අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පසුගියදා ඉන්දියාවේ සාංචි මහා පුදබිමට පැමිණ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සහ ධර්මාශෝක අගරජු ඉදිකළ සාංචි චෛත්‍ය සංකීර්ණය වැඳ පුදා ගත් බව සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ පවසති.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් බෝපාල් හි පැවති අන්තර් ජාතික 3වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් f.a සමුළුවකට සහභාගී වූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නව දෙනකු මෙම සාංචි පුදබිමට පැමිණි එම පුරාවිද්‍යා ස්මාරක නැරඹීමට එක්වූ බව විහාරවාසී පණ්ඩිත උඩුගම තපස්සි හිමියෝ දිනමිණට පැවසූහ.
ඊට අමතරව මියන්මාරයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ මෙරට මහාධිකරණ විනිසුරුවරුන් පිරිසක් ද පසුගිය දිනක සාංචි පුද බිමට පැමිණි බව සාංචි චේතියගිරි විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නා හිමියෝ පැවසූහ.
ජේ.මුණසිංහ

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
