'දිට්වා' සුළි කුණාටුවත් සමග හදිසියේ පැන නැඟුණු අභියෝගවලට මුහුණ දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මීළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහතික කරයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මාර්ගයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත එවා තිබූ විශේෂ ලිපිය මගින් මේ බව දැනුම් දී ඇත.
එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය එවා තිබූ ලිපියේ සඳහන් පරිදී , "ශ්‍රී ලංකාවේ ජන ජීවිත යළි ගොඩනැගීමේදී සහ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීමේදී අතීතයේ මෙන්ම, අපි ඔබ සමඟ උරෙන් උර ගැටී සිටින්නෙමු." යනුවෙන් ද පවසා ඇත.
සැමවිටම ශ්‍රී ලංකාවට ඉන්දියාව තමන් පසෙක සිටිනා බව දැක ගැනීමට හැකි වනු ඇති බවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ලිපියෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබේ.
අදාළ සම්පූර්ණ ලිපිය මතු පළවේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
