රාවය පුවත්පතෙහි සමාරම්භක කර්තෘ වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී වසරක් පිරීම නිමිති කරගෙන ඔහුගේ: මාධ්‍ය, දේශපාලන සහ සමාජ මැදිහත්වීම් අවලෝකනය කිරීමේ විශේෂ වැඩසටහනක් පෙරවාරි 26වන දින පස්වරු 02.30ට කොළඹ 07, නිදහස් චතුරශ්‍රයෙහි පිහිටි පදනම් ආයතනයේ දී පැවැත්වේ.
එම අවස්ථාවේ ප්‍රධාණ දෙසුම පවත්වනු ලබන්නේ මහාචාර්ය රොහාන් සමරජීව විසිනි.
ජ්‍යේෂ්ඨ නීතිඥ කේ. එස්. රත්නවේල්, මාධ්‍යවේදිනී හනා ඊබ්‍රාහිම් සහ අනිද්දා පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ කේ. ඩබ්ලියු ජනරංජන අදහස් දැක්වීමට නියමිත ය.

