ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඇතුළු නියෝජිත කණ්ඩායම දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඇතුළු නියෝජිත කණ්ඩායම දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් තෙදින නිල සංචාරයක් සඳහා අද (16) දිවයිනට පැමිණියහ.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි දී නියෝජිත කණ්ඩායම පිළිගනු ලැබී ය.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සහ එහි බලපෑම සෘජුව නිරීක්ෂණය කිරීමේ අරමුණින් IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ඇතුළු නියෝජිත පිරිස මෙරට සංචාරයක නිරතවන අතර ඔවුන් හෙට (17) පෙරවරුවේ ගම්පොළ ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට ද නියමිත ය.

අනතුරුව කොළඹ දී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සහ සියලු ම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දිය හැකි සහාය පිළිබඳව එහි දී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය

imf

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න