පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීරත් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් - මන්ත්‍රී හර්ෂණ හෙළිකරයි

පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීරත් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් - මන්ත්‍රී හර්ෂණ හෙළිකරයි

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න ඉවත් කර ලෙසට ම, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීර ද ඉවත් කිරීමේ ව්‍යපෘතියක් ආණ්ඩුව දියත් කරමින් ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා හෙළිදරව් කළේ ය.

ඔහු මේ හෙළිදරව්ව කළේ අද (17) පාර්ලිමේන්තුවේ දී ය

එහි දී වැඩි දුරටත් කරුණු දැක්වූ හර්ෂණ රාජකරුණා...

''පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාව ඉවත් කර තිබෙනවා, ඒ වගේම අපට දැනගන්න ලැබෙනවා වක්‍රව මේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමියවත් ඉවත් කරන්න කුමණ්ත්‍රණයක් යන බව.

මෙය ඉතා පැහැදිලිව මෙහි සඳහන් වෙනවා.

‘කාර්ය මණ්ඩල ප්‍රධානී හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ජී. කේ. ඒ චමින්ද කුමාර කුලරත්න මහතා සම්බන්ධයෙන් පවත්වනු ලබන මූලික පරීක්ෂණයෙන් එහි අවසාන ඡේදයේ සඳහන් නිර්දේශ වලට අමතරව, පිළිගත් ක්‍රමවේදයට පටහැනිව ජී. කේ. ඒ. සී කුලරත්න මහතා කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් තනතුරට පත් කිරීම හා තනතුරේ ස්ථීර කිරීම මගින් රජයට පාඩු සිදු කිරීම කියන චෝදනාව එල්ල කරමින්, පාර්ලිමේන්තු මහලේකම් කේ. ඒ. රෝහණධීර මහත්මිය දැනට දරන තනතුරුවලින් ඉවත් කර ඇය සම්බන්ධයෙන් විනය කටයුතු සිදු කිරීම ආණ්ඩුව පිඹුරුපත් හදමින් සිටිනා බව.''

හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා අවධාරණය කළේ, මේ සිදු කරන්න යන්නේ, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් කිරීමක්. ඔහු පෙන්වා දුන්නේ, එක අතකින් අධිකරණයටත්, තවත් පැත්තකින් නීතිපතිවරයාටත්, තවත් පැත්තකින් විගණකාධිපතිවරයාටත් අත තබන ආණ්ඩුව, එහි නවතම දිගුව ලෙස මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ම ස්ථානය වන පාර්ලිමේන්තුවටත් බලපෑම් සිදු කරන්න පටන් ගෙන ඇති බවයි.

පැලවත්ත පක්ෂ කාර්යාලයට අවශ්‍ය ලෙස රටේ පාලන කටයුතු සිදු කිරීමට ඉඩ නොදෙන්නට කථානායකවරයාට ද වගකීමක් ඇති බව හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න