කොළඹ විශ්වවිද්‍යාලයේ දක්ශතම ක්‍රීඩකයා හිම්සර රන්දෙනිය, ක්‍රීඩිකාව මිෂෙල් කැටගොඩ; දෙදෙනා ම සම්මාන ලබති

කොළඹ විශ්වවිද්‍යාලයේ දක්ශතම ක්‍රීඩකයා හිම්සර රන්දෙනිය, ක්‍රීඩිකාව මිෂෙල් කැටගොඩ; දෙදෙනා ම සම්මාන ලබති

පසුගිය දා කොළඹ විශ්වවිද්‍යාලයේ 2025 වසරට අදාළ ක්‍රීඩා වර්ණ ප්‍රධාන උත්සවය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ  ශ්‍රවණාගාරයේ දී පැවත්වුණි.

එම උත්සවය සංවිධානය කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ Amalgamated Club එක්ව ය.

2025 වර්ෂයේ 15වන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරගාවලියේ විශිෂ්ට දක්ශතා දැක්වු සිසුන් ඇගයීම මෙහි දී සිදුවිය. මෙම අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වර්ණ ලාභීන් 400 කට අධික සංඛාවක් සහභාගී වූහ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය  ඉන්දික මහේෂ් කරුණාතිලක සහභාගී විය. විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ වෛද්‍ය රජිව් නිර්මලසිංහ ය.

මෙහි දී කොළඹ විශ්වවිද්‍යාලයේ වසරේ දක්ශතම ක්‍රීඩකයා ලෙස  හිම්සර රන්දෙනිය සහ ක්‍රීඩිකාව ලෙස මිෂෙල් කැටගොඩ සම්මාන දිනාගත්හ.  විශ්වවිද්‍යාල ජීවිතය තුළ එක් වරක් පමණක් තිළිණ කරන විශේෂ සම්මානය සහ ශිෂත්ව හිමි කරගත් ක්‍රීඩකයා පසිදු මාලවන යි; ක්‍රීඩිකාව දෙව්මිනී වීරසිංහ ය. එම ශිෂත්ව මුදල ලබා දීම සිදුකළේ Colombo University Alumni Association of Victoria, Australia හි ආදී විද්‍යාර්ථියන් විසිනි.

clom

සමීර මදුසංක හේවා ගමගේ 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න