Image

බැඳුම්කර නඩුව ඔක්තෝබර් 04 යළි කැඳවීමට නියෝග!

බැඳුම්කර නඩුව ඔක්තෝබර් 04 යළි කැඳවීමට නියෝග!

2016 මාර්තු 29 වැනිදා පැවති මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව යළි ඔක්තෝබර් 04  වැනිදා පවත්වන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න නියෝග කළා ය.

මෙම නඩුව විභාගයට මින් පෙර පත්කර තිබූ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සම්පූර්ණ වී නැති හෙයින් එම විනිසුරු මඩුල්ල පත් කරන තෙක් නඩුව කල්තැබීමට මහාධිකරණ විනිසුරුවරිය නියෝගග කළේ ය.

2016 වසරේ මාර්තු 29 වැනිදා බැඳුම්කර වෙන්දේසිය තුළින් රජයට රුපියල් කෝටි 3698ක පාඩුවක් සිදු කිරිම ඇතුළු අධි චෝදනා 32 ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්, පත්තිනිගේ සමරවීර, අර්ජුන් ඇලෝසියස්, ඇතුළු 10 දෙනෙකුට මෙම නඩුව පවරා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න