පුවත්

ත්‍රිරෝද රථවලටත් QR කේතයක්
මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වය සහ අභිමානය ලබාදීමට ආරම්භ කළ ගරු සරු වැඩසටහන යටතේ ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය කවුන්සිල පිහිටුවීමේ පළමු අදියර ලෙස අන්තර්වාර ආංශික මෙහෙයුම් කමිටුව අද (16) පිහිටුවනු ලැබීය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් ආංශික කමිටු පිහිටුවීමට අදාලව අද පැවති සාකච්ඡාවේදී මෙම කමිටුව පිහිටුවනු ලැබීය.
ඒ අනුව මෙම අන්තර්වාර මෙහෙයුම් කමිටුව විසින් ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය භාවය සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීමට අදාලව ත්‍රිරෝදරථ රියැදුරන් සඳහා වූ වෘත්තීය කවුන්සිලය පිහිටුවන තෙක් ක්‍රියාත්මක වීමට නියමිතය.
දැනට ත්‍රීරෝදරථ රියැදුරන් ලෙස කටයුතු කරනු ලබන සියලුදෙනා ලියාපිදිංචි කරමින් දත්ත පද්ධතියක් සකස්කිරීමට අදාලව කිව්ආර් කේථයක් හදුන්වා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව සලකා බලමින් ඉතා කෙටි කාලයක් තුලදී නව කේථය හදුන්වා දීමට පියවර ගන්නා බවටද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.
එමෙන්ම ත්‍රීරෝදරථ රියැදුරන් සඳහා වූ පිහිටුවන ලබන වෘත්තීය සංවිධානය මගින් අන්තර්ජාලය හරහා ත්‍රිරෝදරථ රියැදුරන්ට ගමන්වාර ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය භාවය සහ සේවාවේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට අමාත්‍යවරයා විසින් ගෙනයන වැඩපිළිවෙලට කමිටු සමාජිකයින් සිය සතුට පළකළ අතරම සිය සංවිධානයේ ඉදිරි කටයුතු කරගෙන යාමට ඇතැම් රාජ්‍ය ආයතන තුල යම් බාධා පවතින බවද කමිටු සමාජිකයෝ පෙන්වා දුන්හ.
ඒ අනුව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ පනත සංශෝධනය කිරීමට පවතින ප්‍රමාදයක් දැඩි අභියෝගයක් වී ඇති බවද කමිටු සමාජිකියන් පෙන්වා දුන් අතර එහිදී ක්‍රියාත්මක වූ අමාත්‍යවරයා නීති කොටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව මේ සම්බන්ධයෙන් දැණුවත් කිරීමටද පියවර ගනු ලැබීය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීයභාවය සහ ඔවුන්ගේ ප්‍රමිතීන් ඔවුන් විසින්ම සකස් කර දියයුතු බවත් අමාත්‍යවරයා වශයෙන් තමන් එම යෝජනා බලාත්මක කිරීමට අවශ්‍ය නෛතික පසුබිම සකස්කර දීම පමණක් සිදුකරන කරන බවයි.
එමෙන්ම කිසිම අවස්ථාවක සමාජ ආරක්ෂණ කටයුතු සඳහා පුද්ගලික අංශයේ රක්ෂණ සමාගම් හෝ වෙනත් කිසිම පාර්ශවයක් එක්කර නොගන්නා බවටද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.
ඒ අනුව මෙරට දැනට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ ක්‍රමවේද මෙන්ම පූර්ණ රාජ්‍ය මැදිහත්වීම මත මෙම නව සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන්ට ක්‍රියාත්මක වන බවට අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

'වැට් වැඩිවීමේ යම් අසාධාරණයක් තිබෙනවා' - රවී කරුණානායක
සියයට 15% සිට සියයට 18 % ක් දක්වා වැට් වැඩිකිරීමේදී ජනතාවට කිසියම් අසාධාරණයක් සිදුව ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
ඔහු එබව කියා සිටියේ, රජය වැට් බදු ඉහළදැමීම නිසා ජනතාවට දරාගත නොහැකි පරිදි ජිවන වියදම ඉහළයාම සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදීය.
''මේ වෙනකොට IMF නියෝජිතයන් පැමිණ සිටිනවා. ඔවුන්ගේ උපදෙස් මත වැට් වැඩිකර තිබෙනවා. එතනදී ඔවුන් කියන්නේ ආදායමත් වියදමත් සමබරතාවයට ගේන්න කියලයි. 15% සිට 18 % ක් දක්වා වැට් වැඩිවීමේ යම් අසාධාරණයක් ද තිබෙනවා. මොකද මේ 3% වැඩි වෙන්නේ රුපියල් බිලියන 146ක් උපයන්නේ රාජ්‍ය සේවයේ ඉන්න ලක්ෂ 17කට වැටුප් ගෙවන්නයි. එය එසේ නම් මේ වැට් වැඩි කිරීමේ ඵලදායිතාවක් තිබේද යන්න ගැන නැවත සිතා බැලිය යුතුයි.
ඒ නිසා මම නම් හිතන්නේ වැට් වැඩි කිරීම වෙනුවට ඵලදායිතාව ඇතිකරලා, නාස්තිය නැති කිරීමයි අවශ්‍ය වන්නේ. ඒ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට කියන්න ඕන, අපි ආදායම් උපයලා පෙන්නන්නම්.. ඒ සඳහා වන මාර්ගය අපේ අතට දෙන්න කියලා. මෙතැනදී රජයේ නිලධාරීන්ට ද වගකීමක් තියෙනවා. ඔවුන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය විට ඊළඟට යන්න තිබෙන රැකියා ස්ථාන ගැන හිතන්නේ නැතුව, බය නැතුව ඇත්ත කතා කරන්න ඕන. ඔවුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න ඕන.'' යයි රවී කරුණානායක සඳහන් කළේය.
''TIN අංකය ගැන අනියත බියක් එපා''
බදු ගෙවන්නන් හඳුනාගැනීම සඳහා නිකුත් කරන අංකයක් නැතිනම් Taxpayer Identification Number ලබාගැනීම සම්බන්ධව අනියත බියක් මතුව ඇති නමුත් එය කිසිසේත් බියවීමට කාරණයක් නොවන බව ද රවී කරුණානායක පැවසිය.
TIN අංකයක් ලබාගත් පමණින් කිසිසේත් බදු ගෙවීමට සිදුනොවන බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
TIN අංකය ගැන රටේ බහුතරයක් කතා කරගෙන යනවා. මේ ගැන අනියත බියක්ද මතුව තිබෙනවා. ඒ නිසා මේ ගැන නිවැරදි දිය යුතුයි. TIN එහෙමත් නැත්නම් Taxpayer Identification Number කියන්නේ හැඳුනුම්පත වගේම දෙයක්. බදු ගෙවන්නන් හඳුනාගැනීම සඳහා නිකුත් කරන අංකයක්. ඉතිං මේ TIN අංකය ලබාගත් නිසා බදු ගෙවන්න සිද්ධ වෙනවා කියලා දෙයක් නෑ. යම් තැනක ගෙවා තිබෙන බදු නැවත ලැබෙන්නත් පුළුවන්. බදු ගෙවන්න සිදුවන්නේ ඒ නිර්ණායක වලට ඇතුළත් පිරිසට පමණයි. ඒ නිසා මේ අංකය ලබාගැනීම බය වෙන්න දෙයක් නෙවෙයි.
නමුත් අද බලන්න සමාගම් 120,000ක් පමණ තිබෙන රටක බදු ගෙවන්නේ සමාගම් 18,000යි. මෙය ඉතා ලැජ්ජා සහගත තත්ත්වයක්. ඒ වගේම ලක්ෂ 220ක් ඉන්න රටක බදු ගෙවන්නේ ලක්ෂ 2ක් ලක්ෂ 3ක් වගේ ප්‍රමාණයක් වීමත් ප්‍රශ්නයක්. කොහොම නමුත් ලියා පදිංචි වූ පමණින් 94%කට බදු ගෙවන්න සිද්ධ වෙන්නේ නෑ. නමුත් බදු ගෙවිය යුතු සියලු දෙනා නිසි පරිදි එය සිදුකළ යුතුයි.
''අවුරුදු 75ක් තිස්සේ රට ගියේ බොරු කියමින් නිසි වෘත්තීය පදනමක් නැතුවයි. ඒ නිසා තමයි රටට මෙවැනි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. මේ හදන්නේ ඒ බංකොලොත් භාවයෙන් රට එලියට ගන්නයි. ''

අවලෝකිතේෂ්වර බෝධි සත්ත්වයා රිමාන්ඩ්
අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා එළඹෙන 24වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
සැකකරු අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.
සැකකරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය.
අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් මහින්ද කොඩිතුවක්කු නැමැත්තෙක් පසුගිය 01 වනදා ඊජිප්තුවේ සිට මෙරටට පැමිණ තිබු අතර පසුව ඔහු විවිධ ස්ථානවලට යමින් දේශන සිදුකරන අයුරුද අනුගාමිකයින් ඔහුට වැඳුම් පිඳුම් කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
අදාළ තැනැත්තාගේ දේශන තුළින් බුද්ධ චරිතයට සහ බෞද්ධ ආගමික ඉගැන්වීම්වලට නිගාවන බවට බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණේ ඒ අනුවය.
ඒ අනුව අදාළ තැනැත්තා පිළිබඳ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබු අතර ඒ සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද ලබාගෙන තිබිණි.
මෙවන් පසුබිමක පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ දහවල් පන්නිපිටිය ප්‍රදේශයේදී අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටින සැකකරුව අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව සැකකරු නේවාසිකව රැඳීසිටි කැස්බෑව, මාකන්දන සර්වෝදය පාරේ පිහිටි දෙමහල් නිවස වෙත සැකකරු රැගෙන ගොස් එම නිවස පරික්ෂා කිරීමටද විමර්ශන නිලධාරින් කටයුතු කළේය.
පසුව ප්‍රශ්න කිරීම් සඳහා සැකකාර අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටි තැනැත්තා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන එනු ලැබීය.

ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නෑ !
දැන් දවසින් දවස දේශපාලන පිටිය රත්වෙමින් තියෙන්නේ ..
''ජනාධිපතිවරණය කැඳවන්නේ මැතිවරණ කොමිසමයි'' , මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියනවා.
''මෙම වසරේ පැවැත්වීමට යෝජිත ජනාධිපතිවරණය කැඳවීමේ නිල ප්‍රකාශය නිකුත් කිරීම සහ මැතිවරණය පවත්වන දින නියම කිරීම සිදුකරන්නේ මැතිවරණ කොමිෂන් සභාවෙන්. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිෂන් සභාවට හිමිව ඇති බලය අනුව සිදුකෙරෙනවා. '' සමන් ශ්‍රී රත්නායක කියනවා.
පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය යටතේ ජනාධිපතිවරණය සැප්තැම්බර් දෙවැනි සතියත් ඔක්තෝබර් මස දෙවැනි සතියත් අතර කාලය තුළ පැවැත්විය යුතු බවද ඔහු අවධාරණය කරනවා.
ඔය කියන විදියට ජනාධිපතිවරණයට තව මාස 8ක් විතර තියනවා. දැනට ඡන්ද සටහනට බැහැලා ඉන්නේ සජිත්- අනුර- දිලිත් සහ ධම්මික.
පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ සංවාදය විටින් විට දේශපාලන කරළිය තුළ ඉස්මතු වෙනවා. ධම්මික පෙරේරාගේ නම නිරන්තරයෙන් කියැවුණු අතර පසුගිය සතිය වන විට නාමල් රාජපක්ෂ නමත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සංවාදයට ලක්වන බවක් පෙනී යනවා.
“කොහොමත් එකයි. නාමල් දැම්මා නම් හරි."
යන අදහස පෙරදැරිව කටයුතු කරන මන්ත්‍රීවරුන් සහ පොහොට්ටු ක්‍රියාකාරීන් පිරිසක් සිටින බව පේන්න තියෙනවා .
“අපි බොහොම පැහැදිලිව කිව්වා, තාමත් කිසිම ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් අපි නම් කරලා නැහැ."
රූපවාහිනී සංවාදයකට එක්වෙමින් පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මෙලෙස අවධාරණය කළේ මේ අතරවාරයේදී..
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ නම් ඔහුට නිශ්චිත වශයෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ සහයෝගය ලැබිය යුතු බව ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනකු සඳහන් කර තියනවා.
“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මහින්ද මහත්තයාගෙ සහයෝගය ගන්න එක එච්චර අපහසු නෑ." - සමහරු කියනවා.
ඇතැම් දේශපාලන වාර්තාවන්ට අනුව, ජනපති හිතෛශීන් මහින්ද රාජපක්ෂ ගේ සහයෝගය වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.
''පොහොට්ටුවේ අපේක්ෂකයෙක් නැතිවෙන්නත් පුළුවන්'' ඔන්න ඒ අස්සේ මහින්ද කියලා .
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීමටද ඉඩක් තියනවා කියලයි පොහොට්ටු පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියන්නේ.
මහින්ද හිටපු ජනාධිපති එහෙම කතාවක් කියලා තිබුනේ, මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
'' අපි තාම තීරණයක් අරගෙන නෑ නේ. සමහරවිට අපේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්." - මහින්ද කියනවා.
ඔය කතාව අවට ගියාට කියපු කතාවක් වෙන්න බෑ .. ජනාධිපතිවරණය දිනන්න එජාපය හදන සන්ධානෙට රාජපක්ෂලා ගත්තොත් රනිල්ට ඇපත් නෑ කියලා , නිමල් ලන්සලගේ අලුත් සන්ධානේ කට්ටිය කියනවා.
ඒ අස්සේ රනිල් පහුගිය සතියේ UNP මැනේජ්මන්ට් කමිටි එකේදී කියලා තිබුනේ අමුතු කතාවක් .. '' මම මේ පාර ජනාධිපතිවරනෙට එන්නේ නිපාක්ෂික ස්වාධින අපේක්ෂකයා විදියට. ඉති කව්රුහරි මට උදව් කරනවා කිව්වොත් මම එපා කියන්න ද ? - රනිල් එහෙම කියල තිබුනේ , රාජපක්ෂලා ත් ජනාධිපතිවරණ සටනට එකතුකර ගන්නද කියලා , ඒ රැස්වීමේ හිටපු ව්‍යාපාරික මහත්තයෙක් අහපු ප්‍රශ්නෙට උත්තරයක් විදියට.
මහින්ද , අපෙන් අපේක්ෂකයෙක් දන්නේ නෑ වගේ කතාවක් කියන්නේ, රනිල් එක්ක ඇතිකර ගත එකඟත්වයක් අනුව වෙන්න බැරිද ?
මතකද 2015, ජනාධිපතිවරණයේදී ජවිපෙ උදවිය අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර මෛත්‍රී දිනවන්න යටින් දුන්න ගැම්ම ..
ඒ කියන්නේ පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නොදා යටින් රනිල්ට සප් එකදෙයි කියන එකද. ප්ලීස් මුහුදට හත් ගව්වක් තියෙනකොට සරම් කැහිපට නොගහා ඉමුද.. . තව මාස 8කට වැඩිය තියනවා. මොනවයින් මොනවා වෙන්න බැරිද.. තවත් ටික දොහක් බලන් ඉමු..
දේශපාලන වාර්තාකරු

සජබ භාගයට වැඩි ජනපතිට එකතු වෙනවා : හැරිසන් කැට තියයි !
සමගි ජන බලවේගය පක්ෂයේ දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භාගයට වඩා වැඩි පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වනු ඇති බව හිටපු අමාත්‍ය පී හැරිසන් පවසයි.
ඔවුන් ඉදිරි මැතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වන බවට තමන් කැට තබා පවසන බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
හිටපු අමාත්‍ය පී.හැරිසන් මෙම අදහස් දක්වා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවක් අමතමිනි.
ජනතා විමුක්ති පෙරමුණටද ටිකක් දීලා බලන්නයි එහි නායකයා ඉල්ලා සිටියද එලෙස අත්හදා බැලීමට ගෝඨාභය රාජපක්ෂයට ලක්ෂ හැට නමයක් එකතුවී බලය ලබාදී වසර දෙක හමාරකින් රට කඩා වැටුණු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අවලෝකීතේෂ්වර වෙන්ඩ ගිය මහින්ද අත්අඩංගුවට
අවලෝකේතීශ්වර බෝධිසත්වයන් වහන්සේ බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන විකෘති දේශනා කළැයි කියන පුද්ගලයා අද (15) පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයෙකි.
ඔහු කැලණිය රජමහා විහාරයට සුඛෝපභෝගි මෝටර් රථයකින් පැමිණිමෙන් පසු සිල්මාතාවක් ඇතුළු පිරිසක් ඔහුට වැදුම් සිදුකරන අයුරු ද ඊට ඇතුළත් විය.
මොහු පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කරන්නැයි ඉල්ලා බොද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි.
ඒ් අනුව, ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනවල ප්‍රගතිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
එහිදී මෙම පුද්ගලයාට විදෙස්ගමන් තහනමක් පනවන ලෙසත්, ඔහුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අවසර දෙන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහෙස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා තිබුණි.
ඊට අවසර දුන් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේ, ලබන 17 වනදා විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසයි.

IMF නියෝජිතයන් උතුරේ සංචාරයක
මෙරට නිල සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් ඇතුළු කණ්ඩායමක් උතුරු පළාතේ සංචාරයක නිරත වී තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් අණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් හමු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස උතුරු පළාතේ ජන ජීවිතයේ වර්තමාන තත්ත්වය සහ සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විමසා ඇත.
උතුරු පළාතේ ජීවත්වන ජනතාව ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම, ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය,ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ක්‍රියාත්මක කළ හැකි යෝජනා පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.
චාල්ස් මහත්මිය එහිදි පවසා ඇත්තේ, උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ඔවුන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සඳහාත් රජය මේ වන විට සැලසුම්ගත වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බවය.

තෛපොංගල් උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම් !!!
හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අද (15) දිනට යෙදී තිබේ. ලොව පුරා හින්දු බැතිමත්හූ තෛපොංගල් උත්සවය අද මහ ඉහළින් සමරති.
අදට යෙදී ඇති තෛයිපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමග රට පුරා කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් වෙනුවෙන් අවශ්‍ය සැලසුම් දැනටමත් රජය ක්‍රියාවට නංවා ඇති බවයි.
බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත නගා සිටුවමින් සශ්‍රීක රටක් ගොඩනැගීමේ දී අප කෘෂිකර්මාන්තය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ගත යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
එම කටයුතු සාර්ථක කර ගැනීමට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරන බවද, ජනාධිපතිතුමා නිකුත් කළ තෛපොංගල් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර ස්වභාවධර්මය සමග බැඳි සම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් දමිළ ගොවි ජනතාව සරු අස්වැන්නක් ලබා ගැනීම උදෙසා සූර්යයාට කෘතඥතාව පුදන මෙම අස්වැන්නේ මංගල්‍යය දැයේ ජීවනාලියේ පිළිබිඹුවක් වනු ඇතැයි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරනවා.
තෛපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ එය වත්මන් තත්ත්වයන් හමුවේ ආහාර සුරක්ෂිතාවය සහ ග්‍රාමීය පුනර්ජීවනය සඳහා වන සක්‍රීය සංකල්පයට උත්තේජනයක් වනු ඇති බවයි.
මේ අතර අප රට තුළ නිර්මාණය වූ බංකොලොත්භාවයත් සමග ඇති වූ අභියෝගාත්මක වසරක් අවසානයේ තවත් අභියෝග රැසකින් යුත් වසරකට අප එළැඹ ඇතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තෛපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පැවසුවේ, එකී අභියෝගයන්ට අප ජාති, ආගම්, කුල, ගෝත්‍ර භේදයකින් තොරව මුහුණ දිය යුතු බවයි.
ඒ සඳහා අවශ්‍ය වන ස්වාභාව ධර්මයේ ආශිර්වාදය මෙවර තෛපොංගල් දිනයේදී ලබා ගෙන ලෝකයේ අංක එකේ රට බවට පත්වීමේ නව ගමනකට, නව වෙනසකට එක්වන ලෙස සකල ලෝකවාසී ශ්‍රී ලාංකිකයන්ගෙන් , ඉල්ලා සිටින බව විපක්ෂ නායකවරයා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
ධර්ම විකෘතීන්හි හා ශාසන විකෘතීන්හි යෙදෙමින් පටු ලාභාපේක්ෂාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනයට කටයුතු කරන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ජනපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබේ.
සංවිධානාත්මකව බුදු දහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බෞද්ධ දර්ශනයේ හා සංස්කෘතියේ හර පද්ධතීන්ට හානි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව උන්වහන්සේලා අදාළ ලිපිය මඟින් ජනපතිවරයාගේ අවධානයට යොමුකර ඇත.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් යුතුව ජනපතිවරයා වෙත යොමුකර තිබෙන ලිපියේ මෙසේද සඳහන් වෙයි.

TIN එකට බය වෙන්න එපා : හිටපු මුදල් ඇමති රවී කියයි !
බදු ගෙවන්නන් හඳුනාගැනීම සඳහා නිකුත් කරන අංකයක් නැතිනම් Taxpayer Identification Number ලබාගැනීම සම්බන්ධව අනියත බියක් මතුව ඇති නමුත් එය කිසිසේත් බියවීමට කාරණයක් නොවන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
TIN අංකයක් ලබාගත් පමණින් කිසිසේත් බදු ගෙවීමට සිදුනොවන බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ, "රටම බයවෙලා ඉන්න මොකක්ද මේ TIN අංකය?" යනුවෙන් මාධ්‍යවේදියකු නගු පැනයකට ප්‍රතිචාර දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේ පැවසීය.
TIN අංකය ගැන රටේ බහුතරයක් කතා කරගෙන යනවා. මේ ගැන අනියත බියක්ද මතුව තිබෙනවා. ඒ නිසා මේ ගැන නිවැරදි දිය යුතුයි. TIN එහෙමත් නැත්නම් Taxpayer Identification Number කියන්නේ හැඳුනුම්පත වගේම දෙයක්. බදු ගෙවන්නන් හඳුනාගැනීම සඳහා නිකුත් කරන අංකයක්. ඉතිං මේ TIN අංකය ලබාගත් නිසා බදු ගෙවන්න සිද්ධ වෙනවා කියලා දෙයක් නෑ. යම් තැනක ගෙවා තිබෙන බදු නැවත ලැබෙන්නත් පුළුවන්. බදු ගෙවන්න සිදුවන්නේ ඒ නිර්ණායකවලට ඇතුළත් පිරිසට පමණයි. ඒ නිසා මේ අංකය ලබාගැනීම බය වෙන්න දෙයක් නෙවෙයි.
නමුත් අද බලන්න සමාගම් 120000ක් පමණ තිබෙන රටක බදු ගෙවන්නේ සමාගම් 18000යි. මෙය ඉතා ලැජ්ජා සහගත තත්ත්වයක්. ඒ වගේම ලක්ෂ 220ක් ඉන්න රටක බදු ගෙවන්නේ ලක්ෂ 2ක් ලක්ෂ 3ක් වගේ ප්‍රමාණයක් වීමත් ප්‍රශ්නයක්. කොහොම නමුත් ලියා පදිංචි වූ පමණින් 94%කට බදු ගෙවන්න සිද්ධ වෙන්නේ නෑ. නමුත් බදු ගෙවිය යුතු සියලු දෙනා නිසි පරිදි එය සිදුකළ යුතුයි.
අවුරුදු 75ක් තිස්සේ රට ගියේ බොරු කියමින් නිසි වෘත්තීය පදනමක් නැතුවයි. ඒ නිසා තමයි රටට මෙවැනි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. මේ හදන්නේ ඒ බංකොලොත් භාවයෙන් රට එලියට ගන්නයි.
මේ වෙනකොට IMF නියෝජිතයන් පැමිණ සිටිනවා. ඔවුන්ගේ උපදෙස් මත වැට් වැඩිකර තිබෙනවා. එතනදී ඔවුන් කියන්නේ ආදායමත් වියදමත් සමබරතාවයට ගේන්න කියලයි. 15% සිට 18 % ක් දක්වා වැට් වැඩිවීමේ යම් අසාධාරණයක් ද තිබෙනවා. මොකද මේ 3% වැඩි වෙන්නේ රුපියල් බිලියන 146ක් උපයන්නේ රාජ්‍ය සේවයේ ඉන්න ලක්ෂ 17 කට වැටුප් ගෙවන්නයි. එය එසේ නම් මේ වැට් වැඩි කිරීමේ ඵලදායිතාවක් තිබේද යන්න ගැන නැවත සිතා බැලිය යුතුයි. ඒ නිසා මම නම් හිතන්නේ වැට් වැඩි කිරීම වෙනුවට ඵලදායිතාව ඇතිකරලා, නාස්තිය නැති කිරීමයි අවශ්‍ය වන්නේ. ඒ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට කියන්න ඕන, අපි ආදායම් උපයලා පෙන්නන්නම්.. ඒ සඳහා වන මාර්ගය අපේ අතට දෙන්න කියලා. මෙතැනදී රජයේ නිලධාරීන්ටද වගකීමක් තියෙනවා. ඔවුන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය විට ඊළඟට යන්න තිබෙන රැකියා ස්ථාන ගැන හිතන්නේ නැතුව, බය නැතුව ඇත්ත කතා කරන්න ඕන. ඔවුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න ඕන.

සමගිය ඇතුලේ ට්‍රොයිකාවක් හැදිලා !
සමගි ජනබලවේගය පක්ෂය තුළ දේශපාලන ''ට්‍රොයිකාවක්'' හැදිලය කියලා කතාවක් යනවා .
මේ ''ට්‍රොයිකාවට'' අයිති පක්ෂයෙ ඉන්න ආර්ථික කටයුතු ගැන කතාකරන තුන්දෙනෙක්ලු.
එයාල මේ පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයො හැටියට කාලයක් කට්ට කාලා, පක්ෂය ගොඩනගන්න මහන්සි වූ අය බවයි එයාලගෙ අදහස.
ඒත් අලුතෙන් පක්ෂයට එන අයට මේ පැරණි අයට වඩා තැනක් ලැබීම ''ට්‍රොයිකාවට'' දිරවන්නෙ නැතිලු.
ඒ වාගේම ''ට්‍රොයිකාව''ට අයිතිය කියන එක්තරා උගතකුට පක්ෂයෙම අය ප්‍රසිද්ධියේ වාග් ප්‍රහාර එල්ල කිරීම ගැනත් මේ අය නොසතුටින්ලු ඉන්නෙ. මේ බව දන්න ආණ්ඩුවෙ ලොකු මහත්තයෙක් මේ ට්‍රොයිකාවෙ තුන්දෙනාට දේශපාලන ඇමක් දාගෙන ඉන්නවා කියලත් ආරංචියි.
දේශපාලන වාර්තාකරු

කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටකළ ගුරා රිමාන්ඩ් !
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2023 කෘෂි විද්‍යාව- 2 ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලිවීමට පෙර සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බවට සැකපිට අත්අඩංගුවට ගනුලැබූ අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ කෘෂි විද්‍යා ගුරුවරයා ජනවාරි 26 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර අතිරේක දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් චතුරිකා එම්. චන්ද්‍රතිලක අද (14) නියෝග කළාය.
අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා 52 වන වියේ පසුවන අම්පාර, විජිතපුර ප්‍රදේශයේ පදිංචි දමින්ද ලක්මාල් නමැත්තෙකි.
විභාග දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වාගෙන හෙළිවූ තොරතුරු මත සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ අධිකරණයට දැන්වීය.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අපරාධ විමර්ශන ඒකක 3 අංශයේ නිලාධාරීන් කණ්ඩායමක් විසිනි.
කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය ඉකුත් 10 වැනිදා පැවැති අතර එය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීම හේතුවෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසූරිය එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට කටයුතු කළ බව ද අධිකරණයට දැන් වීය.

ජපන් මුදල් ඇමති සජිත්ගේ ප්‍රතිපත්තිය ප්‍රතිකේෂ්ප කරලා : හර්ෂ වැඩේ පත්තු කරලා !
ශ්‍රී ලංකාව හැකි ඉක්මණින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කළ යුතු බවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී වැඩසටහන කඩා කප්පල් කර නොගත යුතු බවද ජපන් මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි පැවසු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි .
මන්ත්‍රීවරයා පවසන්නේ තමන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමක් සමඟ ජපාන තානාපති කාර්යාලයේදී මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි සහ තානාපති මිසුකොෂි හිදෙකි හමුවූ බවත් එහිදී මේ බව සඳහන් කෙරුණු බවය.
කෙසේ වුවත් විපක්ෂ නායක සජිත් දිගින් දිගටම පසුගිය සමයේ පවසා සිටියේ සජබ ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ශ්‍රී ලංකා රජයේ වැඩසටහන සංශෝධනය කරන බවය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ජපන් මුදල් අමාත්‍යවරයා විසින් සජබ ප්‍රතිපත්තිය ප්‍රතිකේෂ්ප කිරීමක් මේ හරහා පෙන්නුම් කරන බවය. ලංකාවේ ප්‍රධාන ණය හිමියෙකු වන ජපානයේ මෙම අදහසට පිටුපෑමට කොහෙත්ම ඉඩක් නොමැති බවද විචාරක මතය වී තිබේ.

අනුර දිනුවත් දිවුරුම්දීමට ලැබෙයිද සැකයි : මොනවද ලාල් මේ කියන්නේ ?
එළැඹෙන ජනාධිපතිවරණය ජය ගත්තත් අනුර දිසානායක ට දිවුරුම් දීමට නොහැකි වන ලෙස අගවිනිසුරුවරයා උස්සනු ඇතැයි සැකයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික , ජාතික ජනබලවේගය පක්ෂයේ විධායක කමිටු සාමාජික , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත පවසයි .
අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගන්නා බවට බොහෝ පක්ෂවල අය දෙගිඩියාවට පත්කර ඇති බවද පැවසූ ඔහු ඒ නිසා ජනාධිපතිවරණය නොපවත්වනු ඇතැයි සැකයක් ඇති බවද කියා සිටියේය
ලාල් කාන්ත හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා සිටියේ මහනුවර කරළියද්ද ප්‍රදේශයේදී පැවති ජාතික ජන බලවේගය ජන හමුවක් අමතමිනි.
ජනාධිපතිවරණයෙන් මාලිමාව ජයග්‍රහණය කරන බවට සියලු සමීක්ෂණ වාර්තා සහතික කර ඇතැයිද කේ. ඩී. ලාල් කාන්ත එහිදී පැවසීය .

අත්‍යවශ්‍ය වාහන සඳහා නව ගැසට්ටුවක්
වාහන ආනයනය කිරීම සඳහා නිකුත් කර ඇති නව ගැසට් පත්‍රය රජයට අත්‍යවශ්‍ය වාහන කිහිපයක් සඳහා පමණක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
"පොදුවේ වාහන ගෙන ඒමට නෙමෙයි ගැසට් එක ගැහුවේ. රජයේ ආයතන කිහිපයක අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් සඳහා වාහන කිහිපයක් ගෙන එන්න. ඒ වගේම විදේශ ආධාරවලින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා ඒ විදේශ ආධාරවලින්ම ලැබෙන මුදල්වලින් තමයි ගෙන එන්නේ. උදාහරණයක් ගත්තොත් අධ්‍යාපන අමාත්‍යාංශයට බස් රථ දෙකක්, විදේශ ව්‍යාපෘති යටතේ ලැබෙන. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයට ඩබල් කැබ් රථ 21ක්, ඒ වගේම ජංගම මාතෘ සායන සඳහා භාවිත කරන වාහන 03ක්, කම්කරු අමාත්‍යාංශය සඳහා එක වාහනයක්."
"ඊට අමතරව ශ්‍රීලන්කන් ගුවන් සේවයට ගුවන් මගීන්ට ගුවන් යානයෙන් බහින්න අවශ්‍ය වන වාහන 03ක් එපමණයි. රජයේ ආයතනවලට අත්‍යවශ්‍ය දේවල්. ශ්‍රීලන්කන් ගුවන්සේවයේ හැරෙන්නට අනෙකුත් සියලුම වාහන විදේශ ව්‍යාපෘති මගින් ක්‍රියාත්මක වන වැඩසටහන් සඳහා ඒ විදේශ ආධාර මගින් ලැබෙන මුදල් යොදවලා තමයි අරගෙන තියෙන්නේ."

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනයක්
වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සංශෝධනයන් ක්‍රියාත්මක කෙරෙනු ඇත. මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
ඒ අනුව, තල් අරක්කු හැර වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් දක්වා ඉහළ නංවා ඇත. මීට පෙර එම ගාස්තුව පැවතියේ රුපියල් ලක්ෂ 10ක් ලෙස ය.
රුපියල් 250,000ක්ව පැවති තල් අරක්කු ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා තිබේ.
රා බෝතල් කිරිමේ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 10 සිට කෝටිය දක්වා ඉහළ නංවා ඇති අතර විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 5 සිට විසි පන් ලක්ෂය දක්වා ඉහළ නංවා ඇත.
මත්පැන් සඳහා ලබාදෙන වාර්ෂික තොග වෙළෙඳ බලපත්‍ර ගාස්තුව නව ගාස්තු සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා තිබේ.එය මීට පෙර රුපියල් ලක්ෂ 10ක් ලෙස පැවතිණි.
මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ගාස්තුව මහ නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ලෙස ද නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් ලෙස ද අනෙකුත් ප්‍රදේශවලට රුපියල් කෝටියක් ලෙස ද ඉහළ නංවා තිබේ.
හෝටල් සඳහා ලබාදෙන මත්පැන් බලපත්‍ර ගාස්තු ද සංශෝධනය කර ඇත.කාමර 200ක් හෝ ඊට වැඩි හෝටල් සඳහා රුපියල් ලක්ෂ 10 දක්වාත් කාමර 20 සිට 199 දක්වා රුපියල් ලක්ෂ 5ක් ද කාමර 20ට අඩු හෝටල් සඳහා රුපියල් 250,000ක් ද වශයෙන් බලපත්‍ර ගාස්තු ඉහළ දමා තිබේ.
රුපියල් ලක්ෂයක්ව පැවති තානායම් බලපත්‍ර ගාස්තුව ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, සමාජ ශාලා සඳහා මත්පැන් බලපත්‍ර ලබාදීමේ ගාස්තු අඩු කිරීමට පියවර ගෙන තිබේ.
රුපියල් ලක්ෂ 5ක් ලෙස පැවති හිමිකාර සමාජ ශාලා බලපත්‍ර ගාස්තුව රුපියල් 250,000 දක්වා අඩුකර ඇති අතර සම්භාෂණ හා විනෝද කාර්යයන් සඳහා වන සමාජ ශාලා සඳහා වූ බලපත්‍ර ගාස්තුව සංශෝධනය නොකර පැවති රුපියල් දෙලක්ෂ පනස් දහසේ ගාස්තුව ම අය කිරීමට තීරණය කර ඇත.

රාජ්‍ය වියදම්, වැටුප් සහ දීමනා ගැන විශේෂ චක්‍රලේඛයක්
රාජ්‍ය වියදම් පාලනය, අත්‍යවශ්‍ය වියදම්, වැටුප්, දීමනා සහ ගමන් වියදම් ඇතුළු අංශ කිහිපයක් සම්බන්ධයෙන් දැනුම් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
අභියෝගාත්මක ආර්ථික වාතාවරණය තුළ රාජ්‍ය වියදම් ඉහළ යාම සහ රාජ්‍ය ආදායම් සීමාසහිත වීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය අවකාශය අතිශයින් සීමාකාරී වී ඇති බව එහි සදහන් වේ.
ඒ අනුව, නිකුත් කර ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.
අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ.

රනිල් ගැන රවී කියයි : ධම්මික රිවර්ස් !
2024 මැතිවරණ වසරක් කිව්වට මොකද , කවුරුත් හෙව්වේ මුලින්ම එන මැතිවරණය මොකක්ද කියලයි .
කවුරුත් හොයපු ඒ පැනයට විසඳුම පසුගියදා ලැබුණේ , එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී.
එහිදී ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වෙන බව ප්‍රකාශ වීමත් සමඟම දේශපාලන පක්ෂ නව වසර ආරම්භයේදීම ජනපති සටනට හිටු කියල වැඩ.
ජනාධිපතිවරණය සැප්තැම්බර් එන බව ජනපති රනිල් ප්‍රසිද්ධ කළේ විපක්ෂය මහ මැතිවරණ කතා කියද්දී.
දැන් තියන ආරංචිවල හැටියට රනිල් ජනාධිපතිවරණයට එන එක ෂුවර්. එජාප නායකයොත් දැන් ඒ ගැන කියන්න පටන් අරගෙන . ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා කියලා , රවී කරුණානායක ත් ප්‍රකාශ කරලා තිබුනා.ල්
රනිල් විතරක් නෙමෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මාලිමවේ නායක අනුර දිසානායක, MJP නායක දිලිත් ජයවීර මේ වෙනකොටත් ජනාධිපති අපේක්ෂකයින් විදියට කැම්පේන් පටන් අරගෙන .
පහුගිය දවස්වල සල්ලි ගස් හොල්ලමින් , දේශපාලන පිටියේ ලොකුවටම කැම්පේන් එක පටන් ගත්තේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා. ඒ, පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විදියට. ඔන්න දැන් පොහොට්ටුව ඇතුලේ කතාවක් යනවා.. ''ධම්මික ලේෆට්'' කියලා .
බැසිල් ඇමරිකාවට යන්න ඉස්සෙල්ලා , පහුගිය දෙසැම්බර් 15 වෙනිදා පොහොට්ටු සම්මේලනයක් තියලා , ධම්මික පෙරේරාට ඉස්සරහ පුටුවක් දීලා ජනාධිපති අපේක්ෂකයා විදියට සිග්නල් එක දීපු දවසේ ඉඳලා , පොහොට්ටුව ඇතුලේ ලොකු බරබරයක් කියල අපි පහුගිය ටිකේම කිව්වා මතකනේ.
ආරංචි හැටියට දැන් ධම්මික දානවට රාජපක්ෂ පවුලේ කට්ටියත් කැමති නැ ලු. ඒකේ පෙරමුණ අරන් තියෙන්නේ , මහින්ද ලොක්කගේ නෝනා මහත්තයා , ශිරන්ති ලු.
ධම්මිකට ජනාධිපති අපේක්ෂක කම දෙන්න කොන්දේසි 10 ක් දාලා කියලා , කතාවක් පහුගිය ඔය හැම මාධ්‍යයක ම ගියා මතකනේ. දැන් එන ආරංචිවල හැටියට ඒක ධම්මික ගේ ම ප්ලාන්ට් එකක්. ඒ කොන්දේසි 10 න් කියන්න ධම්මික දැනටත් කරන ඔය ජොබ් දෙන, තාක්ෂණික පුහුණුව දෙන ප්‍රොජෙට්. ඔය කොන්දේසි දැම්මේ කව්ද කියලා , ප්‍රසන්නලා හොයද්දී නාමල් ලත් මීක් නෑලු.
ආරංචි විදියට ධම්මික ව පොහොට්ටුවේ අපේක්ෂකයා විදියට දැම්මොත්, පොහොට්ටුවේ කියලා ඉතුරු වෙන්නේ, ධම්මිකගේ මාසික පඩි ලයිස්තුවේ ඉන්න මන්ත්‍රී ල දහ පහළොස් දෙනා විතර ලු. ඒකත් ෂුවර් නෑ කියලයි මධුරලා කියව කියවා යනවයි කියන්නේ.
වැඩේ අවුල් කියලා , නාමල්ට වගේම බැසිල්ටත් මීටර් වෙලා ලු. ධම්මික අපේ අපේක්ෂකයා නෙමෙයි කියලා ප්‍රකාශයක් කරන්න කියලා බැසිල් , පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් ට කියලා කියපු වෙලාවේ ඉඳල සාගර හැංගිලා කියලයි කතාව යන්නේ.
ඒ කතාවල ඇත්ත බොරු මොනවා වුනත්, චන්දේ ඉල්ලන සීන් වලින් රිවස් වෙන්න ධම්මික ත් තීන්දුවක් අරගෙන කියලයි කතාව යන්නේ. ඒත් බැසිල් අද හෙට ආවට පස්සේ ඒ ගැන හරි හමන් තීන්දුවක් ගමු කියලා , බට්ටා එහෙමත් නැත්නම් හිටපු පළාත් සභා මන්ත්‍රී ගාමිණී ගුණරත්න කිව්වා ලු..
ආරංචි විදියට ධම්මික රිවස් වෙන්න බලපාලා තියෙන්නේ පොහොට්ටුව ඇතුලේ විරෝධය විතරක් ම නෙමෙයි. ධම්මික පෙරේරාගේ පැටිකිරිය අනාවරණය කරලා හෙට අනිද්දා ප්‍රකාශයට පත්කරන්න යනවයි කියන බ්ලැක් බුක් එකලු. ධම්මිකගේ සියලු කෙරුවන් ''බ්ලැක් බුක් '' එකෙන් එලියට දාන්න යනවා කියලා මුලින්ම කිව්වෙත් ''ද ලීඩර්''
ඔය කෙහෙල්මල් දේශපාලනෙන් අයින් වෙන්න කියල ඔන්න දැන් ධම්මික ගේ පවුලේ කට්ටියම බර බරේ දාන්න පටන් අරන් ලු.
'' සර්ගේ මේ දේශපාලනේ නිසා අපේ බිස්නස් වලටත් ප්‍රශ්න එන්න ඉඩ තියනවා..'' -ධම්මිකගේ කම්පැනිවල ලොක්කෝ කියන්න පටන් අරන් ලු.
ධම්මිකගේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් ලබාදීමේ “ඩී.පී.එඩියුකේශන් සිලිකන් වැලි අයි.ටී.ඔෆිස්” වැඩසටහන පහුගිය 10 වෙනිදා තිස්සමහාරාමයෙන් ආරම්භ කෙරුවා.
රාජපක්ෂ බලකොටුවේ තිබුන ඒ උත්සවේට රාජපක්ෂලා තියා කිසිම දේශපාලනඥයෙක් පැත්ත පළාතක වැද්දගෙන තිබුනේ නෑ .
'' මිනිස්සුන්ට මේ දේශපාලනඥයෝ එපා වෙලා. තිස්සමහාරාම උත්සවේට අපි දෙමාපියන්ගේ ළමයින්ගේ කතා අහල මට පුදුම දුකක් හිතුනේ. ඒ මිනිස්සු දේශපාලකයින්ට සාප කරනවා.. '' - ධම්මික එදා උත්සවේට ගිහින් එන ගමන් එයාගේ හිතවත්තු කීපදෙනෙකුට ම කිව්වා කියලයි කතාව යන්නේ.
'' ඒ කියන්නේ ලොක්ක රිවස් වෙන්න වගේ යන්නේ '' - ධම්මිකගේ හිතවත්තු දැන් කියන්න පටන් අරගෙන .
දේශපාලනය කරන්න තියෙන ධම්මිකගේ අයිතියට හරස් වෙන්න කාටවත් බෑ. හැබැයි ඉතිං ධම්මික තීරණය ගන්න ඕන නොදන්නා ගොවිතැනට ගොහින් අහවල් එක නැතිකර ගන්නවාද කියලා !
- දේශපාලන වාර්තාකරු
Page 123 of 474