නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම 2026 සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.
එසේ පරිපාලන දඩ අය කර ගැනීමට පෙර එම ප්‍රමාදය සම්බන්ධයෙන් යම් සාධාරණ හේතුවක් තිබේ නම් එම සාධාරණ හේතුව කොමිෂන් සභාව වෙත දැන්වීමේ අවස්ථාව ලබා දීමට කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව 2023 අංක 9 දරණ දුෂණ විරෝධී පනතේ 80(1) වගන්තිය ප්‍රකාරව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු එහෙත් අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ නියමිත දිනට ප්‍රමාද වී ඉදිරිපත් කළ තැනැත්තකු වේ නම් එම ප්‍රමාදය සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදලක් අය නොකිරීමට හේතු 2026 සැප්තැම්බර් මස 30 දින හෝ ඊට පෙර ලිඛිතව (තහවුරු කිරීමේ ලේඛන තිබේ නම් ඒ සමඟ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත යොමු කළ යුතු බව එම නිවේදනය දක්වා ඇත.
එසේ යොමු කිරීමේදී, ප්‍රකාශය කළ තැනැත්තාගේ ජාතික හැදුනුම්පත් අංකය සහ දුරකථන අංකය එම හේතු දැක්වීමේදී සඳහන් කර තිබීම අනිවාර්ය වන අතර 2026 සැප්තැම්බර් මස 30 දින වනතුරුත් කොමිෂන් සභාව වෙත හේතු දැක්වීමක් නොලැබුනේ නම්, ප්‍රමාදය පිළිබඳව දැක්වීමට හේතුවක් නොමැති බව සලකා පරිපාලන දඩ අය කර ගැනීමට කටයුතු කරන බව වැඩිදුරටත් දන්වා ඇත.
2026.06.30 වන දිනෙන් පසුව එනම් නියමිත දිනය පසු වී (2026.08.31 දින දක්වා) ඉදිරිපත් කරන ලද වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) සම්බන්ධයෙන් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 90 වගන්තිය ප්‍රකාරව ප්‍රමාද වූ දින ගණනට අදාළව පරිපාලන දඩ මුදලක් අය කිරීම නීත්‍යානුකූලව සිදු කළ යුතුව ඇතැයි කියමින් ප්‍රමාදයන් සම්බන්ධයෙන් ගත් යුතු පියවර සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මෙම නිවේදනයක් නිකුත් කර ඇත.
හේතු දැක්වීම ඉදිරිපත් කළ යුතු විෂය සදහන් කරන ලෙසත් තැපෑලෙන් නම : ' ප්‍රමාද වීමට හේතු දැක්වීම" ලෙස ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවර සඳහන් කරන ලෙසත් එම නිවේදනය දැක්වේ.
විද්‍යුත් තැපෑලෙන් නම්: "ප්‍රමාද වීමට හේතු දැක්වීම " ලෙස Subject හි සඳහන් කරන්න. ආයතනික ලිපිනය වන අධ්‍යක්ෂ (වත්කම් සහ බැරකම් ප්‍රකාශ අංශය), නො.36, මලලසේකර මාවත, කොළඹ 07 වෙත ඒවා යොමු කරන ලෙසත් විද්‍යුත් ලිපිනය වන
දුරකථන/ ෆැක්ස් අංකයෛ- 0112587287, වටස් ඇප් අංකය -0767011954 දක්වන ලෙසත් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.එස්.ඒ. දිසානායක අධ්‍යක්ෂ ජනරාල් මහතාගේ අත්සනින් යුතුව එම නිවේදනය යොමු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
