Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

යක්කල, ජවිපෙ - පෙරටුගාමී පක්ෂ කාර්‍යාලය නඩුවෙන් විනිසුරු ඉවත් වේ

යක්කල, පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්‍යාලය සම්බන්ධ නඩුව අද (07) ගම්පහ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනිනි.

අද දිනයේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන් කරුණු දැක්වීමට නියමිතව තිබුණත්, ඔවුන් සූදානම් වීමට තවත් කාලයක් ඉල්ලා සිටි නිසා නඩුව ඔක්තෝබර් 21 දිනට කල් ගියේය.

පෞද්ගලික කරුණක් මත මෙම නඩුව විභාග කිරීමෙන් ඉවත් වන බව මහේස්ත්‍රාත්තුමා ප්‍රකාශ කළ නිසා මින් ඉදිරියට නඩුව ගම්පහ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගනු ඇත.

අදාල යක්කල කාර්යාලයෙන් ටිල්වින් සිල්වා ප්‍රමුඛ පාර්ෂවය ඉවත් කරවා එය යක්කල පොලිසිය භාරයට ගන්නා ලෙස අතුරු නියෝගයක් ලබා දී තිබුනේ මෙම විනිසුරුවරයා විසිනි.