කොළඹ රාජකිය විද්‍යාලයේ ලියෝ සමාජය , තරුණ දැක්ම සංවිධානය සහ කොළඹ නගර මධ්‍ය සිංහ සමාජය (Lions Club Of Colombo Mid City) එක්ව මෙම ප්‍රජා සත්කාරක සේවය සිදුකර තිබේ.
කොළඹ රාජකිය විද්‍යාලයේ ලියෝ සමාජය , තරුණ දැක්ම සංවිධානය සහ කොළඹ නගර මධ්‍ය සිංහ සමාජයේ (Lions Club Of Colombo Mid City) ඉල්ලීම පරිදි කැනඩාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් ගංවතුරෙන් පීඩිත ජනතාවට මානුෂීය ආධාර ලබා දී තිබේ.
කොළඹ රාජකිය විද්‍යාලයේ ලියෝ සමාජය, තරුණ දැක්ම කණ්ඩායම සහ කොළඹ නගර මධ්‍ය සිංහ සමාජයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, කැනඩාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව එක්ව ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් පීඩිත ජනතාවට අත්‍යවශ්‍ය සහන සැපයීමේ මානවීය වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කළේය.
මෙම වැඩසටහන සඳහා Ship Logistic Cargo ආයතනයේ අධිපති නීෂාන්ත හෙට්ටිආරච්චි , චමිලා ජයතිලක, කිෂාණි, චිත්‍රා සහ වෛද්‍ය ක්‍රිෂාණි යන මහත්ම මහත්මීහු ඇතුලු මෙන්ම මිසිසාගා විහාරස්ථානයේ කණ්ඩායමඑක්ව වියළි ආහාර ද්‍රව්‍ය, ඇඳුම් හා සනීපාරක්ෂක භාණ්ඩ ඇතුළත් මෙට්‍රික් ටොන් 13ක සහන බඩු තොගයක් ශ්‍රී ලංකාව වෙත එවන ලදී.
මෙම සහන බෙදාහැරීමේ පළමු අදියර කොළොන්නාව ප්‍රදේශයේදී පැවැත්වූ අතර, එය ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස්වරයාගේ (High Commissioner of Canada to Sri Lanka) සහභාගීත්වයෙන්, ලියෝ, සිංහ සමාජ හා යූත් විෂන් සාමාජිකයන්ගේ සහයෝගයෙන් සිදු විය.
බෙදාහැරීමේ ක්‍රියාවලිය රාජකීය විද්‍යාලයිය ලියෝ සමාජය සහ තරුණ දැක්ම කණ්ඩායම විසින් සංවිධානය කර ක්‍රියාත්මක කරන ලද අතර, රුපියල් මිලියන 25කට අධික වටිනාකමක සහන භාණ්ඩ පවුල් 458කට බෙදාහරින ලදී.
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ව්‍යාපෘති සභාපති ලියෝ නබීල් මොහමඩ් මහතා සඳහන් කලේ ශිෂ්‍යයන් ලෙස ජාතිය යළි ගොඩනැගීමේ ක්‍රියාවලියට පාසල් සිසුන්ටත් දායක විය හැකි බවත්, එමඟින් සමාජ වගකීම, නායකත්වය සහ ජීවිත අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව සිසුන්ට උදාවන බවත් අවධාරණය කළේය.
තරුණ දැක්ම කණ්ඩායමේ සභාපති ඩෑන් පොද්දිවෙල මහතා අදහස් දක්වමින්, ගංවතුරෙන් පීඩිත ජනතාවට සහාය වීමේදී තරුණ පරපුර සෘජුව සම්බන්ධ වීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. කෙටි කාලීන සහනවලට අමතරව, දිගුකාලීන හා තිරසාර විසඳුම් සෙවීමේදී තරුණ නායකත්වයේ භූමිකාව අතිශයින් වැදගත් බවද ඔහු අවධාරණය කළේය.
මෙම වැඩසටහන දේශ සීමා ඉක්මවා සිදු වූ එකමුතුකම, ප්‍රජා සහයෝගය හා තරුණ නායකත්වයේ ශක්තිය පැහැදිලිව පෙන්නුම් කරන සාර්ථක උදාහරණයක් ලෙස සැලකේ.
මෙම අවස්ථාවට රාජකිය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ප්‍රදීප් නිශාන්ත, පෙර සිංහාධිපති ආචාර්ය ලසන්ත ගුණවර්ධන , ලියෝ සමාජ උපද්ශක ලක්මිණි වීරසේකර, ලියෝ සභාපති කෙවින් සමරජීව, තරුණ දැක්ම ලේකම් ශාමික චන්දුප යන මහත්ම මහහත්මීහු, සිසුන් ඇතුලු ප්‍රදේශ වාසීන් රැසක් සහභාගි වූහ.
(ජේ.මුණසිංහ)

