V2025

පුවත්

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවෙකු හා වාහනය අත්අඩංගුවට

බෙලිඅත්ත අධිවේගී පිවිසුම ආසන්නයේ කහවත්ත ප්‍රදේශයේදි පස් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු සහ අපරාධයට යොදා ගත් වාහනය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ජනවාරි 22 වන දින බෙලිඅත්ත පොලිස් වසමේ පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර නිළධාරිගේ අධීක්ෂණය යටතේ හක්මන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙරට සිට මෙම අපරාධය මෙහෙයවා ඇති සමන් කුමාර (අවු.54) නැමැති පුද්ගලයෙකු සහ අපරාධය සදහා පැමිණි අංක 65–2615 දරණ PEJERO MITSUBISHI ජීප් රථය ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය සිදු කිරීමට පැමිණි ජීප් රථය ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනේ රථගාලේ තිබියදී සොයා ගෙන ඇත.

මෙම සැකකරු අපරාධය සදහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් සිට මෙම අපරාධය සැලැසුම් කර ඇති බව අනාවරණයවී ඇත.

අවලෝකිතේෂ්වර බෝධි සත්ත්වයා යළිත් රිමාන්ඩ්

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා   පෙබරවාරි 07 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොටුවෙ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව සැකකරුට මෙම නියෝගය ලබා දී ඇත.

මේ අතර, සැකකරුගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් ලබාගත් වාර්තාව ද අද (24) අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා ඉකුත් 15 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනිණි.

අනතුරුව ඉකුත් 16 වැනි දා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේ, සැකකරු අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය රෝහලට ඉදිරිපත් කර ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව සැකකරු ඊයේ අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත රැගෙන ගිය අතර, එහි දී පැය දෙකකට අධික කාලයක් ඔහුගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කර තිබේ.

අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සමඟ ජනපති නව ආර්ථික දැක්මකින් වැඩ - සාගල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරම්භ කළ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ජාත්‍යන්තරය තුළ විශ්වාසයක් ගොඩනඟා ගැනීමට හැකිවී තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ප්‍රකාශ කළේ ය.

මූල්‍ය, නීති හා පාලන අංශවල ප්‍රතිසංස්කරණ සිදු කරමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා නව ආර්ථික දැක්මකින් යුතුව ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කර සිටියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (23) පැවති "2024 අයවැය" සම්මන්ත්‍රණයට එක්වෙමිනි. මෙම සම්මන්ත්‍රණය ජනාධිපති වෘත්තිය සමිති සබඳතා අංශය විසින් සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකාව බලශක්ති අපනයනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට සැලසුම් සකස් කර තිබෙන බවද සාගල රත්නායක මහතා සදහන් කළේය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මෙසේද පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට බාර ගන්නා අවස්ථාවේ රට තුළ දරුණු ආර්ථික අර්බුදයක් තිබුණා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වගේම පැය ගණන් විදුලි කප්පාදුවක් ද තිබුණා. එවකට ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්තිය නිසා රාජ්‍ය ආදායම බිඳවැටීම, වැරදි කෘෂි ප්‍රතිපත්තිය, බදු ගොනු අවම කිරීම වැනි සාධක එම ආර්ථික අර්බුදය සඳහා බලපෑවා. කොවිඩ් වසංගතය නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම නිසා ලැබුණු විදේශ විනියමයත් අහිමි වුණා. ඉන් පසුව පැවති අරගලය නිසා ද ආර්ථික බිඳවැටීම උච්චතම අවස්ථාවට පැමිණියා. මේ නිසා ජීවන වියදම ඉහළ ගියා. ජනතාවට රැකියා අවස්ථා අහිමි වුණා. වත්මන් ජනාධිපතිවරයා රට භාර ගත්තේ මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදීයි.

එතුමා කෘෂි ප්‍රතිපත්තිය වෙනස් කර සහල් නිෂ්පාදනය වැඩි කළා. එමඟින් ආහාර හිඟය අවම කර ගැනීමට හැකි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමේ නව වැඩපිළිවෙළට එකඟ වුණා. ඒ අනුව මූල්‍ය ප්‍රතිසංස්කරණ, නීති ප්‍රතිසංස්කරණ හා පාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීමට කටයුතු කළා. ඒ මඟින් රටේ ආර්ථිකය වේගයෙන් ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළකට රජය අවතීර්ණ වුණා. නව බදු පැනවීම නිසා ජනතාවට යම් පීඩනයක් ඇති වී තිබෙන බව පිළිගත යුතුයි. නමුත් එම ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසයක් ඇතිව තිබෙනවා.

මීට අමතරව සංචාරක කර්මාන්තය ගොඩනැඟීම සඳහා නව ප්‍රතිසංස්කරණ යෝජනා ගෙනැවිත් තිබෙනවා. මෙම ආර්ථික වැඩසටහන තුළින් ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇති කිරීමට හැකියාව ලැබුණා. 2022 දී ඩොලර් බිලියන 2.1 ක්ව තිබුණු විදේශ සංචිත ප්‍රමාණය අද වන විට ඩොලර් බිලියන 4.5 දක්වා වැඩි කර ගැනීමට සමත්ව තිබෙනවා.

2022 දී 77%ක් වූ උද්ධමනය අද වන විට 4% ක් දක්වා අඩු කර ගැනීමට රජය සමත් වී තිබෙනවා. රාජ්‍යයක් පවත්වාගෙන යාමට නම් එහි රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 16% ක් පමණ තිබිය යුතුයි. 2023 වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා දළ දේශීය නිෂ්පාදනයෙන් 11%ක පමණ රාජ්‍ය ආදායමක් ලබා ගැනීමට හැකි වුණා .

රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීම තුළින් ආර්ථිකය ස්ථායිකරණය කිරීමට හැකියාව තිබෙනවා. එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව වැනි ආයතනවල බදු ආදායම් ජාලයක් සකස් කිරීම මඟින් රාජ්‍ය ආදායම ක්‍රමවත්ව වර්ධනය කළ හැකියි. ඒ සඳහා සැලසුම් මේ වනවිටත් සකස් කර තිබෙනවා. මෙම ආර්ථික වැඩපිළිවෙළ ඉදිරි වසරක කාලය ක්‍රියාත්මක කළහොත් සමස්ත ජනතාවට සහන ලබා දිය හැකියි. මේ පවතින තත්ත්වය යටතේද 2024 අයවැය ලේඛනයේ සංවර්ධනාත්මක යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ගොවි ජනතාවට ඉඩම් සින්නක්කරව ලබාදීම මෙන්ම නාගරික ජනතාවට නිවාස අයිතිය ලබාදීමට ද යෝජනා කර තිබෙනවා. අස්වැසුම සඳහා විශාල මුදලක් වෙන්කර තිබෙනවා. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය නවීකරණයට ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්තිය ගිගාවොට් 80ක් නිපදවිය හැකි බවට ගණන් බලා තිබෙනවා. 2050 වන විටත් ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පරිභෝජනය සඳහා අවශ්‍ය වන්නේ ගිගාවොට් 15ක් පමණයි. එම නිසා පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කර, ශ්‍රී ලංකාව බලශක්ති අපනයනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමටත් සැලසුම් සකස් කර තිබෙනවා. ග්‍රීන් හයිඩ්‍රිජන් නිෂ්පාදනය කර ජාතික ආර්ථිකයට ආදායම් උත්පාදනය කිරීමටත් සැලසුම් කර තිබෙනවා. මෙම සියලු කාරණා හමුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ආර්ථික වශයෙන් ශක්තිමත්ව ඔසවා තබීමට හැකියාව තිබෙනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් රොෂාන් ගුණතිලක :

රටක අයවැයක් ඉදිරිපත් කරන්නේ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටයි. ජාතික අවශ්‍යතා කිහිපයක් මුල් කරගෙන මෙවර අයවැය ඉදිරිපත් කර තිබෙනවා. එම ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ නිසා ශ්‍රී ලංකාව නැඟී සිටින රාජ්‍යයක් බවට පත්වෙමින් තිබෙනවා. මේ අයවැය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාවට සම්පූර්ණ සහන ලැබෙන අයුරින් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් වගබලා ගත යුතුයි. අයවැය යෝජනා සඳහා අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. රාජ්‍ය නිලධාරීන්ගේ පරිණතභාවය සහ අත්දැකීම් මහජනතාව වෙනුවෙන් භාවිතා කළ යුතුයි.

ජනාධිපති ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග :

ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට 2022 වසරේ මාර්තු මාසයේ දී මුහුණු දුන්නා. ජනතාවගේ ජීවිත අවධානම තමන්ගේ නිවස තුළටම ළඟා වෙමින් තිබුණා. එවැනි දරුණු ආර්ථික අර්බුදයක් මීට පෙර ශ්‍රී ලංකාව තුළ සිදුවූ බවට තොරතුරු වාර්තා වී නැහැ. 2022 දී ඒ වන විටත් ලබාගෙන තිබූ විදෙස් ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශයට පත් කළා. එවැනි අවස්ථාවකදී අප සමඟ ගනුදෙනු කිරීමට කිසිම රටක් සම්බන්ධ වුණේ නැහැ. එම නිසා ගෑස්, ඉන්ධන හිඟය ආරම්භ වුණා. දරුණු ආර්ථික අර්බුදයට රට ඇදවැටුණා.

එම අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට භාරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර, නව මූල්‍ය ප්‍රතිසංස්කරණයක් සිදු කරමින් නව ආර්ථික තත්ත්වයක් ගොඩනැගීමට කටයුතු කළා. සාර්ව ආර්ථික ස්ථාවරභාවයක් රට තුළ ඇති කිරිමට එතුමන්ගේ ආර්ථික වැඩපිළිවෙළට හැකි වුණා. මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් ජාත්‍යන්තරයට තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටද වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ යම් අවබෝධයක් තිබෙනවා. නමුත් දරුණු ආර්ථික අර්බුදයකදී අඩපණ වූ ආර්ථිකය එක රැයකින් යථාතත්ත්වයට පත් කරන්න බැහැ. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.

ඉදිරිපත් කර ඇති නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තුළින් ඉදිරි වසර කිහිපය තුළ ආර්ථිකය ස්ථායි කිරීමක් සිදු කළ හැකියි. මෙවැර අයවැය මඟින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ පළමු පියවර ගෙන තිබෙනවා. අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම, දුෂණ විරෝධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, අස්වැසුම ක්‍රියාත්මක කිරීම, ඉඩම් ලබාදීම , නිවාස ලබාදීම වැනි ධනාත්මක ආර්ථික යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ තත්ත්වයන් හමුවේ මේ වසර අවසානය වන විට ආර්ථික වර්ධන වේගය 2%ක් වේ යැයි පුරෝකථනය කළ හැකියි.

ජනාධිපති වෘත්තීය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය :

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය ඉදිරිපත් කළා. 2024 අයවැය යනු මේ වසරට අදාළ ආර්ථික ලියවිල්ලයි. ඉතාමත්ම අසීරු අවස්ථාවක වුවත් මේ ඉදිරිපත් කළ සාධනීය අයවැය පිළිබඳ නිසි කතිකාවක් සමාජය තුළ සිදු නොවුනහොත් ඒ තුළින් ඉදිරිපත් කළ යෝජනා මේ මහ පොළොව තුළ යථාර්ථයක් බවට පත් කර ගැනීමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ.

මේ වන විට වැට් බදු සංශෝධනය පිළිබඳ බොහෝ වැරදි මත සමාජගත වී තිබෙනවා. වැට් බද්ද වැඩි වන්නේ 15% සිට 18%ක් දක්වා බව අපි සෑම කෙනෙක්ම දන්නවා. වැට් බද්ද ඒ වන විටත් පනවා තිබූ භාණ්ඩවලට 3%කින් වැඩි වූ නමුත් 0% සිට 18%ක් දක්වා වැඩි වූ තවත් භාණ්ඩ ප්‍රමාණයක් ද මේ අතර තිබෙනවා. ඒ වගේම පැනවූ බද්ද 18%ක් වුවත් බදු ගැලපුම් නිසා ඒ ප්‍රමාණයෙන්ම නොවී ඊට වඩා අඩු ප්‍රතිශතයකින් වැට් බද්ද වැඩිවුණු භාණ්ඩද තිබෙනවා. ඒ නිසා මේ වැට් බද්ද පිළිබඳවද සාමාජය තුළ නිසි කතිකාවක් ඇති වීම වැදගත් වෙනවා.

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ.කේ.අයි.එරන්ද :

වැට් බදු නිසි ලෙස රජයට එකතු නොවන බව නිරීක්ෂණය වී තිබෙනවා. සාමාන්‍යයෙන් එකතු කළ අගය මත බද්ද නිසි පරිදි එකතු වෙනවා නම් දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක ප්‍රතිශතයක් එමඟින් ආර්ථිකයට එකතු කිරීමට හැකියාව තිබෙනවා. නමුත් මේ වනවිට එම බද්දෙන් ආර්ථිකයට එකතු වන්නේ 2% ක ප්‍රතිශතයක් පමණයි. ඒ පිළිබඳ සොයා බැලීමේදී ප්‍රධාන බදු කාන්දු තුනක් සොයාගෙන තිබෙනවා. එයින් පළමු කාන්දුව ව්‍යාපාරිකයන් බදු අය කරන නමුත් එය රජයට ලබා නොදීමයි. දෙවැනි බදු කාන්දුව නිලධාරීන්ගේ අක්‍රමිකතා නිසා අහිමි වන බදු ප්‍රමාණයයි.. බදු නිදහස් කිරීම් මඟින් තෙවැනි බදු කාන්දුව සිදුවෙනවා. මේ බදු කාන්දුවීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතුයි. එසේ වුවහොත් ආර්ථිකය ස්ථාවර කර ගැනීමට හැකිවෙනවා.

2019 වසරේ මුල් භාගයේදී වැට් බද්ද පැවතුණේ 15%ක අගයකයි. 2020 දී එය 8% ක් දක්වා අඩු කළා. එය 2020, 2021 හා 2022 යන වර්ෂ තුනේදීම එම අනුපාතයෙන් පැවතුණා. වැට් බද්ද 8%ක් දක්වා අඩු කළ පමණින් 2020 දී බඩු මිලේ පහළ යාමක් සිදු වුණේ නැහැ. මේ අවුරුදු තුන තුළ බිඳවැටුණු ආර්ථිකයේ ඉහළ යෑමක් ඇති කිරීමද වැට් බද්ද 15% ක තබාගෙන සිදු කළ නොහැකියි. ඒ නිසා වැට් බද්ද 18% ක් ලෙස සංශෝධනය කිරීමට සිදු වුණා.

මහ භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සී. සේනාරත්න මහතාද බස්නාහිර පළාත් ලේකම් ප්‍රමුඛ කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්, දේශපාලන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයන් සහ ජනමාධ්‍යවේදීන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.‍

සජබ රණවිරු සම්මේලනයට ෆොන්සේකා නෑ !

ඔන්න ජවිපෙ නායක අනුර කරන එකම කරන්න අරගෙන තියෙන , සජබ නායක සජිත් පහුගියදා සජබ රණවිරු සම්මේලනයකුත් පැවැත්වූවා. හරියටම කිව්වොත්, ජනවාරි 20 වෙනිදා , කළුතර පැනරාමා උත්සව ශාලාවේදී තමයි වැඩේ තිබුනේ.

ඔය රැස්වීමට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිළධාරීන් සැලකිය යුතු පිරිසක් ඇවිත් ඉඳලා තිබුනා. කළුතර රැස්වීම සංවිධානය කරලා තිබුණේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නායක අජිත් පී පෙරේරා..

නමුත් මෙම රැස්වීමේදී සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පෙනෙන්නට හිටපු නැති එක සජබේ සමහරුන්ටත් ප්‍රශ්නයක් වෙලා.

සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ නායකයා ළඟට සිටින ජ්‍යෙෂ්ඨතම තනතුර දරන්නා .. ඒ විතරක් නෙමෙයි, 30 වසරක යුද්ධය ජයග්‍රාහී ව නිමා කරන්නට නායකත්වය ලබා දුන් යුද හමුදා සෙන්පතියා .. එහෙව් එකේ රණවිරු සම්මේලනයට ෆොන්සේකා නෑ ..

මෙම රණවිරු බලවේගය හදලා තියෙන්නේ , සරත් ෆොන්සේකා යටතේ නෙමෙයි.. සජබ මහ ලේකම්වරයා යටතේ කියලයි ආරංචි.

යුධ සෙන්පතියෙකු ලෙස මහජනයා අතරෙ ෆොන්සේකාට ඇති ජන ප්‍රසාදය සජබ නායකයාට ප්‍රශ්නයක් වෙලා කියලයි සමහරු කියන්නේ.

කලක පටන් ෆොන්සේකා රැස්වීම් තියන්නේ වෙනම... සජිත්ගේ ‍රැස්වීම්වලට ෆොන්සේකා එන්නේ නෑ . කොටින්ම ෆොන්සේකා, සජිත්ගේ නායකත්වය පිළිගන්නේ නැ..

ඒ අස්සේ ෆොන්සේකාත් ජනාධිපති අපේක්ෂකයෙක් විදියට එන්න යනවා කියලා කතාවකුත් යනවා.

  • දේශපාලන වාර්තාකරු

රාජ්‍ය සේවක උපහාරය මාධ්‍යවේදීන්ටත් දෙන්න : ජනපති උපදෙස් !

මොබිටෙල් ආයතනය විසින් රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් වෙත ලබා දෙන උපහාර පැකේජය නව සහන සමගින් නැවත ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත උපදෙස් දී තිබේ.

ඒ අනුව සියලු දෙනාට මෙම ප්‍රතිලාභය ලබා දෙන ලෙසත්, එම සහන පැකේජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලුම මාධ්‍යවේදීන් වෙත ද ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත වැඩිදුරටත් උපදෙස් දී ඇත.

සියලු මෝටර් රථ හිමියන්ට විශේෂ දැනුම්දීමක් !

තමන් භාවිතා කරන වාහනය තම නමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති නම් එය කඩිනමින් තම නමට ලියාපදිංචි කරගැනීමට කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

විකුණුම්කරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත සිය වාහනය විකුණා ඇති බවට දැනුම්දී ඇති රථවාහන නැවත ලියාපදිංචි කිරීමට යාමේදී මිලදීගෙන දින 14ක කාලය ඉකුත් වූ රථවාහන සඳහා දඩ මුදලක් අයකෙරෙන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් අනුරුද්ධ වීරසිංහ පවසයි.

දැනට පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇති CCTV කැමරා මඟින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය හමුවේ එලෙස තමන්ගේ නමට ලියාපදිංචි නොකර ඇති රථවාහනවල වත්මන් අයිතිකරුවන් මෙන්ම පැරණි අයිතිකරුවන් ද අපහසුතාවයට පත්විය හැකි බවද දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දී සිටින්නේ තමන් මිලදීගෙන ඇති වාහන තමන්ගේ නමට ලියාපදිංචිය සිදුකරගන්නා ලෙසටය.

සජිත්ගේ අවුල රාජිත පෙන්වයි : මහින්දානන්දගේ යෝජනාවත් රනිල් !

රනිල් ජනාධිපතිවරණයට එන්නේ නෑ ,, නෑ ... කිව්වට මොකද , රනිල්ගේ කැම්පේන් එකත් ඔන්න හීනියට පටන් අරන්.

ජනධිපතිවරනේදී රනිල් ජනාධිපති කරන්න ඕන කියලා, ඇමති ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු ලාගෙන් පටන් ගත්තු පබ්ලිසිටි කැම්පේන් එකට අලුතින්ම එකතුවෙලා ඉන්නේ, පොහොට්ටු පක්ෂයේ නායකයෙක් වගේම ප්‍රධාන කතිකයෙක් වෙච්ච, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ...

පොහොට්ටුවේ බහුතරයකගේ මතය වන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාටම සහාය දීම බව මහින්දානන්ද අලුත්ගමගේ කියනවා.

දැනට තම පක්ෂය ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු නම්කර නොමැති වුනත්, රනිල්ට සහය දෙන්න පොහොට්ටුවට සිද්ධවෙනවා කියලයි මහින්දානන්ද කියන්නේ.

70%තිබු උද්ධමනය වත්මන් ජනාධිපතිවරයා යටතේ 5% ක් දක්වා අඩුවෙලා කියලත් මන්ත්‍රීවරයා කියනවා.

වත්මන් ජනාධිපතිවරයාගෙන් ඇමතිකමක් ඉල්ලීමට නොගියේ තමන් පමණක් බවත් ජනතාවට සේවය කිරීම සඳහා තනතුරු අවශ්‍ය නොවන බවත් අලුත්ගමගේ කියලා තියනවා.

පොහොට්ටුව පැත්තෙන් විතරක් නෙමෙයි , විපක්ෂය ඇතුලේ ඉන්න ට්‍රෝජන් අශ්වයෝත් ඔන්න දැන් දැන් ගේමට බැහැලා.

රනිල් පරද්දනවා නම් රනිල් පරද්දන්න ගේන වැඩපිළිවෙල මීට වඩා හොඳ වෙන්න ඕන කියලා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න කියනවා.

රාජිත සේනාරත්න ඊයේ (22) මැදියම් රෑ එහෙව් කතාවක් කිව්වේ රූපවාහිනි දේශපාලන සංවාද වැඩසටහනකට එක්වෙමින්

එහිදී දොස්තර රාජිත සේනාරත්න මෙහෙමත් කියල තිබුනා.

'' තරුණයන්ගෙ කොටසක් ඉන්නවා දේශපාලනය අවශ්‍ය නැහැ. ඒ අය ඉන්නෙ වෙනම ලෝකයක. ඒ ඝනය එන්න එන්න වැඩිවෙනවා ලංකාවේ. ලිබරල් විදියට හිතන තව කොටසක් ඉන්නවා. සමාජවාදය ධනවාදය මොකුත් ඒ අයට නෑ. ඒ අතරත් නරක සිතිවිල තියෙන අයත් ඉන්නවා. ඒ අය ජේ.වී.පී එකට දෙනවා කියලා මම හිතන්නෙ නැහැ. තවත් කොටසක් ඉන්නවා විරැකියාවෙන් පෙළෙනවා. කරන රැකියාවට වේතනයක් නෑ කියන කොටසක් ඉන්නවා. ජවිපෙට ආකර්ශනය වෙන්නේ අන්න ඒ අය. රාජපක්ෂලා ගියා, එයා යන කොට වික්‍රමසිංහ ගෙනවා. ඒ ඔක්කොටම ගහන්න අලුත් කෙනෙක් ගේන්න ඕන කියනවා. ගෝඨාභය ගෙනාවෙත් එහෙමයි. මේ එන අයගෙ වැඩපිළිවෙල මොකද්ද කියලා හිතන්නෙ නැහැ. අරයට ගහන්න මෙයා ගේනවා කියනවා.

එන සැරේ මැතිවරණය තනිකර ආර්ථිකය. දරුවට කන්න දෙන්නෙ කොහොමද? ඒ දරුවො ආස දේවල් අරන් දෙන්නෙ කොහොමද කියන තැන තියෙන්නෙ. දරුවන්ට මේ ආර්ථික අර්බුධය තේරෙන්නෙ නැහැ. දෙමාපියන්ට දරුවන්ට දේවල් දෙන්න ඕන. ඒක නැතිවෙනකොට කම්පාවක් වෛරයක් ඇතිවෙනවා. රට තියෙන්නෙ මේ වගේ ව්‍යාකූල තත්ත්වයක.

මොනව උනත් අපේ රටේ ගත්ත තීරණ තියෙනවා. අයි.එම්.එෆ් ගිහිල්ලා මෙච්චර ඉක්මනට බංකොලොත්භාවයෙන් අපි මිදෙමින් ඉන්නවා. නමුත් අපට කලින් බංකොලොත් වෙච්ච රටවල් ගොඩ ඇවිල්ලා නැහැ. අපි ගේනවා නම් මීට වඩා හොඳ වැඩපිළිවෙලක් තමයි ගේන්න ඕන. රනිල් වික්‍රමසිංහ පරද්දනවා නම් අපට මීට වඩා හොඳ වැඩපිලිවෙලක් තියෙන්න ඕන.'' .

රාජිත ඔය නොකිය කියන්නේ රනිල් පරද්දන්න , සජිත්ලට හරිහමන් වැඩපිළිවෙලක් නෑ කියන එක.

කොහොමටත් සජිත්ගේ ආර්ථික වැඩපිළිවෙල මේ වෙනකොට අවිනිශ්චිතයි. මොකද කාලයක් තිස්සේ හර්ෂ, එරාන්, කබීර් කරේ තියලා ඇදලා දුන්න බ්ලූ ප්‍රින්ට් එක සජිත් ප්‍රසිධියේ පැත්තකට විසිකරලා ඉවරයි. ඒ වෙනුවට සජබ ආර්ථික ප්‍රතිපත්තිය නැවත ලියමින් ඉන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයා වුනු, නාලක ගොඩහේවා බව ප්‍රසිද්ධ රහසක්. ඒ නිසා ඉක්මනින් සජබ ආර්ථික වැඩපිළිවෙලක් එලියට නොදැම්මොත්, රාජිතලා කියන කතාව සජබ ඇතුලේ තවත් පිරිසක් කියන්න ඉඩ තියෙනවා.

  • දේශපාලන වාර්තාකරු

GMOA ව වර්ජනය අත්හිටුවයි !

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (24) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම සංගමය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කළ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිත දැනුම්දීමත් සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

මේ අතර ජනවාරි මාසය සඳහා සාමාන්‍ය වැටුප් ලේඛනය මගින් DAT දීමනාව නොලැබෙන වෛද්‍යවරුන් සඳහා අදාළ දීමනාව විශේෂ වවුචරයක් මගින් ගෙවන ලෙස ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම ඔවුන් මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් ජනාධිපතිවරයාගේ උපදෙස් වලටත් ඉහළින් ගොස් කටයුතු කිරීමට යාම ගැනද සිය අප්‍රසාදය පළකර සිටියේය.

ඔන්ලයින් පනත් කෙටුම්පත විවාදයට ගැනීමටත් ජන්දයක් !

සමාජයේ දැඩි අවධානයක් යොමුව ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද ( 23 ) පාර්ලිමේන්තුවේදී ආරම්භ වුවත් ඊට පෙර සභාවේ කටයුතු අත්හිටුවා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කතානායකවරයාට සිදුවිය.

ඒ අදාළ පනත් කෙටුම්පත අද දින විවාදයට ගැනීම පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමග වන අතර එහිදී අද දිනයේ පනත් කෙටුම්පත විවාදයට ගන්නේ ද ? නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට ඡන්ද විමසීමක්ද පැවැත්විණි.

එහිදී අද දින විවාදයට පක්ෂව ඡන්ද 83ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 50ක් පමණි.

ඒ අනුව පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ විය.

රජය විසින් කෙටුම්පත් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මඟින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ක්‍රියාකරකම් කිහිපයක් වැරදි ලෙස අර්ථ ගන්වා ඇත.

ඒ අනුව,

ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම,

අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම

අසත්‍ය ප්‍රකාශ මඟින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම
අසත්‍ය ප්‍රකාශ මඟින් ආගමික රැස්වීමකට බාධා කිරීම

ආගමික හැඟීම්වලට රිඳවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම

ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම

මාර්ගගත ක්‍රම හරහා අසත්‍ය සන්නිවේදනය කිරීමෙන් වංචා කිරීම

අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම

සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මඟින් චේතනාන්විතවම නින්දා කිරීම

කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදුකිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම

හිරිහැර සිදුකිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම

ළමා අපයෝජන

වරදක් සිදු කිරීම සඳහා 'බොට්' සෑදීම හෝ අවභාවිතා කිරීම

කොමිෂන් සභාවේ විධානයකට අනුකූලව කටයුතු කිරීම පැහැර හැරීම

මෙම පනත යටතේ වැරදි ලෙස නම් කර තිබේ.

ඔන්ලයින් පනත් කෙටුම්පතට ආංශීක අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය !

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය ලැබී ඇත.

මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මනිත්‍රී ලලිත් වර්ණකුමාර ගේ සභාපතිත්වයෙන් අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර එහිදී මෙම අනුමැතිය හිමිවී තිබේ.

කෙසේ වුවත් විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් වූ ගයන්ත කරුණාතිලක, ඉරාන් වික්‍රමරත්න සහ චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරුන් මෙම පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යයනය කර සංශෝධන සිදු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය කාරුණු සංශෝධන විය යුතු බවත් පෙන්වාදී ඇත.

මේ අනුව මෙම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුවත් කිරීම කරන බව කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

මෙම රැස්වීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ රාජ්‍ය නොවන සංවිධානවල ජාතික ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීහු සම්බන්ධව සිටියහ.

ටෙලිෆෝනයට පැනපු දෙන්නෙකුට විරෝධය !

ළඟදී ටැලිෆෝන් පාටියට එකතු වෙච්ච කළින් හිටපු ලොකු තැනගෙ න්‍යායාචාර්ය මට්ටමේ හිටපු වියත් මගක් අනුව ක්‍රියාකරපු දෙන්නෙක් ඉන්නවලු...

ඒත් ඒ දෙන්න ටැලිෆෝන් පාටියට එක්කර ගත්තට පස්සේ ක්‍රියාකරන පිළිවෙළ ගැන ඒ පාටියෙම ජ්‍යෙෂ්ඨ කස්ටියගෙ අසතුට ලොකු ලොක්කන්ට දන්වල කියල ආරංචියි...

ඊටත් වඩා මේ දෙන්න ගැන දැඩි විරෝධයක් දක්වල තිබෙන්නෙ ටැලිෆෝන් පාටියට සම්බන්ධ වෙලා ඉන්න සුළු ජාතික පක්ෂ දෙකක නායකයොලු...

මේ ගොල්ලත් එක්ක අපි කොහොමද රෙදි ඇඳගෙන එක වේදිකාවක ඉන්නෙ කියලලු එයාල ටැලිෆෝන් පාටියෙ ලොක්කන්ගෙන් අහල තියෙන්නෙ.

කොරෝනා කාලෙ එයාල ආණ්ඩුවෙ ඉන්ඳෙද්දි වඳ කොත්තු, වඳ බෙහෙත් විතරක් නෙවෙයි තමන්ගෙ උදවියගෙ අවසාන කටයුතු කරගන්නවත් ඉඩ නොදුන්න කියලලු එයාල මේ දෙන්නට දැඩි විරෝධය පළ කරන්නෙ... හැබැයි මේ විරෝධය ඒ වියත්තු දෙන්නට මිසක් පොහොට්ටුවෙන් ටැලිෆෝන් පාටියට සැට්වෙච්ච අනිත් අයට නැතිලු...

දේශය ගොසිප්

ඩොලරය තවත් පහළට !

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 315.50 ක් ලෙස දක්වා ඇත.

එහි රුපියලේ විකුණුම් මිල දක්වා ඇත්තේ රුපියල් 325.37 ක් වශයෙනි.

එසේම එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද දිනයේ දී රු. 320.52 ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 අගෝස්තු 11 දිනෙන් පසු වාර්තා වී ඇති අවම අගය වෙයි.

සුපිරි ක්‍රීඩිකා චමරිට ICCයෙන් ඉහළ තැනක් !

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ විස්සයි විස්ස පිටියේ හොඳම දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇතුළත් කණ්ඩායම නම්කර තිබේ.

එහි වන විශේෂත්වය වන්නේ එම කණ්ඩායමේ නායිකාව ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්ත්තු නම්කර තිබීමය.

ICC ය විසින් නම් කළ පහත දැක්වෙයි.

Untitled 1

සජබ IMF ගිවිසුම සංශෝධනය කරනවා : ජවිපෙ මීක් නෑ - මරික්කාර්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සහ පවතින බදු ක්‍රමය ඉදිරි රජයකදී වෙනස් කරන බව සමගි ජන බලවේගය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . එම් මරික්කාර් පැවැසීය.

මෙවැනි යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහ සමගි ජන බලවේගයට කොන්දක් තිබෙන බවත් මරික්කාර් සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ව මුණ ගැසී තිබෙන බවත් නමුත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර එම නියෝජිතයන්ව හමුවී නැති බවත් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ කතා කළ දේවල් මාධ්‍යයට නිකුත් කර නැති බවත් මරික්කාර් මන්ත්‍රීවරයා පැවැසීය.

රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරිමට සහ යෝජනා ඉදිරිපත් කිරිමට හැකි වන්නේ දැක්මක් , සෘජු ප්‍රතිපත්තියක් , සැලැස්මක් තිබෙනවානම් පමණක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් . මරික්කාර් වැඩිදුරටත් සඳහන් කළේය.

කඩිනමින් ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කළ යුතුයි - ජනපති

ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු වන්නේ පැරිස් සමාජය සහ ලන්ඩන් සමාජය විසින් ගෝලීය ණය විසඳුම් පිළිබඳ ආධිපත්‍යය දැරූ ලෝකය සඳහා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අද වන විට, ගෝලීය ණය මෙන්ම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය, පැරිස් සමාජයේ සාමාජිකයින් නොවන ණය හිමියන් සහ ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොළ විසින් පාලනය කරනු ලබන බවද පෙන්වා දුන්නේය.

පවතින මූල්‍ය සම්පත්, ණය සේවාවක් ලෙස ලබා ගන්නා විට, අත්‍යාවශ්‍ය පොදු සේවා සහ මානව සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය වියදම් වෙනුවෙන් මූල්‍ය පහසුකම් සපයා ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට නොහැකි වන අතර, එය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ද බලපාන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (21) උගන්ඩාවේ කම්පාලා නුවරදි ආරම්භ කෙරුණු “G77 සහ චීනය” කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China) අමතමිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම සන්ධානය ලෙස, ගෝලීය දකුණේ රටවලට සිය සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට, ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර අන්තර් සහයෝගීතාවය ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින ජාත්‍යන්තර ආර්ථික ගැටළු පිළිබඳව එක්ව සාකච්ඡා කිරීම වෙනුවෙන් ඉඩකඩ සලසා දීම G77 සහ චීනය සමුළුවේදී සිදු කෙරේ.

එහි සාමාජික රටවල් 134 අතර වෙළඳාම, ආයෝජන, තිරසාර සංවර්ධනය, දේශගුණික විපර්යාස, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ඩිජිටල් ආර්ථිකය ඇතුළු ක්ෂෙත්‍රයන්හි සහයෝගීතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් 'කිසිවෙකු අත් නොහරිමු' යන තේමාව යටතේ එහි 3 වැනි දකුණු සමුළුව කැඳවා තිබිණි.

G77 සහ චීනය සමුළුවේ සභාපති ධූරය මෙතෙක් කියුබානු ජනරජය මගින් දැරූ අතර, මෙවර එය උගන්ඩා ජනරජය විසින් භාර ගනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමුළුව අමතා සිදු කළ සම්පූර්ණ කථාව මෙසේය,

3 වැනි දකුණේ සමුළුව සඳහා සත්කාරකත්වය දැක්වීම සහ “G77 සහ චීනය” කණ්ඩායමේ සභාපතීත්වය භාරගැනීම සම්බන්ධයෙන් උගන්ඩා ජනාධිපති යොවේරි මුසෙවේනි මහතාටත්, උගන්ඩා රජයටත් මාගේ සුභපැතුම් පිරිනමනවා.

ඒ වගේම පසුගිය වසර තුළ “G77 සහ චීනය” කණ්ඩායම වෙනුවෙන් ලබාදෙන ලද ඵලදායී සහ ස්ථීර නායකත්වය වෙනුවෙන් මම කියුබාවටද ස්තුති කිරීමට කැමතියි.

කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස්-කැනෙල් මහතා විසින් 2023 සැප්තැම්බර් මාසයේ හවානාහිදී 'වත්මන් සංවර්ධන අභියෝග' මැයෙන් කැඳවූ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට මෙන්ම හවානා ප්‍රකාශය සම්මත කර ගැනීමට සහාය වීමට ලැබීම පිළිබඳව ද මම සතුටු වෙනවා.
අප G77 සහ චීනය කණ්ඩායම පිහිටුවාගෙන වසර 60ක් සම්පුර්ණ වීම සමරන මේ මොහොතේ, බහුපාර්ශ්වික සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම කණ්ඩායම ලෙස එක්සත්ව කටයුතු කිරීම සහ අප මුහුණ දෙන බහුවිධ අභියෝග ජය ගැනීමට ගෝලීය දකුණේ ස්ථාවරය අඛණ්ඩව ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍යයි.

G77 සහ චීනය කණ්ඩායමේ ආරම්භක මූලධර්ම වන එකමුතුකම, අනුපූරකත්වය, සහයෝගීතාවය සහ තිරසාර ලෙස බාධක අවම කර ගැනීමට යන සංකල්ප අපට එකට වැඩ කළ හැකි ස්ථිර පදනමක් සකස් කරනු ලබනවා.

අද අපි මෙහි හමුවන්නේ ලෝකය අභියෝග රැසකට මුහුණ දී සිටින අවස්ථාවකයි. ගැටුම් උත්සන්න වීම, වසංගතයේ ප්‍රතිවිපාක, දේශගුණය ආශ්‍රිත ස්වාභාවික විපත් සහ ගෝලීය මූල්‍ය වෙළඳපොළ වෙනස්වීම් මෙන්ම තවත් බොහෝ හේතු නිසා මෙම තත්ත්වයන් නිරන්තරයෙන් වෙනස් වෙනවා. වර්ධනය වන මෙම තත්ත්වයන් G77 සාමාජික රටවල අවදානමට ලක්විය හැකි ආර්ථිකයන් කෙරෙහි අසමාන අන්දමින් මෙන්ම අහිතකර ලෙස ද බලපානු ලබනවා.

එසේම ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙනවා. නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු වන්නේ පැරිස් සමාජය සහ ලන්ඩන් සමාජය විසින් ගෝලීය ණය විසඳුම් ආධිපත්‍යය දැරූ ලෝකය සඳහායි. අද වන විට, ගෝලීය ණය මෙන්ම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය, පැරිස් සමාජයේ සාමාජිකයින් නොවන ණය හිමියන් සහ ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොලවල් විසින් පාලනය කරනු ලබනවා.

පවතින මූල්‍ය සම්පත් ණය සේවාවක් ලෙස ලබා ගන්නා විට, අත්‍යාවශ්‍ය පොදු සේවා සහ මානව සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය වියදම් වෙනුවෙන් මූල්‍ය පහසුකම් සපයා ගැනීමට අපට නොහැකි වන අතර, එය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ද බලපානු ලබනවා.

පවතින පොදු රාමුව ඉක්මන් ණය විසඳුමක් ලබා දීමට ප්‍රමාණවත් වන්නේ නැහැ.මෙම රාමුව සහ යථාර්ථය අතර පවතින නොගැළපීම නිසා මගේ රට ද ඇතුළුව අපගේ රටවල් විශාල සංඛ්‍යාවක මෑත කාලීන රාජ්‍ය ණය අර්බුද විසඳා ගැනීම ප්‍රමාද වීමට හේතු වී තිබෙනවා.
දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කර ගැනීමට සහ ඒවාට අනුවර්තනය වීම සඳහා ගෝලීය දකුණේ රටවල අවශ්‍යතා සපුරාලීමේදී ගෝලීය මූල්‍ය සැලැස්මේ ප්‍රබල අසාර්ථකත්වයක් දක්නට ලැබෙනවා.දේශගුණික මූල්‍ය දායකත්වය පිළිබඳව විවිධ ගෝලීය සංසදවලදී සඳහන් වී ඇති නමුත් මේවා ලබා ගත හැකි මූල්‍ය පහසුකම් බවට පරිවර්තනය වී නැහැ.ෙ
ඩුබායි හී පැවති COP28 සමුළුවේදී ශ්‍රී ලංකාව විසින් නිවර්තන කලාපිය මුලපිරීම ඉදිරිපත් කළා. රාජ්‍ය මූල්‍යකරණයේ ඌනතාවය සැලකිල්ලට ගනිමින්, ජෛව විවිධත්වය මෙන්ම අපගේ සාගර සහ වන සම්පත් ඇතුළු ගෝලීය වශයෙන් පොදු සම්පත් පෝෂණය කිරීම සඳහා පුද්ගලික ආයෝජන උත්ප්‍රේරණය කිරීම එම නිවර්තන කලාපීය මුලපිරීම මගින් අපේක්ෂා කෙරෙනවා.

අද වන විට, ගෝලීය වෙළඳ අනුපිළිවෙල තුළ, ආර්ථික වර්ධනය ඇතිකිරීම සඳහා යොදාගන්නා සම්පත් ප්‍රමාණය අවම කිරීමත් සමගම පාරිසරික හානිය අවම කිරීම මෙන්ම අවදානම ඉවත් කිරීම පිළිබඳ සංකල්ප සමඟින් ආරක්ෂණවාදී ප්‍රවණතාවයෙන්ගේ නැගීමක් අපට දක්නට ලැබෙනවා.

ගෝලීය වෙළෙඳ ව්‍යුහයන් තුළ ඒකපාර්ශ්වීය පදනමක් මත එවැනි වෙනස්වීම් සිදු විය නොහැකියි. එවැනි නීති පිළිබඳ තීරණ ගත යුත්තේ බහුපාර්ශ්වික සංසදවල මිස අගනගර එකක හෝ දෙකක දී නොවෙයි.

අප ගෝලීය වෙළඳාමේ සහ ආයෝජනයේ පහසු බව මෙන්ම උපරිම කාර්යක්ෂමතාව ද සහතික කළ යුතුයි. G77 සංවිධානය මේ ක්‍රියාවලිය බ්‍රික්ස් සංවිධානයේ රටවල් සමග සම්බන්ධීකරණය කළ යුතුයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් මුහුණ දෙන තවත් අවාසියක් වන්නේ රැකියා නිර්මාණය කිරීමයි. "තාක්ෂණික වෙනස්කම් මගින් නිෂ්පාදන කුසලතා සහ ප්‍රාග්ධනය තීව්‍ර කර ඇති අතර අඩු ශ්‍රමයක් අන්තර්ග්‍රහණය කර ඇත." යන ජෝසප් ස්ටිග්ලිට්ස්ගේ වචන වලින් මෙය වඩාත් හොඳින් විස්තර කර තිබෙනවා.

එමනිසා, ගෝලීය මූල්‍ය ව්‍යුහයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින අතරම, G77 සහ චීනය කණ්ඩායම අපේ සාමාජික රටවලට, බලශක්ති පරිවර්තනය, ඩිජිටල් පරිවර්තනය, හරිත ආර්ථිකය සහ නව ගෝලීය ආර්ථිකයක් වෙනුවෙන් පුහුණු ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා සූදානම් වීමේ උපාය මාර්ග සකස් කළ යුතු වෙනවා.

ශ්‍රී ලංකාව, G77 සහ චීනය කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් සමඟ එක්වෙමින්, සාධාරණ, නීතිගරුක සහ සමානාත්මතාවයෙන් යුතු ලෝකයක් වෙනුවෙන් වන දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා බහුපාර්ශ්විකත්වය තුළින් සාමූහික අවශ්‍යතා ප්‍රවර්ධනය ඉදිරියට සිදුකරගෙන යාම වෙනුවෙන් නව සභාපතිත්වයට පත් යොවේරි මුසෙවේනි මහතාගේ දැක්ම සහ නායකත්වය පිළිබඳ අප විශ්වාසය තබා සිටිනවා.

උගන්ඩා නිල සංචාරය තුළදී උගන්ඩා ජනාධිපතිතුමා විසින් මම සහ මගේ දුත පිරිස වෙනුවෙන් දැක්වු මිත්‍රශීලි ආගන්තුක සත්කාර පිළිබඳ ස්තූතිය පිරිනමමින් මගේ කතාව අවසන් කරනවා.

WhatsApp Image 2024 01 22 at 6.30.17 PM

කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත ලබාදී අවසන් !

මෙරට කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත මේ වන විට ලබාදී අවසන් කර ඇති බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය.

මෙරටින් සරම්ප රෝගය තුරන් කර තිබූ නමුත් පසුගිය සමයේ එම රෝගය යළි හිස ඔසවන තත්ත්වයක් පෙන්නුම් කළ බැවින් මේ ආකාරයේ එන්නත් වැඩසටහනක් ආරම්භ කළ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ  මෙසේ ද පැවසීය.

මෙම වසරේ ප්‍රධානම බලාපොරොත්තුව වන්නේ රෝග වළක්වා ගැනීම සම්බන්ධයෙන් වන කටයුතු ශක්තිමත් කිරීමයි. ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීම තුළින් රෝගීන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට ද බලාපොරොත්තු ‍වෙනවා.

ශ්‍රී ලංකාව බෝ නොවන රෝග සම්බන්ධයෙන් විශාල තර්ජනයකට මුහුණ දී සිටිනවා. මෙරට ජනගහනයෙන් 20% වැඩි ප්‍රමාණයක් දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. දකුණු ආසියානු කලාපයේ අවුරුදු 35ට වැඩි පුද්ගලයන්ගෙන් අධික රුධිර පීඩනය වැඩිම රට ලෙස ද ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා. අධික රුධිර පීඩනයට අදාළ සංකූලතා ලෙස හෘද රෝග, ආඝාතය ඇතුළු රෝග රැසක් හඳුන්වන්න පුළුවන්.

එමෙන්ම වේගයෙන්ම වයස්ගත වන ජනගහනයක් සිටින රටක් නිසාත් මතක ශක්තිය දුර්වල වීම, අක්ෂි රෝග, අස්ථි රෝග ඇතුළු රෝග තත්ත්වයන් රැසක් වර්ධනය වෙමින් තිබෙනවා. එබැවින් බෝ නොවන රෝග පිළබඳව අවධානය යොමු කරමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.

ඒ වගේම සීග්‍රයෙන් පැතිර යමින් පවතින ඩෙංගු රෝගය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර එය පාලනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවලින් සහයෝගය ලබුණ ද ඒ සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබෙන සහාය මීට වඩා අපේක්ෂා කරනවා.

තවද මේ වන විට වැඩිවෙමින් පවතින සරම්ප රෝගය අඩු කිරීම සදහා විශේෂ වැඩසටහන් කිහිපයක් අප විසින් සංවිධානය කර තිබෙනවා. පසුගිය සති කිහිපය තුළ දරුවන්ගෙන් 91% කට එන්තත් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. ඒ මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිසඔසවන තත්ත්වයක් පෙන්නුම් කළ නිසයි.

ඒ වගේම පවතින ඖෂධ හිඟය මඟහැරවීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක් මේ වන විට රටට ආනයනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. එසේම පැවති ඖෂධ හිඟය ක්‍රමානුකූලව අවම වෙමින් පවතින බව කිව යුතුයි. ඉදිරියේදී වෛද්‍ය සැපයුම් අංශයත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියත් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට මාර්ගගත ක්‍රමවේදය යොදා ගැනීමට අප බලාපොරොත්තු වනවා. ඒ සඳහා මොරටුව සහ කොළඹ යන විශ්ව විද්‍යාලවල පරිගණක අංශ සමඟ දැනටමත් අමාත්‍යාංශය සාකච්ඡා කරමින් සිටිනවා.

උසස් පෙළ අවසන් සිසුන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනයක්

තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිතව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වැඩසටහනක් පෙබරවාරි මාසයේ සිට මෙවර උසස් පෙළ හදාරා අවසන් කරන පාසල් සිසු සිසුවියන්ට ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  පවසයි.

අපොස උසස් පෙළ අධ්‍යාපනය අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වෘත්තීය පුහුණු වැඩසටහන දිවයිනේ තෝරාගත් පාසල් 299ක දී ක්‍රියාවට නංවන බව ද අමාත්‍යවරයා පැවසී ය.

2024 ජනවාරි මස අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 2024. 02 .09 දිනට පෙර මෙම වැඩසටහනට ලියාපදිංචි විය හැකි බවත් මේ සම්බන්ධ වැඩිමනත් තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරීන්ගෙන් ලබාගත හැකි බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් අංශය විසින් සංවිධානය කරන මෙම විශේෂ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති වැඩසටහනක දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.

බෙලිඅත්තේ වෙඩි තැබීමෙන් පක්ෂ නායකයෙකු ඇතුළු 5ක් මරුට

අද (22) උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද සිටින බව වාර්තා වේ.

උදෑසන 8.30ත් 8.40ත් කාලයේ මෙම වෙඩිතැබීම සිදුව තිබූ අතර, වෙඩිතැබීම සිදුවු ස්ථානයේම පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබිණි.

වෙඩිවැදීමෙන් ඉලේකුට්ටිගේ සමීර මධුසංඛ, කුමාර විදාරණලාගේ හසිත චින්සුක, බයියාදුරයලාගේ බුද්ධික රාපක්ෂ සහ කන්නංගර කෝරළලාගේ නලින් චම්පික ජයතිලක යන අය ද මියගොස් තිබේ.

එක් පුද්ගලයෙක් තංගල්ල රෝහලට ඇතුළත් කර සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇත.

සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.

Page 120 of 474