කොළඹ වරායේ අදානි පර්යන්තයේ අබිලි ද්‍රව්‍ය ඉවත්කරන්නේ යැයි හඟවමින් එම පර්යන්ථයේ ගොඩගසා ඇති රජයට අයත් මුහුදු වැලි බලපත්‍ර නොමැතිව වංචනික ලෙස විකිණිමේ ජාවාරමක් හෙළිවී ඇති බවත් එම ජාවාරම්කරුවන් මාස අටකට අධික කාලයක් රුපියල් කෝටි 100 කට අධික වටිනාකමින් යුත් වැලි බාහිර පාර්ශවලට අළෙවි කරන්නට ඇතැයි අනුමාන කළ හැකි බවත් වරාය සේවකයෝ පවසති.


