තත්ත්වයෙන් බාල ඖෂධ භාවිතය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනකු මිය යෑමත්, තවත් පිරිසකට සංකූලතා ඇතිවීමත්, රෝගීන් වෙත නිකුත් කරන ඖෂධවල ප්‍රමිතිය සහතික කිරීමට නොහැකිවීමත් පිළිබඳව Free Lawyers සංවිධානය සිය දැඩි කනස්සල්ල පළ කරයි.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, නීතිඥ අතුල ද සිල්වා සහ නීතිඥ දිනේෂ් විදානපතිරණ යන අය ගේ අත්සනින් යුත් එම නිවේදනයට අනුව ප්‍රමිතියෙන් බාල ඖෂධ රජයේ රෝහල් මගින් නිකුත් කිරීම, කෘතිම මිල පාලනයක් යටතේ ප්‍රමිතියෙන් උසස් ඖෂධ සඳහා වෙළඳපොළ වසා දැමීම, ඖෂධ තත්ත්වය පාලනය විධිමත් නොවීම සහ වංචා දුෂණ හෙළිකරන පුද්ගලයින් ගේ රැකියා අහිමි කිරීම හේතුවෙන් මෙරට නිදහස් සෞඛ්‍ය සේවය බලවත් අර්බුදයකට ලක්වී ඇත.
එබැවින් එම සංවිධානය වැඩි දුරටත් අවධාරණය කරන්නේ තත්වයෙන් උසස් ඖෂධ ජනතාවට දැරිය හැකි මිලකට රෝගීන්ට ලබා දීම රජයට කිසි ලෙසකින් හෝ පැහැර නොහැරිය හැකි වගකීමක් බවත්, රජය එම වගකීම තවදුරටත් පැහැර හරින්නේ නම් ඒ පිළිබඳ නෛතික මැදිහත්වීම් සිදු කිරීමට Free Lawyers ක්‍රියාකරන බවයි.
මතු පළ වන්නේ Free Lawyers සංවිධානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.


