තමන් ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව විවිධ අදහස් සමාජය තුළ කතා බහට ලක් වී ඇති බැවින් ඒ පිළිබඳව සත්‍ය තොරතුරු රට හමුවේ හෙළිදරව් කිරීමේ අරමුණින් 2005 ඔක්තොම්බර් මස 01 වන දින මීට ප්‍රථම ලිපියක් බාර දුන් නමුත් මාස දෙකක් ගත වී ඇතත් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් මේ වනවිට ලැබී නැති බැවින් නැවතත් ඒ පිළිබඳව තොරතුරු විමසා අද දින විභාග දෙපාර්තමේන්තුවට ලිපියක් බාර දුන්නේ යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග පැවසී ය.
"අද වන විටත් අවතැන් වෙච්ච, ගොවි බිම් අහිමි වෙච්ච, වගා බිම්, ගේ දොර අහිමි වෙච්ච , ජීවිත නැති වුණ මිනිසුන්ට කථා බහ කරලා මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබා දෙන්න ආණ්ඩුවට උවමනාවක් නෑ.ජනාධිපතිතුමා කොච්චර පාර්ලිමේන්තුවට ඇවිත් පොරොන්දු දුන්නත්, ජනාධිපතිතුමන්ගේ භාෂාවෙන්ම කියනවා නම් ඇත්ත කියනවා නම් එළියේ කියන්න, බොරු කියනවා නම් පාර්ලිමේන්තුවේ කියන්න කියනවානේ. ඉතින් ජනාධිපතිතුමා ඒ උපදේසය එතුමා පෙර පරිදී පුරුද්දට වගේ ඒ විදිහටම හැසිරෙනවා." යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
