පුවත්
උපයෝගීතා කොමිසමේ සභාපති ජනක : 2024 ජනාධිපති අපේක්ෂකයෙක් !
2024 ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මාධ්‍ය වෙත පවසා ඇත .
ඔහු සඳහන් කරන ආකාරයට මේ ඉදිරිපත්වීම සිදුවන්නේ නිර්පාක්ශික අපේක්ෂකයෙකු ලෙසයි.
ඒ බව දක්වමින් ඔහු පවසන්නේ වසර 75ක් මෙරට පැවති අර්බුදකාරි ආර්ථික තත්ත්වය මැඩලීම සදහා සුසමාදර්ෂය මත පදනම්වු ක්‍රමවේදයක් මත ආර්ථිකය උඩු යටිකුරු කරන ප්‍රතිපත්ති මාලාවක් තමන් විසින් ඉදිරිපත් කරන බවයි.
එසේම ජනතාවට කැපවීමෙන් සේවය කල හැකි ඕනෑම කණ්ඩායමකට තමන් සමග එකතු විය හැකි බව ද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි .
මෙරට ආගමික නායකයින්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෘත්තියවේදින් හා මහජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් හේතුවෙන් තමන් 2024 ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට තීරණය කළ බවද ඔහු කියා සිටියි.
ගෝඨාභය ජනාධිපති - මහින්ද අගමැති පාලන සමයේදී ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ලෙස පත්වූ අතර පසුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ විදුලි බල සහ බලශක්ති අමාත්‍ය වූ කංචන විජේසේකර මෙන්ම රජයේ ප්‍රතිපත්ති සමග ගැටෙමින් නිතර පුවත් මවන චරිතයක් බවට පත්විය. දේශපාලන විචාරකයන් පවසන්නේ ජනක රත්නායක පසුගිය සමයේ ජනතාව වෙනුවෙන් කියා අධිමාත්‍රාවෙන් වතුර ඇද්දේ ඇයි යන්න පසුපස තිබූ සැබෑ අපේක්ෂාව මේ හරහා තහවුරු වන බවය. එසේම තවත් "වෙන්ඩ ජනාධිපති " කිහිපදෙනෙකු ද අධිමාත්‍රාවෙන් ජනතාව වෙනුවෙන් කියා වතුර අදිමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටිය යුතුව ඇති බවත් දේශපාලන විචාරකයන් පවසයි .
ඕමාන ආයෝජකයාගේ ආරක්ෂාව ගැන ටිරාන්ගෙන් සහතිකයක් !
කටාන හල්‍පෙ ප්‍රදේශයේ පිහිටි ඕමාන ජාතිකයකුට අයත් කම්හලට කඩාවැදී පහරදීමේ සිද්ධිය හේතුකොට ගෙන එහි සේවක පිරිසට මසක වැටුප් ගෙවා කම්හල මාසයකට වසා දැමීමටගත් තීරණයක් හේතුවෙන් එහි සේවක සේවිකාවෝ 350 ක් පමණ විදුලි බල රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ ගේ නිවාස ඉදිරිපිට ඊයේ (08) දහවල් විරෝධතාවයක් පැවැත්විය.
මෙම ප්‍රහාරය එල්ලකර ඇත්තේ රාජ්‍ය ඇමතිවරයාගේ හිතවතකු බව කියන පුද්ගලයකු එම ආයතනයට කුලී පදනම මත වාහනයක් සැපයීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීම නිසාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊට පසු දිනම පුද්ගලයන් තිදෙනකු බඩල්ගම පොලිසිය අත්අඩංගුවට ගැනුණු නමුත් පහරදීම සම්බන්ධයෙන් කෙරෙන පරීකෂණ විධිමත් නැති බවට එල්ලවූ චෝදනා නිසා පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට පවරනු ලැබීය.
මේ අතර තම ආයතනයට නිසි ආරක්ෂාව සහතික කෙරෙන බවට රජයෙන් සහතිකයක් ලැබෙන තුරු ආයතනය පවත්වාගෙන යාම ගැටලුවක් බව සදහන් කරමින් සේවකයන්ට මසක වැටුප් ගෙවා වසා තැබීමට ආයතන හිමිකාරීත්වය කටයුතු කර ඇතැයිද මේ තත්ත්වය උද්ගතවූයේ රාජ්‍ය ඇමතිවරයාගේ බලපෑම නිසා බවටද චොදනා කරමින් සේවක පිරිස් ඊයේ දහවල් මෙසේ විරෝධය දක්වනු ලැබීය.
සේවක පිරිස විරෝධතා පා ගමනින් රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ ගේ හල්‍පේ පහේ කණුව ප්‍රදේශයේ පිහිටි නිවාසය හා මහ ගෙදර ආසන්නයටම ගොස් විරෝධය දැක්වූහ.
ආයෝජකයාට ටිරාන්ගෙන් සහතිකයක් !
කෙසේ වුවත් ඕමාන ජාතික කටාන ඇඟලුම්හල් ආයෝජක කල්ෆාන් සෙයිඩ් ඔබේදාන්, කළමනාකරණ නියෝජිත යසීර් ලහීර්
සමග මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් අද(9) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී අමාත්‍යවරයා ඕමාන් ආයෝජකයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට වග බලාගන්නා බවට පොරොන්දුවී ඇත.
තවද මෙම සිද්ධිය සම්බන්ධව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වූ බවත් ආයෝජකයාගේ ආරක්ෂාව සැලසීම වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගැනීමට උපදෙස් ජනාධිපතිවරයාගෙන් ලැබුණු බවද මෙහිදී ටිරාන් අලස් අමාත්‍යවරයා ඕමාන් ජාතික ආයෝජකයාට දැනුම්දී ඇත.
තම ආරක්ෂාව තහවුරු කිරීම පිලිබඳව හා මෙම සිදුවීම කෙරෙහි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීම පිළිබඳව සිය ස්තුතිය පුද කරන බව ඕමාන ජාතික ආයෝජකයා පැවසීය.
ශ්‍රී ලංකාව හැරනොයන බවට තීරණය අමාත්‍ය ටිරාන් අලස් සමග පැවති සාකච්ඡාවෙන් පසු තීරණය කලබව ආයෝජකයා අවධාරණය කර ඇති අතර නමුත් මෙම ඇගලුම් කර්මාන්තශාලාව කටාන ප්‍රදේශයේම පවත්වාගෙන යනවාද නැතිනම් වෙනත් ප්‍රදේශයකට ගෙනයනවාද යන්න පිලිබදව තම පවුල සමග සකච්ඡා කර තීරණය කරන බවත් ප්‍රකාශකර ඇත.
ඩෙංගු ව්‍යාප්තිය පාලනයට කඩිනම් පියවර ගන්න : ජනපති පළාත් ලේකම්වරුන්ට දන්වයි !
ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (09) සියලු පළාත් ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දුන්නේය.
ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අවශ්‍යතාව අනුව, ප්‍රධාන ලේකම්වරුන්ට උපරිම සහාය ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට උපදෙස් දී ඇත.
ගෙවී ගිය සතිය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 1896ක් වාර්තා වී අතර සමස්ත රෝගීන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. එය ආසන්න ප්‍රතිශතයක් ලෙස 49% ඉක්මවා ඇත.
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 21%ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 18%ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 7%ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත. ඒ අතරින් කොළඹ මහ නගර සභා ප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 3.4%ක් වාර්තා වී තිබේ.
මීට අමතරව ත්‍රිකුණාමලය, මඩකලපුව, මහනුවර, ගාල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කවලින්ද සැළකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පසුගිය සතියට වඩා රෝගීන්ගේ යම් වැඩි වීමක් වාර්තා වෙයි.
ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය පිළිබඳ සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගෙන් කළ විමසීම අනුව ලබා දුන් තොරතුරු පහත පරිදි වේ.
මේ වසරේ කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 6678 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 7166 ක්ද, කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්1902ක්ද වශයෙන් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 15,746කි.
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 209 ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 155ද වශයෙන් උතුරු මැද පළාතෙන් මේ වසරේ ඩෙංගු රෝගීන් 364ක් වාර්තා වී ඇත.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1481 ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගයෙන් 503 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 57ක් වශයෙන් මධ්‍යම පළාත තුළින් මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2401 කි. සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 2කි.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 445ක් සහ මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 111ක් ද වශයෙන් ඌව පළාතෙන් ඩෙංගු රෝගීන් 556ක් වාර්තා වී තිබෙන අතර එක් මරණයක් වාර්තා වී තිබේ.
2023 වසරේ සබරගමුව පළාතෙන් ඩෙංගු රෝගීන් 1878ක් වාර්තා වී ඇති අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 708 ක් සහ එක් මරණයක් වාර්තා වී තිබේ.කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1170 වාර්තා වී ඇති අතර මරණ වාර්තා වී නොමැත.
වයඹ පළාත තුළ මේ වසරේ ඩෙංගු රෝගීන් 3 ,458ක් වාර්තා වී ඇති අතර ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1069 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2389ක් වශයෙනි. වයඹ පලාත තුල වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 3 කි.
දකුණු පළාත තුළ මේ වසරේදී ඩෙංගු රෝගීන් 1966ක් වාර්තා වී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 918ක්ද, මාතර ඩෙංගු රෝගීන් 536ක්ද, හම්බන්තොට ඩෙංගු රෝගීන් 512ක්ද වාර්තා වී ඇත. දකුණු පළාත තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 108ක්ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 106ක් ද, අම්පාර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 55ක්ද වශයෙන් නැගෙනහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 269ක් වාර්තා තිබේ. නැගෙනහිර පළාත තුළ ඩෙංගු මරණ 03ක් මේ වන විට වාර්තා වී ඇත.
උතුරු පළාතේ ඩෙංගු රෝගීන් 1326ක් වාර්තා වී ඇති අතර, යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1121ක්ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 51ක්ද, මන්නාරම දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 27 ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 33ක්ද, වවුනියාව දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 94ක්ද වාර්තා වී ඇත. උතුරු පළාත තුළ ඩෙංගු මරණ 02ක් මේ වන විට වාර්තා වී තිබේ.
මේ වන විට ඩෙංගු වෛරසයේ 2 සහ 3 ප්‍රබේද වැඩි වශයෙන් වාර්තා වන අතර ඩෙංගු වෛරසයේ 3 ප්‍රබේදය පැතිරෙන්නේ වසර 14 කට පසුවය. ඒ සඳහා ප්‍රතිශක්තිය අවම බැවින් ඩෙංගු රෝගය පැතිරීමට ඇති අවස්ථා ද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
රෝග නිවාරණය වෙනුවෙන් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සහ ඒ යටතේ ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ වන විටත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව පළාත් ප්‍රධාන ලේකම්වරු අද තහවුරු කළහ.
ඒ අනුව මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කර පිරිසිදු කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ආයතන, පාසල් ඇතුළු අනෙකුත් ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම, නාගරිකව හා ග්‍රාමීයව සියලු නිවාස සහ වෙළෙඳ සැල් පරිශ්‍ර පරීක්ෂාවට ලක් කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් දැනුවත් කිරීම්, ඩෙංගු රෝගීන් හඳුනා ගන්නා ප්‍රදේශ වෙත ගොස් අවට ස්ථානවල ඩෙංගු රෝග වාහක මදුරුවන් විනාශ කිරීම, දුමාරණය,ස්ථානීය පරීක්ෂාවන් සිදු කර මදුරු කීටයන් හඳුනා ගැනීම, නිවාස හා ආයතන පරිශ්‍ර පිරිසිදුව පවත්වා ගෙන යාමට අපොහොසත් වන්නන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආදිය මඟින් ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද පළාත් ප්‍රධාන ලේකම්වරු පෙන්වා දුන්හ.
මේ අතර සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටින්නේ ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශවල මැදිහත්වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ජනතාවගේ ද සහාය උපරිමයෙන් අවශ්‍ය බවයි.
කුරුණෑගල තුෂාරට කරන්නාගොඩ ගහපු ගැසට් එක මෙන්න !
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඔහුට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා 18කින් 11කටම ඔහු වැරදිකරු බවට තීන්දු කර තිබේ.
හිටපු නගරාධිපතිවරයාගේ පාලන කාලය තුළ වැරදි සිදුකර ඇත්දැයි සෙවීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ නියමයෙන් පත් කරන ලද ඒක පුද්ගල පරීක්ෂණ කොමිසම විසින් එම තීන්දුව ලබාදී ඇත.
ඒ අනුව එම පරීක්ෂණ කොමිසම විසින් ලබාදී ඇති නිගමනවලට අනුව තුෂාර සංජීව විතාරණ 2022.12.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපති ධූරයෙන් හා සභික ධූරයෙන් පහ කළ අයකු වශයෙන් සැලකිය යුතු බවට නියම කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද ඊයේ (08) නිකුත් කළේය.
අදාළ ගැසට් නිවේදන පහත දැක්වෙයි.
ජනක දොට්ට දමන වාර්තාව පාර්ලිමේන්තුවට !
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති, සමාජික ජනක රත්නායක එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා විදුලිබල අමාත්‍යවරයාගේ වාර්තාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
ඒ සම්බන්ධයෙන්වූ අමාත්‍යවරයාගේ වාර්තාව අාණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති - මහින්ද රාජපක්ෂ අගමැති සමයේ ඔවුන්ගේ ආශීර්වාදය ඇතුව ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධූරය සඳහා පත්කෙරිණ.
නමුත් ඔහු පසුව කටයුතු කර සිටියේ ආණ්ඩුව බලවත් අපහසුතාවයට පත්වන ආකාරයටය. එහිදී අවස්ථා ගණනකදී විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයාට සිය ධුරයේ කටයුතු කරගෙන යාමට ජනක රත්නායක හිතාමතා බාධා කරන බවට පවා ඇතැම් අවස්ථා වලදී චෝදනා එල්ලවිය.
සීනි මිල නැගීම අවුලක් !
වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යාම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත නියෝග කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් වන අතර ඩොලරයේ අගය ද පහළ ගොස් ඇති තත්ත්වයක සීනි මිල ඉහළ යාමට කිසිදු හැකියාවක් නොමැති බවද සඳහන් කළේය.
එසේම තිරිඟු පිටි මත අය කළ බද්ද හේතුවෙන් ද පිටි මිලෙහි ඉහළ යාමක් සිදු විය නොහැකි බව ද අමාත්‍යවරයා පැවසීය.
රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 13%කින් පමණ පහළ ගොස් ඇති බවත් ලෝක වෙළෙඳපොලේ තිරිගු පිටි මිල ගණන් ද 15%කින් පමණ පහළ ගොස් ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
එවැනි තත්ත්වයක් යටතේ රජය පැනවූ බද්ද හේතුවෙන් තිරිගු පිටි මිලෙහි ඉහළ යාමක් ඇති නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එක්ස්ප්‍රස් පර්ල් : සිංගප්පුරු මහාධිකරණයේ කැඳවූ නඩුව කල් යයි !
එක්ස්ප්‍රස් පර්ල් (X Press Pearl) නැවේ ගින්නෙන් මෙරට පරිසරයට සිදුව ඇති හානියට නැව් සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 ක වන්දියක් ඉල්ලා සිංගප්පූරු මහාධිකරණය හමුවේ පැවරූ නඩුව අද (09) පළමු වරට කැඳවනු ලැබීය.
අධිකරණ අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ, අනතුරුව නඩුව ලබන 15 වැනිදාට කල්තැබුණු බවයි.
සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඇති වු ගින්නෙන් ශ්‍රී ලංකාවේ සාගරයට සිදු වු හානිය ලොව විශාලතම සාගර විනාශ ලෙස සැලකෙන අතර ඉන් සිදුවු හානියට වන්දි ලබා ගැනීමට මෙරට රජය කටයුතු කරමින් සිටියි.
ඇයි සිංගප්පුරුවේ නඩු පවරන්නේ..?
එක්ස්ප්‍රස් පර්ල් (X Press Pearl) නැවේ ගින්නෙන් මෙරට පරිසරයට සිදුව ඇති හානියට නැව් සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 ක වන්දියක් ලබා ගත යුතු බවට විද්වත් කමිටුවක් යොදා ගනිමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සකසා ඇති වාර්තාවෙන් අනාවරණය කර ඇත.
නැව් සමාගමෙන් වන්දි ලබා ගැනීමට අදාළ වාර්තාව නීතිපති දෙපාර්තුමේන්තුවට යොමු කිරීමෙන් පසු වන්දි ලබා ගැනීමට අදාළ නඩුව නැව් සමාගම අයත් සිංගප්පුරුවේ පැවරීමට කැබිනට් අනුමැතිය හිමිවිය.
එක්ස්ප්‍රස් පර්ල් (X Press Pearl) නැවේ ගින්නෙන් මෙරට පරිසරයට සිදුව ඇති හානියට නැව් සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 ක වන්දියක් ලබා ගත යුතු බවට විද්වත් කමිටු වාර්තාවන් අනාවරණය කර ඇත.
නීතිපති දෙපාර්තුමේන්තුව ගත් තීන්දුව අනුව සිංගප්පුරුවේ නඩු පැවරීමට මෙන්ම නඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු සහාය තම අධිකාරිය මගින් ලබා දෙන බව එම අධිකාරියේ සභාපති නිතිඥ අසේල රැකව මීට ඉහත දී බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් නැව් සමාගමෙන් වන්දි ලබා ගැනීමට සිංගප්පුරුවේ නඩු පැවරීම ඉතා වියදම් අධික හා ලංකාවට අවාසි සහගත තත්වයක් බව සමුද්‍රීය නීති විශාරදයකු වන ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර පැවසීය.
“සිංගප්පුරුව ජාත්‍යන්තර ප්‍රඥප්පති කිහිපයට අත්සන් කරලා තියෙනවා අපි අත්සන් කරලා නැති. එතකොට සිංගප්පුරුවේ නඩු දැම්මොත් නැව් අයිතිකාරයට පුලුවන් වෙනවා එයාගේ වගකීම සීමා කරගන්න. එහෙම තියෙද්දි මොකට ද අපි අවදානමක් ගන්නේ අපි සිංගප්පුරුවට ගිහිල්ලා. මොකද නඩුව පැරදුනොත් අපරාදේ අපි ඒ වෙනුවෙන් කරන වියදම.” යැයි ආචර්ය ඩෑන් මාලික බීබීසී සිංහල සේවයට සඳහන් කළේය.
ලංකාවට අවාසියක් වෙයිද?
“අපිට සෑහෙන වාසිදායක විදියට අපේ නීති පද්ධතිය සකස් වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් නඩු දාන්න. එහෙම තියෙද්දි සිංගප්පුරුවේ නඩු දාන්නේ ඇයි කියන එක ඉතාමත් ලොකු ප්‍රශ්නයක්. මේකට හේතු කාරණා විදියට රජයේ පාර්ශව කියන්නේ එක්ස්ප්‍රස් පර්ල් නැවේ අයිතිකාරයා සහ අදාළ නැව් සමාගම තියෙන්නේ සිංගප්පුරුවේ හින්දා ඒ අයට නෝටිස් දෙන්න තියෙන ඉඩ ප්‍රස්ථාව වැඩි නිසා එහෙම කරනවා කියන එක. ඒ වුනාට ලංකාවේ නඩු දැම්මා කියලා ඒකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ.” ආචර්ය ඩෑන් මාලික සඳහන් කළේය.
වන්දි ලබා ගැනීමට සිංගප්පුරුවේ නඩු පැවරීමෙන් විශාල වියදමක් වැය වන බව නීති විද්වතුන් පෙන්වා දෙයි.
වන්දි ලබා ගැනීමට සිංගප්පුරුවේ නඩු පැවරීමෙන් විශාල වියදමක් වැය වන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
“මම හිතන්නේ නීතිඥ සමාගමට අපි ගෙවනවා ඩොලර් මිලියන 4.5 ක්ද කොහෙද, ඊට අමතරව අපි සාක්ෂිකාරයෝ ගෙනියන්න, එයාර් ටිකට් දෙන්න, එතකොට එලවනස් ඔක්කොම එක්ක බැලුවොත් අපි ඉල්ලන වන්දියට වඩා ඩොලර් ප්‍රමාණයක් වියදම් කරනවා නඩු දාන්න. ලංකාවේ දී සත පහක්වත් වියදම් යන්නේ නැතුව මේක කරගන්න පුලුවන්කම තියෙද්දි ඇයි සිංගප්පුරුවේ නඩුව දාන්නේ කියන එක ප්‍රශ්නයක්”
MV X Press Pearl නෞකාවෙන් මුහුදට වැටුණු බහාලුම් තුළ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් සමග වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486 ක් පැවැති බව අනාවරණය විය.
එංගලන්තයේ නඩු පැවරීම වාසිදායකයි...
වන්දිය ගෙවීමට සිදුවුවහොත්, වන්දි ගෙවීම සිදු කරනුයේ නැවේ රක්ෂණ සමාගම බව කී ආචාර්ය ඩෑන් මාලික ඒ අනුව රක්ෂණ සමාගම අයත් එංගලන්තයේ නඩු පැවරීම සිංගප්පුරුවේ නඩු පවරනවාට වඩා වාසි දායක බව ද කියා සිටියේය.
“ලංකාවේ නඩු ඇහුවොත් ඒක එංගලන්තයේ ක්‍රියාත්මක කර ගැනිමේ හැකියාව අපිට තියෙනවා. මොකද එංගලන්ත හා ලංකාව පාර්ශවකරුවන් වෙනවා ජාත්‍යන්තර නීතියෙන්. එතකොට ලංකාවෙන් ලබා දුන්න තීන්දුව එංගලන්තයේ ක්‍රියාත්මක කිරිමේ බලය අපිට හම්බ වෙනවා. එහෙම එකක් සිංගප්පුරු නීතියේ නැහැ.” යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සිංගප්පුරුවේ නඩු පවරා එය පරාජයට පත් වුවහොත් නැවත වාරයක් ලංකාවේ හෝ නඩු පැවරීමට හැකියාවක් නොමැති බව ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර අවධාරණය කළේය.
නැව අසලටම හෝ නැව තුළට යෑමට නොහැකිවීමෙන් පරිසර හානිය තක්සේරු කිරීමට යම් බාධාවන් ඇති බව නැවේ ගින්නෙන් සිදු වු පරිසර හා අනෙකුත් හානි පූර්ණයන් ගණනය කිරීම සඳහා පත්කළ විද්වත් කමිටු සාමාජිකයන් පසුගිය දා පැවති පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පවසා තිබුණි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඇති වු ගින්නෙන් ශ්‍රී ලංකාවේ සාගරයට සිදු වු හානිය ලොව විශාලතම සාගර විනාශ ලෙස සැලකෙයි.
නැව අසලටම ගොස් සිදුව ඇති හානිය පරීක්ෂා කිරිමෙන් දැනට තම කමිටුව තක්සේරු කර ඇති ඇ.ඩො. බිලියන 6.2 ක වන්දි මුදල තව වැඩි විය හැකි බවට විද්වත් කමිටු සාමාජිකයන්ගේ මතය වී තිබේ.
නැව ආසන්නයෙන් සාම්පල ලබා ගැනීමට නොහැකි වීම වන්දි ඉල්ලා පවරන නඩුවේදි අවාසිසහගත වීය හැකි බැවින් එ් සඳහා අවශ්‍ය පහසුකම් විද්වත් කමිටුව වෙත වහා සපයන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට නියෝග කර තිබේ.
මෙරට සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට බලපෑමක් එල්ල කරමින් 2021 මැයි 20 වනදා සිට ගිනි ගැනීමට ලක්ව MV X Press Pearl නෞකාවෙන් මුහුදට වැටුණු බහාලුම් තුළ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් සමග වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486 ක් පැවැති බව අනාවරණය විය.
බීබීසී
ජනපතිගෙන් සජිත්ට කොළ එළියක් !
යෝජිත මහ බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට ගැනීම කල් දැමීමට ජනාධිපතිවරයා එකඟ වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අදාල පනත කල් දමා සම්මුතිවාදයකින් කටයුතු කරන්න අවස්ථාව දෙන ලෙස ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් දී තමා අද උදෑසන ඉල්ලා සිටි බව කී විපක්ෂ නායකවරයා, තමාගේ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බවත් එම එකඟතාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිතුමා තමාට දැනුම් දුන් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එහිදී විපක්ෂ නායකවරයා මෙසේ පැවසිය.
"අද දින ගරු ජනාධිපතිතුමත් සමඟ මම දුරකතනයෙන් ආමන්ත්‍රණය කරලා එතුමට පැහැදිලි කරලා දුන්නා Central Bank Act එක පිළිබඳව. තව දුරටත් සාකච්චා කරලා එම පනත වඩාත් පරිනත ආකාරයට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලකට අපි ප්‍රවේශ වන්නට ඕන. මොකද අපි හැමෝම පිළිගන්නවා මේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ විශේෂයෙන්ම monetary law එක monetary policy එක අපි ස්වාධීනව දේශපාලන ඇගිලි ගැසීම් වලින් තොරව ක්‍රියාත්මක විය යුතුයි කියන ප්‍රතිපත්තිය අපි පිළිගන්නවා. ඒ නිසා මම එතුමට දුරකතනයෙන් ආමන්ත්‍රණය කරලා ඉල්ලීමක් කරා මේක සාකච්ඡාවට භජනය කිරීම තවදුරටත් කල්දමලා, විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ සම්මුතිවාදයක් තුළින් අපිට මේ අණපනත් පිළිබඳව තවදුරටත් කටයුතු කරන්න අවස්ථාව දෙන්න කියලා. මම ස්තූති වන්ත වෙනවා එතුමා ප්‍රකාශ කළා ඒකට එතුමා එකඟයි කියලා. විශේෂයෙන්ම මට කිව්වා ඒක ප්‍රකාශ කරන්න කියලා පාර්ලිමේන්තුවේදී. අපි ඒ දේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න අදහස් කරනවා."
අන්ත දිළිඳු නම් මසකට 15000ක් : “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ජූලි 01 දා සිට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් මෙම ජූලි මස 01 වන දා සිට ආරම්භ කිරීමට නියමිතය.
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලැබේ.
මෙහිදී සංක්‍රාන්තික ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 2500.00 බැගින් 2023 දෙසැම්බර් 31 වනදා දක්වාද, අවදානමට ලක් වූ ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 5000.00 බැගින් 2024 මාර්තු 31 වනදා දක්වාද ලබා දීමට නියමිත අතර, දුප්පත් ප්‍රතිලාභීන් 800,000ක් සඳහා මාසිකව රුපියල් 8500.00 බැගින් සහ අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා මාසිකව රුපියල් 15,000.00 බැගින් 2023 ජූලි 01 වනදා සිට වසර තුනක කාලයක් ලබා දීමට නියමිතය.
දැනට සුබසාධක ප්‍රතිලාභ ලබන ආබාධිත තැනැත්තන් 72,000ක් සඳහා මාසිකව රුපියල් 5000.00 බැගින්ද, වකුගඩු ආධාර ලබන තැනැත්තන් 39,150ක් සඳහා රුපියල් 5000.00 බැගින්ද, වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් 416,667ක් සඳහා රුපියල් 2000.00 බැගින්ද ලබා දෙනු ඇත.
සුබසාධක ප්‍රතිලාභ ලබා ගැනීම සදහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 340කින් ලැබි තිබෙන අයදුම්පත් සංඛ්‍යාව 3,712,096 කි.
මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියෙන් 91.5% ක් ඊයේ (08) දිනය වන විට අවසන් කර තිබේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටු හරහා එම දත්ත නිරීක්ෂණය කර, දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අනුමත කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට ආරම්භ කර ඇත.
දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් වව්නියාව දිස්ත්‍රික්කයෙන් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 98 % කි.
පිළිවෙළින් මහනුවර දිස්ත්‍රික්කයෙන් 96.5% ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් 96% ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 96% ක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 95.5% ක් ආදී වශයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අයදුම්පත් 3,362,040ක තොරතුරු තහවුරු කර ගැනීම මේ වන විට සිදුකර තිබේ.
ශ්‍රී ලාංකිකයන් 41ක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී , එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතෙහි රදවා තබා සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු එරටින් පිටුවහල් කර අද (09) උදෑසන විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
මොවුන්ගෙන් වැඩි පිරිසක් යාපනය සහ වාලච්චේන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර , ඔවුන් ඕස්ට්‍රේලියාවට බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදු තරණය කර ගමන් කර ඇති බව අනාවරණය කර ගෙන තිබේ .
මෙම පිරිස භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් තිදෙනකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙසේ පිටුවහල් කර එවූ ශ්‍රී ලාංකිකයන් සමග එරට ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් ද එම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කටුනායක ගුවන් තොටුපළේ දී මෙම පිරිස ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ එරට ආරක්ෂක නිලධාරීන් විසින් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .
ඉන්පසුව ජාතික බුද්ධි තොරතුරු අංශය විසින් ද විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව , මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට නියමිතය .
එහිදී ඔවුන් මෙම පිරිසෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
ඡන්දෙට නාමයෝජනා දුන් රජයේ සේවකයින්ට සේවයට වාර්තා කිරීමට අවස්ථාව
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට අද (09) සිට සේවයට වාර්තා කිරීමේ අවස්ථාව ලබාදී තිබේ.
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ, නාමයෝජනා භාරදී ඇති බලප්‍රදේශය තුළම රැකියාවේ නිරත වූ පුද්ගලයින් තමා සේවය කරන ආයතන ප්‍රධානියා හරහා වෙනත් ආසන්න බලප්‍රදේශයක් වෙත ස්ථාන මාරුවක් කර ගත යුතු බවය.
එසේ සේවයට වාර්තා කරන පුද්ගලයින්ට සියලු දීමනා සහිතව පූර්ණ වැටුප ලබාදීමට තීරණය කර තිබේ.
නාමයෝජනා භාරදී ඇති බලප්‍රදේශයට පරිභාහිරව සේවයේ නිරත වන තැනැත්තන්ට ගැටලුවකින් තොරව අද දිනයේ සිට සේවයේ යෙදිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේය.
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ අලුත්ම තත්ත්වය !
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින් සිදු කරගෙන යන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි .
මේ වන විට විෂයන් 12ක ඇගයීම් ආරම්භ කර තිබෙන බවද සෙසු විෂයන්ගේ ද ඇගයීම් කඩිනමින් සිදු කිරීමට කටයුතු කර තිබෙන බව ද විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි.
ඇගයීම් නිමකර කඩිනමින් ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර සිටියි.
කෙසේ වුවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ මේ දක්වාත් තමන්ට පිලිතුරු පත් පරීක්ෂාව සඳහා කැඳවීමක් කර නොමැති බවය.
එසේම ජනාධිපති සමග සාකච්ඡාවක් ඉල්ලා ඇතත් ඒ සඳහා දිනයක් ලැබී නොමැති බවත් ඔවුන් පවසයි .
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂණ කටයුතු වලින් බැහැරව සිටින්නේ බදු ගෙවීම ප්‍රතිකේෂ්ප කරමින්ය .
ඉහළ අස්වනු දෙන වී ප්‍රභේද රැසක් ජාත්‍යන්තර ඇගයීමට !
ඉහළම අස්වැන්නක් ලබා ගත හැකි වී ප්‍රභේද ගණනාවක් මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් වී පර්යේෂණ ආයතන විසින් නිදපවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නියෝජිතවරිය හමුවෙමින් ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නව නියෝජිතවරිය ලෙස පත්වූ Azusa Kubota මෙනවිය පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හමුවී මෙරට කෘෂිකර්මාන්තයේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළාය.
විශේෂයෙන් පසුගිය කාලය තුළ පැවැති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා රජය විසින් ගනු ලැබු පියවර ඇය විසින් අගය කළාය.
2022 වසර තුළ ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවෙතැයි බොහෝ දෙනෙක් උපකල්පනය කළත් රජය විසින් පසුගිය යල කන්නයේ සිට කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට ගත් පියවර නිසා අවශ්‍ය තරම් සහල් රට තුළ නිපදවා ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විශේෂයෙන් වසර 10කට පසුව මෙරට යල කන්නයක දී වගා කළ කුඹුරු ප්‍රමාණය ගොවීන් විසින් පසුගිය යල කන්නයේ දී වගා කළ බවත්, එමෙන්ම පසුගිය මහ කන්නයේ දී ද වාර්තාගත අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ වී වගාව ආදායම් උපයන වගාවක් බවට පත් කිරීමටත්, රටට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය රට තුළ ම නිපදවා ගැනීමට නම් ඉහළ අස්වැන්නක් ලැබිය හැකි උසස් වී ප්‍රභේද හදුන්වා දිය යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් බතලගොඩ හා අම්බලන්තොට වී පර්යේෂණායතන විසින් මේ වනවිට ඉහළම වී අස්වැන්නක් ලැබිය හැකි වී ප්‍රභේද රැසක් හඳුන්වා දී තිබේ.
“අපේ රටේ පළමුවරට හෙක්ටයාර් එකකින් ලද ඉහළම වී අස්වැන්න පසුගිය මහ කන්නයේ දී අම්බලන්තොට ගොවීන් සිව්දෙනෙක් විසින් වාර්තා කළා. ඉන් තිදෙනෙක් හෙක්ටයාර් එකකින් වී මෙට්‍රික් ටොන් 11ක් වශයෙන් හා එක් ගොවියෙක් හෙක්ටයාර් එකකින් වී මෙට්‍රික් ටොන් 09ක් වශයෙන් වාර්තා කර තිබෙනවා. තවත් විශාල පිරිසක් මෙට්‍රික් ටොන් 08 සිට 09 දක්වා ප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා.
අම්බලන්තොට වී පර්යේෂණාතයතනය වී හඳුන්වා දුන් At 362 වී ප්‍රභේදය අද රටේ ඉහළම වී අස්වැන්න ලැබිය හැකි වී වර්ගයක් ලෙස ගොවීන් හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව බතලගොඩ වී පර්යේෂණායතනය විසින් ද නව වී ප්‍රභේද කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමට නම් ඔවුන්ට වගාව සඳහා උසස් බීජ විශේෂ ලබා දිය යුතුයි. සෑම වගාවකින්ම ඉහළ අස්වැන්නක් ලැබිය හැකි බීජ වර්ග හදුන්වා දීම සදහා සිදු කරන පර්යේෂණ පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා. ඒ වගේම ඒ සදහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන රජය වශයෙන් ලබා දෙනවා “යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජපාන රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව සඳහා හඳුන්වා දීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන් අප රටේ රැකියා විරහිත තරුණ කොටස් කෘෂිකර්මාන්තයට ආකර්ශණය කළ හැකි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමය සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා නියෝජිතවරියට යෝජනා කළේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ ඇතුලු පිරිසක් සහභාගි වූහ.
– Media unit
ජාතික සංවිධාන තර්ක වතුරේ : අනුරාධා යන්න හිත හදාගෙන !
තමන් නුදුරේදීම ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්වන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සදහන් කරයි.
ආණ්ඩුකාරවරිය ලෙස තමන් නැගෙනහිර පලාත් ජනතාව අමතන අවසන් අවස්ථාව මෙය විය හැකි යයිද ඇය පවසා ඇත.
නැගෙනගිර පළාත් ආණ්ඩුකාරවරිය මේ බව සඳහන් කර ඇත්තේ, ත්‍රිකුණාමලයේ පැවති සහෝදරත්වයේ වෙසක් උත්සවය අමතමිනි.
නමුත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ජාතික සංවිධාන එකමුතුව නැගෙනහිර ආණ්ඩුකාරවරිය වන අනුරාධා යහම්පත් තවදුරටත් එම ධූරයේ තබා ගැනීමේ වෙහෙසක් ගනිමින් සිටින බවය. එහිදී යම් ආණ්ඩුකාරවරයකු ඉල්ලා අස්නොවුණහොත් අස්කිරීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බවට වන තර්කයක්ද ඔහුන් විසින් ඉදිරිපත් කර ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.
කෙසේ වුවත් මේ වන විට පළාත් සභා 4කට අදාළ ආණ්ඩුකාරවරුන් වෙත ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දැනුම්දී ඇති බව වාර්තා වන අතර ඒ අනුව උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ඉදිරි දින කිහිපය තුළ ඉල්ලා අස්වනු ඇති බවත් වාර්තා වෙයි.
ටෙලිකොම් ගැන මුදල් ලේකම් දුන්න ප්‍රතිඥාව මෙන්න !
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් කොටස් විකිණීම ජුනි මස 15 වනදා වන තෙක් සිදුනොකරන බවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට එරෙහිව ටෙලිකොම් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු ඉදිරිපත්කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇත.
කෙසේ නමුත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවය.
එසේම මෙම නඩුව කැදවන මීළඟ ජුනි 15 වනදා තෙක් අදාළ කොටස් පැවරීමක් නොකරන බවත් ඔහු අධිකරණයට ප්‍රතිඥා ලබාදී ඇත.
ශ්‍රීලන්කන් කරගහන්න ටාටා සූදානමක ?
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉන්දියාවේ ‘ටාටා සමාගම’ට පැවරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ඇති බවත් එම සාකච්ඡා ආරම්භ අවස්ථාවේ ඇති බවත් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඉන්දියාවේ දැවැන්තම ව්‍යාපාර සමූහයක් වන ‘ටාටා සමාගම’ එයාර් ඉන්දියා සමාගම ඇතුළු ගුවන් සමාගම් කීපයක ව්‍යාපාර කටයුතු මේ වන විටත් පවත්වාගෙන යන බවත් එම සමාගම ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පිළිබඳව අවදානයෙන් පසු වන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පාඩු ලබන ආයතන අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉදිරියෙන්ම සිටින අතර එම සමාගම ප්‍රතිවූ්‍යහගතකරණය කිරීමට රජය තීරණය කර තිබේ.
- lankadeepa
මහින්දට බැසිල්ට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි !
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 05 වනදා විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) දින නියමකර ඇති බව වාර්තා වෙයි.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.
එම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලද අතර, එහිදී අදාළ නියෝගය නිකුත්කර ඇත.
ගෝඨා ගෙනත් කළ වැරැද්ද රනිල් ගෙනත් නිවැරදි කළා - පවිත්‍රා
පසුගිය ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීමට ගත් තීන්දුව වැරදි තීන්දුවක් බවත් ඒ පිළිබඳ ජනතාවගෙන් සමාව ඉල්ලන බවත් ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසා ඇත.
අමාත්‍යවරිය මේ බව සඳහන් කර ඇත්තේ හබරණ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
කෙසේ නමුත් පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයකු පත් කරගැනීමටත් සඳහා ලැබුණු අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස තෝරා ගැනීමට නිවැරදි තීන්දුවක් පක්ෂය විසින් ගන්නා ලද බවත් එම නිවැරදි තීන්දුවේ ප්‍රතිඵල අද රටට ජනතාවට ලැබී ලැබෙමින් ඇති බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Page 174 of 444