Image

අල්ලස් කොමිසමට වෙනම නීතියක් නෑ; ප්‍රගතිය වාර්තා නොකර තවදුරටත් විමර්ශනය කරනවා කියන්න එපා - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

අල්ලස් කොමිසමට වෙනම නීතියක් නෑ; ප්‍රගතිය වාර්තා නොකර තවදුරටත් විමර්ශනය කරනවා කියන්න එපා - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

අධිකරණය ඉදිරියේ අල්ලස් කොමිසමට වෙනම නීතියක් තිබිය නොහැකි බවත්, අධිකරණ ක්‍රියාවලිය අනුගමනය කිරීමට කොමිසම බැඳී සිටින බවත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (08දා) අවධාරණය කළේය.

අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව විමර්ශනය ප්‍රගතිය හෝ විමර්ශනයට අදාළ සාක්ෂි සම්පිණ්ඩන වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කරමින් මහෙස්ත්‍රාත්වරයා එසේ පැවසීය.

අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීම සිදු කළ යුතු බවත් එසේ නොකොට තවදුරටත් විමර්ශන සිදු කරන බව පමණක් සඳහන් කිරීම නොකරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා තවදුරටත් අවධාරණය කර සිටියේ අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනකු අධිකරණය ඉදිරියේ පෙනී සිටිනවා නම් ඔවුන් සමස්ත අල්ලස් කොමිසම නියෝජනය කරන බවට අධිකරණයට හැඟී යන බවයි.

අධිකරණය ඉදිරියේ කැඳවන නඩු සම්බන්ධයෙන් නිසි කරුණු ඉදිරිපත් කිරීමට ඔවුන් බැඳී සිටින බවත් එසේ කරුණු ඉදිරිපත් නොකර නොසිටින ලෙසත් දන්වා සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න