සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවකයින් සභාපතිට එරෙහි විරෝධතාවක

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවකයින් සභාපතිට එරෙහි විරෝධතාවක

මාලිමා ආණ්ඩුව යටතේ පත්කර ඇති සභාපතිවරයා විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කාර්යය මණ්ඩලයේ වර්ෂික ප්‍රසාද දීමනාව ඇතුළු අනෙකුත් පහසුකම් කපා දැමීමට එරෙහිව එම ආයතනයේ සේවකයින් අද විරෝධතාවක නිරත විය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතීඥ හේමන්ත ස්වර්ණතිලක සහ අධ්‍යක්ෂ මණ්ඩලයට එහි සේවකයින් විරෝධය පළ කළේ මීට පෙර සිටි කිසිදු සභාපතිවරයකු මෙලෙස අත්තනෝමතික ලෙස සේවක අයිතීන් සහ දීමනා කප්පාදු නොකළ බව පවසමිනි..

සභාපතිවරයකුට ඇති සියලු වරප්‍රසාද ප්‍රමාණය ද ඉක්මවා භුක්ති විදිමින් ඉන් පහළ සේවකයිගේ සියලු වරප්‍රසාද කප්පාදු කරමින් තම තනතුර රැක ගැනීමේ නිර්ලජ්ජිත ක්‍රියාවලියක ඔහු නිරතවන බවට සේවකයින් චෝදනා කළේය.

සේවකයින් අවධාරණය කළේ, ජනාධිපතිවරයා හෝ රජය මෙම සභාපතිවරයා ගේ ක්‍රියාකාරීත්වය නතර කිරීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ගවලට තමන් පිවිසෙන බවයි.

dlb2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න