ කර නැහැ. එමෙන්ම, කිසිදු විකල්පයක් තෝරා ගෙන නැති 3%කට ආසන්න ණයහිමියන් කවුද යන්නත් පැහැදිලි නැහැ. මොවුන් බොහෝ විට විදේශ ණයහිමියන් විය හැකියි. ඔවුන්ට මුල් ගිවිසුමේ කොන්දේසී අනුව ඔවුන්ගේ මුදල් ආපසු නොලැබෙන බැවින් රජයට එරෙහිව නඩු මගට යාමේ අරමුණක් නැත්නම් මෙය තාර්කික නොවන තීරණයක්. එහෙත්, විවිධ හේතු මත මෙවැනි අවස්ථාවකදී 3%ක් වැනි පිරිසක් තාර්කික නොවන ලෙස කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයක්.
භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම් කළ හැකි කාලය අගෝස්තු 11 දක්වා කල් දමා ඇති අතර අගෝස්තු 16 දින ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමට නියමිතයි.
ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි

තර්ජන සහ බලපෑම් නිසා SIU ලොක්කා රට හැර යයි !
පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ (එස්.අයි.යූ) හි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහට එල්ල වී තිබෙන බලපෑම් හා තර්ජන හේතුවෙන් ඔහු සිය පවුල සමඟ රට හැර යාම සඳහා ප්‍රබල විදේශීය රටකින් වීසා ලබාගෙන ඇතැයි දේශයට වාර්තා වෙයි.
විශේෂ විමර්ශන අංශ අධ්‍යක්ෂවරයා තමන්ට එල්ල වී ඇති තර්ජන හා බලපෑම් නිසා පසුගියදා මෙතෙක් තමන් දැරූ පොලිස් විශේෂ විමර්ශන අධ්‍යක්ෂ තනතුරින් පර්යේෂණ හා සංවර්ධන අංශයේ ප්‍රධානියා ලෙස ස්ථාන මාරුවක්ද ලබාගෙන ඇත.
කෙසේවෙතත් පවත්නා තත්ත්වය අනුව ඔහු අද හෙටම සියලු තනතුරුවලින් ඉවත්ව විදේශගත වනු ඇති බව ප්‍රබල මානව හිමිකම් සංවිධානයක ප්‍රධානියෙක් දේශයට පැවසීය.
පසුගිය කාලයේ මෙරට මහත් ආන්දෝලනයට ලක්වූ පාස්කු බෝම්බ ප්‍රහාරය ඇතුළු ප්‍රබල අපරාධ ගණනාවක් ගැන විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයකු වන වික්‍රමසිංහ මහතා රට හැර යාමට තුඩු දුන් සිදුවීම් සම්බන්ධව ඉදිරියේදී ජාත්‍යන්තරයට පැමිණිලි කරන බවද මේ ගැන දේශයට කරුණු දැක්වූ මානව හිමිකම් සංවිධාන ප්‍රධානියා ප්‍රකාශ කළේය.
- deshaya

ලෝක නායකයන්ගේ සහය ගැනීමේ සයන්ස් එක ගැන සිරිසේන කියයි !
ලෝකයේ රාජ්‍ය නායකයන්ගෙන් සහයෝගය ගැනීම එක්තරා කලාවක් බවත් බණ්ඩාරනායක මැතිණියගෙන් පසු ලෝකයේ රටවල් සමග ප්‍රබල සබඳතා පවත්වාගෙන ගිය එකම රාජ්‍ය නායකයා තමන් බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසයි .
තමා ලෝකයේ සියලුම නායකයන් සමග දැඩි සබඳතාවක් පවත්වාගෙන යමින් රට ගොඩනැගීමට ඒ අයගෙන් උදව් ලබාගත් බවද බවද ඔහු සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙසේද පැවසීය .
ADB වෙන්න පුළුවන් IMF වෙන්න පුළුවන්. World BaBank වෙන්න පුළුවන්. ඒ හැම දෙනාගෙන්ම උදව් ගැනීම වගේම ලෝකයේ සියළුම රාජ්‍ය නායකයන්ගෙන් සහයෝගය ගැනීම එක්තරා කලාවක්. ඒ වගේම ඒක විද්‍යාවක්. මම ගොඩක් ආඩම්බරයෙන් කියනවා, බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ මම තමයි ලෝකයේ සෑම රටක් එක්කම දැඩි සබඳතාවක් තියාගෙන රට ගොඩනගන්න ඒ අයගෙන් උදව් ගත්තේ. ඒ ගැන මම ඕනෑම කෙනෙක් එක්ක තර්ක කරන්න වුණත් සූදානම්. ඔප්පු කරල පෙන්නන්නත් සූදානම්.
මම චීනයෙන් ඇමරිකාවෙන් යුරෝපයෙන් ජපානයෙන් ජර්මනියෙන් වගේම ඉන්දියාවෙනුත් සහයෝගය ගත්තා. ඉතින් ඒ සහයෝගය ගන්න එකේ ක්‍රමයක් තියෙනවා. මම ගියේ ඒ ක්‍රමයට. ලංකාවේ ඉන්න ඉහළම දේශපාලඥයන් ගැන තානාපති කාර්යාලවල ෆයිල් එකක් තියෙනවා.

විගණනකාධිපතියේ අකුණු සන්නායක කම්බි හොරුන් මාට්ටු !
ජාතික විගණාධිපති දෙපාර්තමේන්තුව හා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පිහිටා තිබෙන බත්තරමුල්ල පොල්දූව හන්දියේ ගොඩනැගිල්ලේ භූගතව සවිකර තිබෙන අකුණු සන්නායක වයර් සහ තඹ කම්බි කපා සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.
අත්අඩංගුවට ගනුලැබූ සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කරයි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම සැකකරුවන් තඹ කම්බි කපා ඇත්තේ ජල ටැංකියකට ආරක්ෂාවට යොදා තිබෙන වයර් වලින් බව ද පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් සමග සොරාගත් රුපියල් ලක්ෂ 21 ක් පමණ වටිනා අකුණු සන්නායක වයර් සහ තඹ කම්බි රාජගිරිය පරණ අබලි ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථානයට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
ජාතික විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරී වරයෙකු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් ලක්ෂ විසි එකක් පමණ වටිනා එම ජායාරූපය සැකකරුවන් විකුණා ඇත්තේ රුපියල් ලක්ෂ අටක 8 ක පමණ මුදලකට බව පොලිස් නිලධාරියකු පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 සහ 24 පසුවන රාජගිරිය පදිංචි තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ය.

රට පුරා අයිස් වැස්සක් !
අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධයෙන් දහඅට දහස් නවසිය පනස් පහකට පසුගිය වසරේදී නඩු පවරා ඇති අතර ඉන් වැරදිකරුවන්වූ සංඛ්‍යාවදාහත් දහස් නවසිය පනස් පහක් බව පොලිස් මූලස්ථානයේ 2022 වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.
එසේම අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධ සිද්ධි විසි දහස් එකසිය පහක් පසුගිය වසරේදී වාර්තාවී ඇති අතර එය
වාර්තාගත ඉහළ යෑමක් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි .
තවද පසුගිය වසරේ දී අත්අඩංගුවට ගැනුණු අයිස් මත් ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 253 කට ආසන්නය.
එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ වැඩිදෙනා අඩු වයස්වල පසුවේ.
මේ අතර බාබුල් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සම්බන්ධයෙන්වූ සිද්ධි 97ක් පසුගිය වසරේදී වාර්තාවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ අනූ හත් දෙනාටම නඩු පවරා ඇති අතර ඉන් අනූ එක් දෙනෙක් වැරදිකරුවන්ව ඇත.

රුපියල අවප්‍රමාණයවීම තාවකාලිකයි - මුදල් රාජ්‍ය ඇමති
පසුගිය දින කිහිපය තුළ රුපියල අවප්‍රමාණය වීම තාවකාලිකව ඇතිවූ තත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ඉල්ලුම හා සැපයුම මත එහි වටිනාකම තීරණය වීමට ඉඩ ලබා දුන් බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඔහු මේ බව සඳහන් කළේ, මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“අපි ඩොලරයට හා රුපියලට ඉල්ලුම සැපයුම මත වටිනාකම තීරණය වෙන්න ඉඩ දීලා තියෙනවා. අපි දකිනවා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඩොලර් මිලියන 750ක් විතර තිබුණා. දේශීය ණය ප්‍රතිව්‍යගතකරනයේදී සංවර්ධන බැඳුම්කරවල වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවන්න කටයුතු කරන්න කියන එකට තමයි එකඟ වුණේ. ඩොලර් තැන්පතුවලින් තමයි ඔවුන් මේක මිලදී ගත්තේ. එතකොට තැන්පතුකරුවන්ට අවශ්‍ය කාලයේදී බේරීම සඳහා මේ ප්‍රමාණය ඩොලර් රැස් කර ගන්න බැංකුවලට යම් අවශ්‍යතාවයක් පැන නගිනවා. ඒ නිසා බැංකු මෙතෙක් තමන්ට ලැබුණු ඩොලර් වෙළෙඳපොළට මුදාහැරීම යම් ප්‍රමාණයකට සීමා කරන්න පුළුවන් මේක රැස් කර ගැනීම සඳහා. ඒ වගේ ම වෙළෙඳපොළෙන් යම් ප්‍රමාණයක් ගන්න පුළුවන්. මෙන්න මේ කාරණා එක්ක රුපියල අවප්‍රමාණය වීම හා ඩොලරයේ අගය වැඩිවීම සිදුවුණේ පසුගිය දින කිහිපය තුළ. මේ තත්ත්වය ඉල්ලුම සැපයුම මත ඇති වුණ තාවකාලික තත්ත්වයක්.”
මේ අතර, ආර්ථික අර්බුදය හේතුවෙන් නවතා දැමුණු සංවර්ධන ව්‍යාපෘති 63ක් මේ වසර අවසානයට පෙර අවසන් කිරීමට රජය පියවර ගෙන තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වසර 2030 වනවිට තවත් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 261ක් නිම කිරීමට ද සැලසුම් කර ඇති බව ය.

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවයි
කරාතේ දෝ ක්‍රීඩාව සඳහා ජාතික සංගමය වන ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව එම සංගමයේ කටයුතු තාවකාලිකව තවදුරටත් සිදුකරගෙන යාම සඳහා 09 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සඳහා එහි විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා නිලවරණ කමිටුවක් පත් කිරීම, නිලවරණය කැඳවීම හා පැවැත්වීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ සිදුකිරීමට බලය පවරන බවද ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ප්‍රංශ ජනපතිත් දිවයිනට ඇවිත් යයි
ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්ක්‍රෝන් මහතා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඒ, සිය පැපුවා නිව්ගිනි සංචාරය අවසන් කරමින් ය.
ඊයේ රාත්‍රී 11.35 ට පමණ ප්‍රංශ රජයට අයත් ගුවන් යානා 3කින් ජනාධිපතිවරයා ඇතුළු දූත මණ්ඩල පිරිස කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
මෙම පිරිස පිළිගැනීමට සහ ඔවුන් සමග සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව සඳහන් ය.
ගුවන් තොටුපොළ වාර්තාකරුවන් සඳහන් කළේ, ප්‍රංශ ජනාධිපතිවරයා ඇතුළු පිරිස පැය 03 කට ආසන්න කාලයක් ගුවන් තොටුපොළ පරිශ්‍රයේ රැදී සිට පසුව අලුයම 01.44 ට නවැත ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගිය බවයි.

ජපාන විදේශ ඇමති ජනපති හමුවේ
ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
විදේශ අමාත්‍යවරයා ගුවන්තොටුපොලේදී පිළිගැනීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
ඉන් අනතුරුව සුහද සාකච්ඡාවක්ද පැවැත්වුණි.
ජපාන විදේශ අමාත්‍යවරයා අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.
එමෙන්ම තවත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කිහිපයකට ඔහු එක්විමට ද නියමිතය. ජපානය සමඟ නැවත ආයෝජන ප්‍රවර්ධනය කිරීමට මෙමගින් අවස්ථාව උදාවෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි .

සංහිඳියා ක්‍රියාවලියට බාධාවක් : සීමා නීර්ණ වාර්තාව පැත්තකට !
සීමා නිර්ණ කමිටු වාර්තාවට අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි .
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ එම වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය සංහිඳියා ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල වන බවයි.
එමගින් පළාත් පාලන ආයතන තවදුරටත් ගැටලුකාරි තත්ත්වයට පත්වනු ඇති බවත් අමාත්‍යවරයා පවසයි .
මෙම සීමා නීර්ණ කමිටු වාර්තාව සකසනු ලද්දේ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ගේ ප්‍රමුඛත්වයෙන් බවත් වාර්තා වෙයි .

ජනපති ගත්තේ ජනප්‍රිය නැතත් නිවැරදි තීන්දුවක් !
ජාතික සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් දරන ප්‍රයත්නයේ එක් පියවරක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය පොලිස් බලතල රහිතව බලාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර ඇති යෝජනාව ජනප්‍රිය නොවුණත්, රටේ අනාගතය වෙනුවෙන් ගත් සුබවාදී තීරණයක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පැවසීය.
එසේම අරගලයේ නිරත වූ තරුණ පිරිස් අපේක්ෂා කළ නව දේශපාලන ගමනක ආරම්භය ලබාදීමට විශාල අවදානමක් හමුවේ වුවත් මෙම තීරණය ගෙන තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මෙම අදහස් පළ කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය පිළිබඳ නැවත වරක් ජාතික වශයෙන් කතිකාවතක් ආරම්භ වී තිබෙනවා. හිටපු ජනාධිපතිවරුන් හත් දෙනාම අත නොගැසූ කාර්යයකට වත්මන් ජනාධිපතිතුමා හදිසියේම යොමු වුණේ ඇයි කියා ඇතැමුන් ප්‍රශ්න කරනවා. එය සාවද්‍යයි. ඉතිහාසයේ සිටි සියලුම ජනාධිපතිවරුන් මේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කළා. දැන් අප පිවිස සිටින්නේ ප්‍රශ්චාත් අරගල සමයකටයි.
මම අරගලයේ සටන්කරුවෙක් නෙමෙයි. නමුත් අරගලයෙන් පැනනැඟුණු ස්වරය ඉතා පැහැදිලියි. තවදුරටත් පුරවැසියා හා රාජ්‍යය අතර සම්මුතිය අලුත් නොකර මේ රට පාලනය කළ නොහැකියි. ඒ බව මේ රටේ ජනතාව මෙන්ම මේ රට භාර ගන්න සිටින තරුණ ප්‍රජාව විසින් ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. රාජ්‍යය අලුත් කිරීමට නම්, එහි සියලුම පුරවැසි අභිලාෂ, දේශපාලන අභිලාෂ සහ සමාජ අවශ්‍යතා ඉටු කිරීම රාජ්‍යයක වගකීම වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අවස්ථාවේදී සිදු කරන්නේ ජනප්‍රිය වැඩක් නොවෙයි. මැතිවරණයක් ආසන්නව තිබෙන බව කවුරුත් දන්නවා. මැතිවරණයක් ආසන්න වන විට සාමාන්‍යයෙන් සිදුකරන්නේ ජනප්‍රිය තීන්දු තීරණ ගැනීමයි. එහෙමනම් එතුමා මේ අවස්ථාවේ සිදුකළ යුතුව තිබෙන්නේ පාන්, පරිප්පු, ගෑස්, විදුලිය නොමිලේ ලබාදීමයි. නැතිනම් එවැන්නක් ලබාදෙන බවට පොරොන්දු ලබාදීමයි. එසේත් නොමැති නම් ජාතිවාදය හෝ ආගම්වාදය ඇවිස්සීම සඳහා සෘජුව හෝ වක්‍රව ව්‍යාපාර ආරම්භ කරවීමයි.
මගේ මේ කෙටි දේශපාලන කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශාල අවදානමක් අරගෙන මෙවැනි කතිකාවතකට මුලපිරීම සම්බන්ධයෙන් පුදුම වෙනවා. මා දකින විදිහට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තිබෙන ගැඹුරු විශ්වාසයක් ජනාධිපතිතුමා තුළ තිබෙනවා. ජනප්‍රිය නොවුණත්, හරි දේ කළ යුතුයි. මේ ප්‍රශ්නය ඊළඟ පරම්පරාවට භාර නොදී අපි විසඳාගත යුතුයි කියන බලාපොරොත්තුව ඇතුවයි එතුමා මේ කර්තව්‍යය ආරම්භ කළේ.
පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විමසා සිටියා ඔබට 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යද කියා. එය දශක කිහිපයක් තිස්සේ ව්‍යවස්ථාවේ කොටසක් බවට පත්ව තිබෙන බවත් එහිදී පෙන්වා දුන්නා. උතුරු පළාත් සභාවට පමණක් වසරකට රුපියල් බිලියන 300ක පමණ ප්‍රතිපාදන වෙන් කරනවා. එපමණ මුදලක් වියදම් කරමින් පළාත් සභාව නඩත්තු කිරීම අර්ථවත්ව සිදුවෙනවාද කියන ප්‍රශ්නය අප ඉදිරියේ තිබෙනවා.
ඒ වගේම දේශපාලනිකව එය පිළිගන්නේ නැති නම් පාර්ලිමේන්තුව මැදිහත්ව එය අහෝසි කළයුතු බවත් ජනාධිපතිතුමා පැහැදිලිවම ප්‍රකාශ කළා. දෙමළ දේශපාලන ප්‍රභූ පැළැන්තිය අතර ද අසමගියක් තිබෙනවා. ඔවුන් විවිධ මත දරණවා. ඇතැමුන් ෆෙඩරල්වාදයෙන් තොරව කිසිදු විසඳුමක් පිළිනොගෙන සාකච්ඡාවෙන් බැහැරව සිටිනවා. ඇතැමුන් විසඳුමක් ඉල්ලා සිටි විට ඒ වෙනුවෙන් කටයුතු නොකර සිටිනවා. ඉතින් ඔවුන්ගේ සද්භාවය ඒ ජාතියට ගැටලුවක්ව තිබෙනවා.
එසේ නම් මේ සම්බන්ධව සංවාදිත ප්‍රජාතන්ත්‍රවාදයකට යොමුවිය යුතුයි. මේ වන විටත් යෝජනා කර ඇති ආකාරයට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ යුතුයි. එය තවදුරටත් කල්දැමිය යුතු නැහැ. මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ අන්දමට 13+ අවශ්‍ය බව යෝජනා කරන පක්ෂ ද සිටිනවා. පළාත් සභා ඡන්දය කල්දමා මේ මොහොත වන විට වසර හතකට ආසන්න කාලයක් ගතව තිබෙනවා. එසේ නම් ඒ මැතිවරණය පැවැත්විය යුත්තේ මේ ගැටලුව නිරාකරණය කරගෙනයි.
13 වන ව්‍යවස්ථා සංශෝධනයේ පවතින සියලු බලතල ලබා දෙනවාද කියන ප්‍රශ්නය මතුකර තිබෙනවා. පොලිස් බලතල ලබාදිය යුතුද යන්න ගැන සංවාදයක් තිබෙනවා. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පොලිස් බලතල සඳහන්ව තිබුණත් එකිනෙකා අතර ඇති සැක සංකා හේතුවෙන් එය ක්‍රියාත්මක කර නැහැ. ඒ නිසා රාජ්‍යය සහ පුරවැසියා අතර තිබෙන අලුත් සම්මුතියේ කතිකාවතක් අද දෙමළ ජනතාවට ද අවශ්‍යව තිබෙනවා.
හිටපු ආණ්ඩුකාරවරයෙක් ලෙස මම දන්නවා දෙමළ කතා කරන ජනතාවගේ 95%කගේ ප්‍රශ්නය තමයි දෛනික ජීවත් වීමේ අරගලය. පානීය ජලය, සෞඛ්‍යය, පාසල්, ප්‍රවාහනය , ආරක්ෂාව, ආර්ථිකය ගැන ප්‍රශ්න ඔවුන්ට තිබෙනවා. එය විසඳිය යුතුයි. ඒ වගේම දෙමළ නායකයන් අතරද ප්‍රශ්න තිබෙනවා. නමුත් ඔවුන් අතර තිබෙන එම විරසකය අප දේශපාලන වාසි ලබා ගැනීමට භාවිතා නොකළ යුතුයි. මෙහිදී වැදගත් වන්නේ දෙමළ ජනයාගේ හදවත් දිනා ගැනීමට කටයුතු කිරීමයි.ති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විමසා සිටියා ඔබට 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යද කියා. එය දශක කිහිපයක් තිස්සේ ව්‍යවස්ථාවේ කොටසක් බවට පත්ව තිබෙන බවත් එහිදී පෙන්වා දුන්නා. උතුරු පළාත් සභාවට පමණක් වසරකට රුපියල් බිලියන 300ක පමණ ප්‍රතිපාදන වෙන් කරනවා. එපමණ මුදලක් වියදම් කරමින් පළාත් සභාව නඩත්තු කිරීම අර්ථවත්ව සිදුවෙනවාද කියන ප්‍රශ්නය අප ඉදිරියේ තිබෙනවා.
ඒ වගේම දේශපාලනිකව එය පිළිගන්නේ නැති නම් පාර්ලිමේන්තුව මැදිහත්ව එය අහෝසි කළයුතු බවත් ජනාධිපතිතුමා පැහැදිලිවම ප්‍රකාශ කළා. දෙමළ දේශපාලන ප්‍රභූ පැළැන්තිය අතර ද අසමගියක් තිබෙනවා. ඔවුන් විවිධ මත දරණවා. ඇතැමුන් ෆෙඩරල්වාදයෙන් තොරව කිසිදු විසඳුමක් පිළිනොගෙන සාකච්ඡාවෙන් බැහැරව සිටිනවා. ඇතැමුන් විසඳුමක් ඉල්ලා සිටි විට ඒ වෙනුවෙන් කටයුතු නොකර සිටිනවා. ඉතින් ඔවුන්ගේ සද්භාවය ඒ ජාතියට ගැටලුවක්ව තිබෙනවා.
එසේ නම් මේ සම්බන්ධව සංවාදිත ප්‍රජාතන්ත්‍රවාදයකට යොමුවිය යුතුයි. මේ වන විටත් යෝජනා කර ඇති ආකාරයට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ යුතුයි. එය තවදුරටත් කල්දැමිය යුතු නැහැ. මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ අන්දමට 13+ අවශ්‍ය බව යෝජනා කරන පක්ෂ ද සිටිනවා. පළාත් සභා ඡන්දය කල්දමා මේ මොහොත වන විට වසර හතකට ආසන්න කාලයක් ගතව තිබෙනවා. එසේ නම් ඒ මැතිවරණය පැවැත්විය යුත්තේ මේ ගැටලුව නිරාකරණය කරගෙනයි.
13 වන ව්‍යවස්ථා සංශෝධනයේ පවතින සියලු බලතල ලබා දෙනවාද කියන ප්‍රශ්නය මතුකර තිබෙනවා. පොලිස් බලතල ලබාදිය යුතුද යන්න ගැන සංවාදයක් තිබෙනවා. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පොලිස් බලතල සඳහන්ව තිබුණත් එකිනෙකා අතර ඇති සැක සංකා හේතුවෙන් එය ක්‍රියාත්මක කර නැහැ. ඒ නිසා රාජ්‍යය සහ පුරවැසියා අතර තිබෙන අලුත් සම්මුතියේ කතිකාවතක් අද දෙමළ ජනතාවට ද අවශ්‍යව තිබෙනවා.
හිටපු ආණ්ඩුකාරවරයෙක් ලෙස මම දන්නවා දෙමළ කතා කරන ජනතාවගේ 95%කගේ ප්‍රශ්නය තමයි දෛනික ජීවත් වීමේ අරගලය. පානීය ජලය, සෞඛ්‍යය, පාසල්, ප්‍රවාහනය , ආරක්ෂාව, ආර්ථිකය ගැන ප්‍රශ්න ඔවුන්ට තිබෙනවා. එය විසඳිය යුතුයි. ඒ වගේම දෙමළ නායකයන් අතරද ප්‍රශ්න තිබෙනවා. නමුත් ඔවුන් අතර තිබෙන එම විරසකය අප දේශපාලන වාසි ලබා ගැනීමට භාවිතා නොකළ යුතුයි. මෙහිදී වැදගත් වන්නේ දෙමළ ජනයාගේ හදවත් දිනා ගැනීමට කටයුතු කිරීමයි.

එජාප උතුරු කොළඹ ආසන බලමණ්ඩලය පිහිටුවීම හෙට
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ දියත්කර ඇති උතුරු කොළඹ ආසන බලමණ්ඩලය පිහිටුවීම හෙට (29) යෙදී ඇත.
ඒ අනුව උතුරු කොළඹ ආසන බලමණ්ඩල රැස්වීම 2023 ජුලි මස 29 වැනි සෙනසුරාදා සවස 3.30ට මෝදර බොනයිස්ටා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. පැවැත්වේ.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම රැස්වීම එක්සත් ජාතික පක්ෂය යළි බලවත් කරන , ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ වැටුණු රට යළි ගොඩනගන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළ සක්‍රීය කරන ඓතිහාසික පියවරක් තැබීමේ කටයුත්ත ශක්තිමත් කරන ගමනක ඇරඹුමක් කිරීම වෙනුවෙන් පියවර තැබෙනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වන ශ්‍රී ලාංකික බාලදක්ෂයෝ ජනපති හමු වෙති
දකුණු කොරියාවේ පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
එමෙන්ම 2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත 10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.
25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය 2023 අගෝස්තු මස 01වන දා සිට 12වන දා දක්වා දකුණු කොරියාවේ Saemangeum හි දී ලොව පුරා බාලදක්ෂ බාලදක්ෂිකාවන් 50,000කගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලදක්ෂ බාලදක්ෂිකාවන් හා නායක නායිකාවන් 177 දෙනෙකු පමණ ඊට එක්වීමට නියමිතය.
ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට මෙහිදී සිය සුබපැතුම් එක් කළ ජනාධිපතිවරයා සඳහන් කළේ 2048 වන විට ශ්‍රී ලංකාවද දකුණු කොරියාව වැනි දියුණු රටක් බවට පත් කිරීම රජයේ අරමුණ බවත් මෙම සංචාරයේ දී ලබන අත්දැකීම් රටේ අනාගතය වෙනුවෙන් ද දායක කර ගැනීමට සියලුදෙනා ක්‍රියා කළයුතු බවත්ය.
ආත්ම විශ්වාසයෙන් යුතු සහ අභියෝගවලට මුහුණදිය හැකි ශක්තිමත් අනාගත පරපුරක් ගොඩනැඟීමට බාලදක්ෂ ව්‍යාපාරයෙන් ලැබෙන දායකත්වය අගය කළ ජනාධිපතිවරයා එම පුහුණුව රටේ අනාගතය වෙනුවෙන් ඵලදායීව යොදාගන්නා ලෙස ද බාලදක්ෂ බාලදක්ෂිකාවන්ගෙන් ඉල්ලා සිටියේය.
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් අනුව මෙරට බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජික සංඛ්‍යාව ලක්ෂයක ඉලක්කය පසුගියදා සම්පූර්ණ කළ බවයි.
මෙහිදී ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමේ නායක, ජාත්‍යන්තර කොමසාරිස්, විශේෂඥ වෛද්‍ය රජීව් පීරිස් වෙත ජාතික ධජය පිරිනැමුණු අතර ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ශ්‍රීනාත් ගුණරත්න, විධායක කමිටු සභාපති රත්නසිරි පෙරේරා යන මහත්වරු ඇතුළු සංගමයේ කොමසාරිස්වරු හා නිලධාරීන් රැසක් ඊට එක්ව සිටියහ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද මෙම අවස්ථාවට සහභාගී විය.
Page 178 of 474