ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර අද (17) දිට්වා සුළිකුණාටුව සමයේ නාය යෑමට ලක්වූ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවතුර ග්‍රාමයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූවා ය.
මෙම ජාතික ව්‍යසනයේ දී ඉතාම සංවේදී කලාපයක් ලෙස සැලකූ මාවතුර ප්‍රදේශයේ නිවාස රැසක් නාය යාමට ලක්ව 28දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් හය දෙනකු අතුරුදන් විය.
විපතට පත් ජනතාව සමග අදහස් හුවමාරු කරගත් ජෝර්ජිවා, ඔවුන්ට සිය සංවේගය පළ කළා ය. මෙවැනි ව්‍යසනකාරි අවස්ථාවක දී රජය ක්‍රියාත්මක කළ කඩිනම් සහන වැඩපිළිවෙළ පිළිබඳව සතුට පළ කළ ජෝර්ජිවා එහි දී ජනතාව දැක්වූ අසීමිත ධෛර්යය, කැපවීම හා එකමුතු බව ද අගය කළා ය.
දැන් මෙහි සිටින කුඩා දරුවන් රටේ අනාගත ප්‍රගතිය වෙනුවෙන් හෙට දවසේ විශාල දායකත්වයක් දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද, ඒ අරමුණ සාර්ථක කරගැනීම සඳහා රජය ළමා පරපුර සවිබල ගැන්වීමට කැපවී කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව ද විපතට පත් පවුල්වල දරුවන් අමතමින් ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සඳහන් කළා ය.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්, මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්. ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන අය ද සහභාගි වූහ.
ජනාධිපති මාධ්‍ය අංශය


