Image

කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ වෙළෙඳ සමාගමකට රු. 200,000 ක දඩයක්

කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ වෙළෙඳ සමාගමකට රු. 200,000 ක දඩයක්

කල් ඉකුත් වූ තේ ඇසුරුමක් පාරිභෝගිකයකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් SPAR SL (PRIVATE) LIMITED සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවේ දී, විත්තිකාර සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය විසින් රු. 200,000/-ක දඩ මුදලක් නියම කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයේ දී, 2026.07.15 දින කල් ඉකුත් වූ බව සඳහන් 400g තේ ඇසුරුමක් රු. 1,000/-කට අලෙවි කර තිබූ බව අනාවරණය කරගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2014.08.15 දිනැති අංක 1875/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති විධාන අංක 52 උල්ලංඝනය කිරීම මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණි.

විධාන අංක 52 අනුව නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් සහ වෙළෙඳුන් විසින් විකිණීමට නුසුදුසු, කල් ඉකුත් වූ හෝ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බව හඳුනාගත් භාණ්ඩ, විකිණීමට ඉදිරිපත් කර ඇති අනෙකුත් භාණ්ඩ සමඟ එක්ව, යාබදව හෝ ඒවා අතර තබා ගැනීම, ගබඩා කිරීම හෝ එක්රැස් කිරීම නොකළ යුතු ය.

නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී SPAR SL (PRIVATE) LIMITED සමාගම වරද පිළිගත් අතර, ඒ අනුව ගරු අධිකරණය විසින් රු. 200,000ක දඩයක් නියම කරන ලදී.

ආහාර හා පානීය භාණ්ඩ මිලදී ගැනීමට පෙර කල් ඉකුත් වීමේ දිනය අනිවාර්යයෙන් ම පරීක්ෂා කරන්න. මිලදී ගැනීමෙන් පසු නිවැරදි බිල්පත හෝ රිසිට්පත ලබාගෙන සුරක්ෂිතව තබාගන්න.

කල් ඉකුත් වූ හෝ පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන ලෙස අධිකාරිය දන්වා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න