පසු ගිය දිනකිහිපයක විපක්ෂ නායක කාර්යාලයේ නිල ලිපි ශීර්ෂයට සමාන ලිපි ශිර්ෂයක් සහ විපක්ෂ නායකවරයා ගේ යැයි හැගවෙන අත්සනක් යොදාගනිමින් විපක්ෂනායක කාර්යාලයේ මාධ්‍ය නිවේදන ලෙස ප්‍රකාශන දෙකක් විවිධ සමාජමාධ්‍ය වේදිකා සහ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරණය විම සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.
පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයෙන් හෝ අංක 30 සර් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයෙන් හෝ මෙම කාර්යාලවල සේවය කරනු ලබන කිසිදු නිලධාරියෙකු විසින් ඉහත නිවේදන නිකුත් කර නොමැති බව එම නිවේදනයේ සඳහන් වේ.
මතු පළ වන්නේ විපක්ෂ නායක කාර්යාලය විසින් නිකුත් කරන ලද එම නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
