ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ පැවති පුරප්පාඩු පිරවීම සඳහා නව බඳවාගැනීම් සිදු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සුරා බදු දෙපාර්තමේන්තුව 1913 දී ස්ථාපිත කර ඇති අතර වසර 113 ක් පුරාවට මධ්‍යසාර හා දුම්කොළ ආශ්‍රිතකර්මාන්තයන්හි රාජ්‍ය බදු ආදායම සුරක්ෂිතව රජයට අයකර දෙමින්, නීත්‍යානුකූල නොවන කටයුතු සඳහා නීතිය බලාත්මක කරමින්, නිවාරණ කටයුතු මඟින් සමාජ ආරක්ෂණය කරමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර මුදල් අමාත්‍යවරයාගේ පාලනයට යටත්ව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයකු විසින් මෙහෙයවනු ලබන සුරාබදු දෙපාර්තමේන්තුවේ සමස්ථ තත්‍ය කාර්ය මණ්ඩලය 1236 කි.
අනුමත කාර්ය මණ්ඩලය 1649 ක් වන අතර තනතුරු 413 ක පුරප්පාඩු පවතී. වත්මන් මුදල් අමාත්‍ය අති ගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල්තුමාගේ සෘජු මැදිහත්වීමෙන් 2025, 2026 වර්ෂ වලදී කාර්ය මණ්ඩලය සඳහා නව බඳවා ගැනීම මෙන්ම උසස් කිරීම ද සිදු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ පාලන හා මානව සම්පත් අංශය විසින් පියවර ගෙන ඇත.
සුරාබදු කොමසාරිස් (රාජකාරී ආචරණ) -03,
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්-05, සහකාර සුරාබදු කොමසාරිස්-03, සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ)- 01, සුරාබදු අධිකාරී-15 , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරී- 01 , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර-02 , සුරාබදු පරීක්ෂක -33 , සුරාබදු නියාමක -95, සුරාබදු නියාමක රියදුරු -12 , සහකාර සුරාබදු කොමසාරිස් (රාජකාරී ආවරණ) -10 , ප්‍රධාන සුරාබදු පරීක්ෂක -26 , සුරාබදු පරීක්ෂක -22 , සුරා බදු සැරයන් මේජර් - 28 , සුරා බදු සැරයන් - 63 , සුරාබදු නියාමක -11 ලෙස ඇබෑර්තු සදහා අයදුම්පත් කැඳවේ.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ පැවැති පුරප්පාඩු පිරවීම මැයෙන් නිවේදනයක් නිකුත් කරමින් එගින් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා නව ජවයකින් රාජකාරී කිරීම, නීති විරෝධි ක්‍රියා මර්ධනය කරමින්, සමාජ ආරක්ෂණය සලසමින් සුවිශේෂී සේවා සඳහා මෙම බදවා ගැනීම් සිදු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
