විදුලිබල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා ගැනීම සඳහා දින 21ක් ලබා දුන්නා යැයි බලශක්ති අමාත්‍යවරයා පැවසී ය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (17) පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...
''ඉදිරිපත් කරපු යෝජනා අදහස් සැකිල්ලට අරගෙන සංශෝධනය කරමින් සැකසූ අවසන් ප්‍රතිපත්ති යෝජනා ඇතුළත් වාර්තාව, දැන් නැවතත් මහජන අදහස් ලබාගැනීම සඳහා ඉදිරිපත් කරල තියෙනවා. ඉදිරි 19 වන දින දක්වා ඒ සම්බන්ධයෙන් වන අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්''
එකී විදුලිබල ප්‍රතිපත්තිය මහජන අදහස් ලබා ගැනීම සඳහා බලශක්ති අමාත්‍යාංශයේ www.energymin.gov.lk නිළ වෙබ් පිටුවේ ප්‍රකාශයට පත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
