Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

පරීක්ෂා නොකර නිදහස් කළ බහලුම් 323 ගැන විපක්ෂය කථානායකගෙන් කළ ඉල්ලීම

කොළඹ වරායේ සිට බහලුම් 323ක් අනිවාර්යෙන් භෞතික පරීක්ෂණයට ලක් කිරීමෙන් තොරව නිදහස් කිරිම සම්බන්ධයෙන් සොයා බැලීමට වූ විශේෂ කාරක සභාවක් පත් කිරීමට අදාළ යෝජනාව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් අද දිනයේ පාර්ලිමේන්තුවේ කතානායකවරයාට බාර දෙන ලදී.

මෙසේ නිසි පටිපාටිය අනුගමනය නොකර රතු ලේබල් ඇලවූ බහලුම් 323ක් නිදහස් කිරීම පිළිබඳ ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුව භාණ්ඩාගාර ලේකම් විසින් පරීක්‍ෂණ කමිටුවක් පත් කරන ලද අතර එම කමිටුව විසින් සිය වාර්තාවට අදාළ කරුණ පිළිබඳ සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් බහාලුම් නිදහස් කිරීමේ ක්‍රමවේදය නීතියට පටහැනි බවත් නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට, ආදායම් එකතු කිරීමට සහ මහජන ආරක්ෂාව විෂයෙහි බරපතල අවදානමක් ඇති කර තිබෙන නිසා මෙහි දී මත්ද්‍රව්‍ය, ආයුධ, වෙනත් තහනම් ද්‍රව්‍ය නිදහස් වී ඇති බවට චෝදනා ද එල්ල වන නිසා මේවා ජාතික වශයෙන් වැදගත් කරුණු බැවින් විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස මෙහි දී ඉල්ලා තිබේ.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, වෛද්‍ය කවින්ද ජයවර්ධන යන  එක්ව සිටියේය.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක ද එක්ව සිටියේය.

විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් භාරදුන් යෝජනාව මතු පළවේ.

1

2