නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය පිළිබඳ නොදන්නා බැවින් ඔහු ගේ බලාපොරොත්තුව රෝහල් වසා දෑමීම සඳහා කටයුතු කිරීම ද යන්න සැක සහිත යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
සමස්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙන් ම සමස්ත සෞඛ්‍ය පද්ධතියේ ම පවතින ගැටලු විසඳීම සඳහා නිසි ක්‍රියාමාර්ගයක් අමාත්‍යංශය පාර්ශ්වයෙන් නොගන්නේ නම් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට ඒළඹීමට සිදුවන බව ද වෛද්‍ය ප්‍රභාත් සුගතදාස අවධාරණය කළේ ය.
එමෙන් ම පසුගිය සෙනසුරාදා නීතිඥවරයකු සහ ඔහු ගේ බිරිඳ ගේ ඝාතනය සම්බන්ධයෙන් ඉතාමක් කනගාටුවට පත්වන බවත්, රට තුළ සිටින වෘත්තිකයින් ගේ ආරක්ෂාව පිළිබඳ වගවීම රජයේ වගකීමක් බවත් හෙතෙම පැහැදිලි කළේ ය.
මතු පළ වන්නේ මේ සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස දැක්වූ අදහස් අන්තර්ගත සම්පූර්ණ විඩියෝපට කිහිපය යි.

