2025 සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹෙයි

2025 සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹෙයි

 2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,545කදී ආරම්භ වේ.

මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම සංඛ්‍යාලේඛන පහත පරිදි වේ.

පාසල් අයදුම්කරුවන්: 382,249 දෙනෙකි.

පෞද්ගලික අයදුම්කරුවන්: 69,214 දෙනෙකි.

විභාග කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා දිවයින පුරා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 531ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇත. විභාග ශාලා පරීක්ෂකවරුන් සහ ආරක්ෂක අංශ සම්බන්ධ කරගනිමින් සියලුම මධ්‍යස්ථාන වෙත විශේෂ ආරක්ෂාවක් සහ අධීක්ෂණයක් ද ක්‍රියාත්මක වේ.

මෙවර 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙයි. විෂයන් පැවැත්වෙන දිනය සහ වේලාව පිළිබඳව නැවත නැවතත් පරීක්ෂා කර බලා නියමිත වේලාවට විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස ඇය වැඩිදුරටත් උපදෙස් දෙයි.

විභාග ශාලාව තුළට ජංගම දුරකථන හෝ ස්මාර්ට් අත් ඔරලෝසු රැගෙන ඒම සපුරා තහනම් වන අතර ප්‍රවේශ පත්‍රය සමඟ සිය අනන්‍යතාවය තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත ළඟ තබා ගැනීම අනිවාර්යය වේ.

විභාගය සම්බන්ධයෙන් පැනනගින ඕනෑම ගැටලුවක් සඳහා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1911 ඇමතීමට හැකියාව පවතින බවද නිවේදනය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න