අල්ලස්, දූෂණ හා අක්රමිකතා පිළිබඳ විමර්ශනය සඳහා ව්යවස්ථාපිතව පිහිටුවා ඇති ස්වාධීන කොමිෂන් සභාවක් විසින් විමර්ශනයක් සිදුකරමින් පවතින අවස්ථාවක, එම විමර්ශනයට අදාළ පුද්ගලයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා ඉහළ නිලධාරීන් පත්කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්රධානියා වශයෙන් කටයුතු කිරීම සහ එකී විමර්ශනයට සම්බන්ධ සාක්ෂි සහ තොරතුරු ලබා දෙන උත්තරීතර පාර්ලිමේන්තුවේ ප්රධානියා වශයෙන් තවදුරටත් කටයුතු කිරීම හේතුවෙන් නීතිමය, සදාචාරාත්මක, ආයතනික විශ්වාසවන්තභාවය සහ මහජන විශ්වාසය සම්බන්ධයෙන් ප්රශ්න මතු වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනයක් පවතින අවස්ථාවක කථානායක ධුරය දැරීම, පාර්ලිමේන්තු කටයුතුවල මුලසුන දැරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පැන නගින නීතිමය, සාදාචාරාත්මක හා ආයතනික විශ්වාසවන්තභාවය පිළිබඳ පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමිනි.
හෙතෙම පිටු හයකින් සමන්විත මෙම වරප්‍රසාද ප්රශ්නය සභාගත කළේ ඊයේ පාර්ලිමේන්තුවේ දී ය.
මතු පළ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර සභාගත කළ සම්පූර්ණ ලිපිය යි.
කියවන්න පිවිසෙන්න මෙතනින්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
