V2025

පුවත්

ඉල්ලීම් වෙනුවට ආණ්ඩුවට කොන්දේසි දාන්න ශ්‍රීලනිපය සූදානම් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට දැනට ඉල්ලීම් ඉදිරිපත් කරන පක්ෂයක් වුවද ඉදිරියේ දී ආණ්ඩුවට කොන්දේසි දමන පක්ෂය බවට පත් වන බව එම පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සඳහන් කරයි.

ආණ්ඩුවේ ප‍්‍රබලම හවුල්කාර පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුවද ඒ සඳහා නිසි තැන මේ ආණ්ඩුව ලබාදී නැතැයි ද ඔහු චෝදනා කළේය.

පක්‍ෂයට නිතරම ලැබෙන්නේ අඩු සැලකිල්ලක් බවත් ඔහු පැවසූ අතර ඒ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

එම තත්ත්වය මත ඉදිරියේදී ආණ්ඩුවට කොන්දේසි දමන පක්ෂයක් බවට පක්ෂය පත් කරවන බවද පැවසූ ඔහු ඒ සඳහා නිසි වේලාව පැමිණි විට ක්‍රියාමාර්ග ගන්නා බවත් දැනට කලබලයක් හදිසියක් නැති බවත් සඳහන් කළේය.

කොරෝනා මරණ 13,892 ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 17 ක් අද (9) වාර්තා කරනු ලැබීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 13,892 ක් දක්වා ඉහළ ගියේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 10 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 07 දෙනා කාන්තා ආසාදිතයින් ය.

මියගිය අය අතර වයස අවුරුදු 30ට අඩු එක් ආසාදිතයෙකු ද වේ.

වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 2 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 14 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (09) වාර්තා කරන ලද මෙම මරණ 17 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

f3493a19 253311142 432804361739438 2155457534154489456 n

විශ්‍රාමිකයින්ගේ යෝජිත අග්‍රහාර රක්ෂණයත් රිවස්

විශ්‍රාමිකයින් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවා ඇතැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

A/L විනාසයක් - දිලන්ත විතානගේ අධ්‍යාපන ක්‍රමයට ගිනි තියයි !

රටේ පවතින උසස් පෙළ රටේ තරුණයන්ගේ අනාගතය කා දමන විනාශ කාරී අනවශ්‍ය ක්‍රමයක් බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශකයකු වන කථිකාචාර්ය දිලන්ත විතානගේ පවසයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යාපනය පිළිබදව හිටපු කථිකාචාර්යකු වන ඔහු 2000 දී පාසල් පද්ධතියට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදුන්වාදීමට නායකත්වය ලබාදුන් අයෙකි.

ඔහු අමාත්‍යංශ රැසක හා ආයතන රැසක උපදේශක ලෙස කටයුතු කර ඇත.

දිලන්ත විතානගේ ජාතික උපාධි මධ්‍යස්ථානයේ සේවය කරන අතර, අවශ්‍ය=  ඕනෑම කෙනෙකුට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දිමේ අයිතිය තහවූරු කිරීම සදහා "සැමට උපාධියක්" තේමාව ප්‍රවර්ධනයට නායකත්වය දෙනු ලබයි

අන්තර්ජාල සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කළේය.

O/L වලින් පසු අවුරුදු 03කින් උපාධියක් ලබාගතහැකි බව තරුණ ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු තව දුරටත් මෙසේද පැවසීය.

"ගෝලීය හා ජාතික අවශතා අනුව වෙනස් නොවුනහොත් අපේ රටේ රාජ්‍ය විශ්ව විදයාල ස්වභාවික මරණයකට පත්විය හැකියි.

සෑම උපාධිධාරීයකුටම රජයේ රැකියා දෙන ප්‍රතිපත්තිය රටේ සංවර්ධනයට බාධාවක්"

‍රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කථිකාචාර්ය දිලන්ත විතානගේ දැක්වූ වැඩිදුරට අදහස් දැක්වීම් පහතින් නරඹන්න.

මාවනැල්ල ප්‍රාදේශීය දේශපාලන චණ්ඩියා නිසා අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වෙයි ?

මාවනැල්ල අධ්‍යාපන කලාපයේ හිඟුල මෙඩේරිගම මහා විද්‍යාලයට පසුගිය 03 වෙනිදා කඩාවැදී ගුරුවරුන්ට සහ දෙමව්පියන්ට තර්ජනය කිරීම ගරුවරුන්ට පහරදී ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.ජී පියතිස්ස මෙතෙක් අත්අඩංගුවට ගැනීමට මාවනැල්ල පොලිසිය කටයුතු නොකිරීමට විරෝධය පල කරමින් අද (09) දින මාවනැල්ල අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වාර්ජනයක් දියත් කර තිබේ.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.ජී පියතිස්ස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් එම පාසල්වල සියලුම ගුරුවරු මේ වනවිට මාවනැල්ල පොලිසිය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරතව සිටිති.

එහිදී ගුරු විදුහල්පති උද්ඝෝෂකයන් වෙත පැමිණි පොලිසියේ උසස් නිලධාරියෙකු තමන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන භාරගෙන ඉදිරි කටයුතු සිදුකරන බව පැවසීය.

එහිදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයන් අවධාරණය කර සිටියේ පොලිසියේ වචන විශ්වාස කල නොහැකි නමුත් යම් කාලයක් ලබාදීමට සූදානම් බවය.

එහෙත් යුක්තිය ඉටුකිරීම සිදුනොවන්නේ නම් මාවනැල්ල කළාපයේ පමණක් නොව කෑගල්ල දිස්ත්‍රික්කයේ සහ අවශ්‍ය නම් රටේම පාසල් ආවරණය වන ආකාරයට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ඔවුන් පැවසීය.

එසේම අද දින පාසල් වැසීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වීම ගැන පොලිසිය සහ දේශපාලන බල අධිකාරිය වගකිවයුතු බවත් ඔවුන් පැවසීය.

ගැසට් රිවර්ස් කරන රහස මෙන්න !

රජය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදන නැවතත් ඉවත් කරගැනීමට කටයුතු කරන්නේ ජනතාව කෙරෙහි ඇති සංවේදීතාවය නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

යම් දෙයකින් ජනතාව තෘප්තිමත් නොවන බවට වැටහුන හොත් එය වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවද ඔහු පැවසීය.

පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් මේ අදහස් දක්වා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘ගැසට් ඉවත් කරගන්නේ ජනතාවට සංවේදී නිසා. අපි ගැසට් එක ගැහුවා ජනතාවට මොනවා වුණත් කමක් නෑ අපි මේක ගෙනියනව කියල තැනක අපි ඉන්නේ නෑ. අපි මේ රටේ ජනතාව කෙරෙහි ඉතා සංවේදී රජයක්. අපට තේරුම් ගියොත් අප කළ දෙකින් ජනතාව අතෘප්තියට පත් වෙනවා කියලා එය වෙනස් කරන්න අපි මැලි වෙන්නේ නැහැ. පුහු මාන්නයක් ආඩම්බරයක් තියෙන රජයක් නෙවෙයි අපි. ජනතාවාදී රජයක්. ජනතාව වෙනුවෙන් සිදු කළ යුතු දේවල් යුතු දේවල් ඕන දෙයක් කරනවා "

කෘෂි ඇමති හමුවූ චීන පොහොර සමාගමේ ප්‍රධානින් මාධ්‍ය මගහරියි !

චීන පොහොර ගනුදෙනවට මොක ද වෙන්නේ?

චීන තානාපතිවරයා කළ ඉල්ලීමකට අනුව උපද්‍රවකාරි ක්ෂුද්‍ර ජීවින් සහිත පොහොර ගනුදෙනුවට අදාළ පාර්ශ්ව කිහිපයක් අද (08) කෘෂිකර්ම අමාත්‍යංශයට කැඳවා තිබිණ.

චින්දාවෝ සීවින් බයෝ ටෙක් සමූහයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන තාක්ෂණික නිලධාරිනිය වන ඇනා සොන්ග් මහත්මිය ද මේ සාකච්ඡාවට සහභාගිවී සිටියා ය.

ඇය මාධ්‍ය වෙත අදහස් පළ කිරීමට උත්සාහ කළත් තානාපති කාර්යාලයේ නිලධාරීහු ඊට අවස්ථාව ලබා නොදුන්හ.

රජයේ පොහොර සමාගම්වල සභාපතිවරු කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීහු ද අද සාකච්ඡාවට සහභාගිවී සිටියහ.

සාකච්ඡාව අවසානයේ චීන තානාපති කාර්යාලයේ සහ චීන සමාගමේ නියෝජිතවරු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරමින් පිටව ගියහ.

චීන පොහොර නැව දැන් කෝ ?

කළුතර ආශ්‍රිත මුහුදු තීරයේ ශ්‍රී ලංකා අධිකරණ බල සීමාව ලෙස සැලකෙන නාවික සැතපුම් 12 සීමාවෙන් එපිට චීන පොහොර නැව මේ වනවිට රැඳී සිටී.

ඊයේ කොළඹ වරායට පිටතින් නැව දිස්වූ අතර අප කළ විමසීම්වලදී අනාවරණය වූයේ නැවට අවශ්‍ය ජලය කොළඹ වරායෙන් ලබාගෙන එය පිටත්වී ඇති බවයි.

තමන් ගැඹුරු මුහුදට යන බව ඔවුන් කොළඹ වරයාට දැනුම්දී තිබේ.

-News 1st

සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගන්නේ නෑ : CID යෙන් සහතිකයක් !

මෙම අවස්ථාවේ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) නීතිපතිවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දි ඇත.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණී පියතුමා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය එම දැනුම් දීම සිදුකළේය.

මෙහිදී අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දෙමින් සඳහන් කළේ, එම අවස්ථාවේදී සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බවය.

විමර්ශන කටයුතු නිමා වීමෙන් පසුව නීතිපති උපදෙස් මත මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

මෙහිදී සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණයට දන්වා සිටියේ, දැනුම් දෙන සුදුසු වෙලාවක විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශක් ලබාදීමට තම සේවාදායකයා සූදානම් බවය.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේ ප්‍රමාණවත් කාලයක් ලබා දී පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගන්නා ලෙසය.

අද මෙම නඩුව අවස්ථාවේ කතෝලික පූජකවරුන් උසාවි භූමිය සිසාරා පැමිණ සිටිනු දක්නට ලැබිණ.

අසාදු පොහොර නැවට : චීන්නු ඩොලර් මිලියන 8ක් වන්දි ඉල්ලයි !

ජාතික ශාක නිරෝධන සේවාවේ අතිරේක අධ්‍යක්ෂවරයාට ලිපියක් යොමු කරන චීනයේ සිට මෙරටට කාබනික පොහොර ගෙන්වා ඇති චීන සමාගම විසින් ඩොලර් මිලියන අටක් ගෙවන ලෙස දන්වා තිබේ.

එම චීන සමාගම සිය නීත්ඥ සමාගම හරහා ජාතික ශාක නිරෝධන සේවාවේ අතිරේක අධ්‍යක්ෂවරයාට සති තුනක් ඇතුළත මෙම මුදල නොගෙවන්නේ නම් නඩු පැවරීමට කටයුතු කරන බව දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

අදාළ චීන සමාගම විසින් සපයන ලද පොහොර වල හානිකර බැක්ටීරියා ඇතැයි කියමින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කරමින් ඔවුන් විසින් මෙම ලිපිය යොමු කර ඇති බවත් වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ සිදු කරන ලද පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප කරණ සමාගම සඳහන් කර ඇත්තේ දෙරටට පිළිගත හැකි තෙවන පාර්ශව වෙතින් නැවත පරීක්ෂා කළ යුතු බවයි.

එසේම චීන තානාපති කාර්‍යාලය විසින් මෙරට විෂය සම්බන්ධ අමාත්‍යවරුන් කැඳවූ අවස්ථාවේ තෙවැනි පාර්ශ්වයක පරීක්ෂණ වාර්තාවක් සඳහා එකඟ වූ බවත් මාධ්‍ය වාර්තා කර තිබිණ.

මේ අතර මාධ්‍යය වාර්තා පවසා සිටින්නේ අදාල නෞකාව මේ වන විට කළුතරට නුදුරු මුහුදේ යාත‍්‍රා කරමින් ඇති බවයි.

සිස්ටම් කනේ යයි : ගෑස් මිල හිතුමතේ ඉහළට !

පවතින ගෑස් හිඟය හේතුවෙන් වෙළෙඳ ව්‍යාපාරිකයන් රුපියල් 2500-3500 පරාසයක විවිධ මිල ගණන් යටතේ ගෑස් අලෙවි කෙරේ.

මෙලෙස විවිධ මිලට අලෙවි කළත් ගෑස් ලබාගැනීමට නොහැකිව පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂර ජයසිංහ පැවැසුවේ ගෑස් තොග රැගත් නෞකාවක් පැමිණ ඇති බැවින් පවතින හිඟය සතියකින් පමණ අවසන් වන බවයි. දෛනිකව ගෑස් සිලින්ඩර අසූදහසක් වෙළෙඳපොළට නිකුත් කරන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර පාරිභෝගිකයන්ට අඩුමිලට ගෑස් සැපයීමට නොහැකිව ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ බලපෑම මත අත්සන් කර දැනට ක්‍රියාත්මක ගෑස් සැපයුම් ගිවිසුම හේතුවෙන් බව ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව පෙන්වා දෙයි. දැනට ’ඕමාන් ට්‍රේඩින්’ ආයතනය සමග අත්සන් තබා ඇති මෙම ගිවිසුම හේතුවෙන් විවෘත වෙළෙඳ පොළේ ඩොලර් 600ක වැනි මිලකට අලෙවි වන ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 800ක් වැනි ඉහළ මිලකට මිලදී ගැනීමට සිදුව ඇති බවත් මෙට්‍රික් ටොන් 01ක් ඩොලර් 25ක් වැනි මුදලකට ප්‍රවාහනය කර ගැනීමට හැකියාව තිබියදී ඒ වෙනුවෙන් ටොන් එකකට ඩොලර් 105ක් ලෙස ඉහළ මිලක් ගෙවීමට සිදුව ඇති බවත් ලිට්‍රෝ සුරැකීමේ එකමුතුවේ සභාපති නලින් සමන්ත පැවසීය.

ගෑස් හිඟය හේතුවෙන් දිවයින පුරා ආපනශාලා හා හෝටල් පවත්වාගෙන යාමටද අසීරු වී තිබේ. ඇතැම් හෝටල් ඊයේ (07 වැනිදා) පස්වරුවේ වසා දමා තිබුණේ ගෑස් නොමැති නිසා ආහාර සැකසීමට නොහැකි බව ප්‍රකාශ කරමිනි.

– Aruna

මණ්ඩලේ කචල් දුරදිග යයි : මෙවර ලන්සා - ගොඩහේවා පැටලෙයි !

මුතුරාජවෙල අභය භූමිය හා ඒ ආසන්න විශාල භූමි ප්‍රදේශයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා විරෝධය පළ කරයි.

විෂය භාර රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා විසින් පාර්ලිමේන්තුවේ කළ අදහස් දැක්වීමට විරෝධය පළ කරමින් ඔහු සඳහන් කළේ වහාම ඒ ගැසට්ටුව ඉවත් කළ යුතු බවයි.

ආණ්ඩුවක් ලෙස නැති ප්‍රශ්න ඇති කර ගන්නේ නැතිව ගැසට් නිවේදනය ඉල්ලා අස්කර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

මෙම ගැසට් නිවේදනය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවද දැඩි කුතුහලයට පත්ව ඇති බවද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

'මල්වානේ නිවස හැදුවේ බැසිල් දුන් මුදල්වලින්'- මුදිත ජයකොඩි උසාවියෙදී කියයි !

ආන්දෝලනාත්මක මල්වානේ නිවස හැදුවේ බැසිල් රාජපක්ෂ විසින් ලබා දුන් මුදල්වලින් බව ප්‍රකට ව්‍යාපාරිකයකු වන මුදිත උපාලි ජයකොඩි අධිකරණය හමුවේ අනාවරණය කර තිබේ.

බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් යන මහත්වරුන්ට එරෙහිව මල්වානේ නිවසට අදාළව පවරා ඇති නඩුව පසුගිය 01දා ගම්පහ මහාධිකරණය හමුවේ නැවතත් කැඳවීය.

නඩුවේ සාක්ෂිකරුවෙකු වන මුදිත උපාලි ජයකොඩි අධිකරණයේදී කියා සිටියේ බැසිල් රාජපක්ෂ දුන් මුදල්වලින් කොන්ත්‍රාත්කරුවෙකු යොදා මල්වානේ නිවස ඉදිකළ බවයි.

තමන්ට ලැබුණු මුදල් කොන්ත්‍රාත්කරුට භාර දුන් බව ද සාක්ෂිකරු කියා සිටියේ ය.

මුදිත ජයකොඩි මේ බව කියා සිටියේ ගම්පහ මහාධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

සාක්ෂිකරු කියා සිටියේ කොන්ත්‍රාත්කරුට මුදල් ලබා දීමේදී ඊට අදාළ රිසිට්පත් ලබා ගත් බවයි.

ඒවා තමාට අයත් සමාගමේ රිසිට්පත් බවට පිළිගන්නා බව ද සාක්ෂිකරු අධිකරණයේදී කියා සිටියේ ය.

දොම්පේ මල්වාන ප්‍රදේශයේ අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි නිවසක් හා නාන තටාකයක් ඉදි කර රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

(newsfirst)

ස්වර්ණවාහිනී හිමිකරු අලිරාජා : VIP පර්යන්තයෙන් ලංකාවට !

ස්වර්ණවාහිනිය ඇතුළු EAP මාධ්‍ය ජාලයේ හිමිකරු වූ සුභාෂ්කරන් අලිරාජා ඊයේ (07) රාත්‍රියේ මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.

වඩාත් විශේෂ සිදුවීම වන්නේ, මෙකී පැමිණීම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඇති VIP පර්යන්තයෙන් සිදුව තිබීමය. 
 
මේ සඳහා අවසර පත්‍රය නිකුත් කිරීමට ජනාධිපති කාර්යාලය ආශ්‍රිත නිලධාරි මැදිහත්වීමක් සිදුව ඇති බවත් සමීප ආරංචිමාර්ග පවසයි.
 
මෙරටට පැමිණි අලිරාජාව කටුනායක ගුවන් තොටුපළේ සිට ඔහු නවාතැන් ගැනීමට වෙන්කරගෙන ඇති ටාජ් හෝටලය වෙත ගෙනගොස් ඇත්තේද මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික ආරක්ෂක සමාගමක විශේෂ ආරක්ෂාව යටතේ බවත්, එය විශේෂ රාජතාන්ත්‍රිකයකුට ලබාදෙන ආකාරයේ "විශේෂ" ආරක්ෂාව සැපයීමක් ලෙසත්  එම ආරංචිමාර්ග පවසයි.
 
ඒ සම්බන්ධ ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ, අදාළ ආරක්ෂක සමාගමේ හිමිකාරීත්වයද ජනාධිපතිට අතිශය හිතවත් බවය.
 
කෙසේ වුවත් සුභාෂ්කරන් අලිරාජා ස්වර්ණවාහිනිය ඇතුළු EAP මාධ්‍ය ජාලය ලබාගැනීම, එවකට විපක්ෂයේ සිටි පොදුජන පෙරමුණ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ දැඩි විවේචනයට ලක්විය. ඒ සුභාෂ්කරන් අලිරාජා දමිළ ඩයස්පෝරාවට සම්බන්ධ බවත්, LTTE සංවිධානයේ කළු සල්ලි සුදුකිරීම ඔහුගේ ව්‍යාපාරය බවත් බවසමින්ය.
 
එවකට මෙකී ස්වර්ණවාහිනී ගනුදෙනුව කොටි හිතවතෙකු අතට මෙරට විද්‍යුත් නාලිකා, සංඛ්‍යාත පත්කිරීම ජාතික ආරක්ෂාව සමඟ පටලනවාද දකින්නට ලැබිණ. එහෙත් පසුගියදා අලිරාජා විසින් LPL තරගාවලියේ ජැෆ්නා වයිකිං කණ්ඩායමේ හිමිකාරීත්වයද ගනු ලැබිණ. එහෙත් පසුගිය ආණ්ඩු සමයේ හඬනගු පිරිස් නිහඬය.
 
වඩාත් සිත්ගන්නා සුළු සිදුවීම එය නොවේ.
 
මේ කොමිසමට මොකද වුණේ ?
swaranawahini
 
මේ අතර පහත පලවන්නේ, 2020 ඔක්තෝබර් 08 මව්රට පුවත්පතේ වෙබ් අඩවියෙන් උපුටාගත් පුවතකි. 
 
ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ඇතුළුව එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම් සමූහයට අයත් දේපොළ විකිණීම සිදුව ඇත්තේ නීති විරෝධී ආකාරයට බව එම සමාගමේ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇතැයි මුද්‍රිත මාධ්‍ය වාර්තා කොට තිබේ.

එසේම එහිදී මුදල් විශුද්ධිකරණයක් සිදුව ඇති බවටද කොමිසම කරුණු අනාවරණය කර ගෙන ඇත.

මේ අනුව එම දේපොළ රජයට පවරා ගැනීමටත්, හිමිකරුවන් වූ එදිරිසිංහ පවුලට එරෙහිව අපරාධ නීතිය යටතේ නෛතිකව කටයුතු කිරීමේ හැකියාව ඇති බවත් කොමිසම වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සඳහා මහ බැංකුවේ මැදිහත්වීමෙන් එම සමාගම් සමූහය සතු දේපොළ විකිණීමේදී අක්‍රමිකතා සිදුව ඇත්දැයි සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි මාසයේදී මෙම කොමිසම පත් කෙරිණි. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි සභාපතිත්වය දැරූ එම කොමිසමේ සෙසු සාමාජිකයන් වූයේ හිටපු සොලිසිටර් ජනරාල්වරයකු වන සුහද ගම්ලත් හා ජ්‍යෙෂ්ඨ බැංකුකරුවකු වන ඩී.එම්. ගුණසේකර යන අයයි.

එම සමාගම සතුව තිබූ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය විදේශ සමාගම් කිහිපයකට විකිණීම සිදුව ඇත්තේ මෙරට නීතියට පටහැනිවද යන කාරණය සම්බන්ධයෙන් සොයා බැලීමද මෙම කොමිසමට පැවරී තිබිණි.

කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

කෙසේවෙතත් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය මිලදී ගත් ලයිකා මොබයිල් හිමිකරු වන සුභාෂ්කරන් අලිරාජා නැමැත්තා කොටි සංවිධානය සමග සමීප සබධතා පැවැත්වූවකු බවටත්, ඔවුන් සමග මුදල් ගනුදෙනු සිදු කළ අයකු බවටත් විශාල චෝදනාවක්ද එල්ල වී ඇත.

කෑගහපු සංවිධාන කෝ ? කෝ සද්දේ ?

තවද මේ පහත දැක්වෙන්නේ, මෙකී ගනුදෙනුව සම්බන්ධයෙන් හිරු නාලිකාවේ ප්‍රවෘත්තියක් පදනම් කරගෙන ආණ්ඩු හිතවාදී සී නිව්ස් වෙබ් අඩවිය පළකර තිබූ තවත් පුවතකි.

 hiru

කොරෝනා මරණ සංඛ්‍යාව 13,856 ක් දක්වා ඉහළට : නව කොරෝනා ආසාදිතයින් 626යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 15 ක් වාර්තා කිරීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 13,856 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 08 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 07 දෙනා කාන්තා ආසාදිතයින් ය.

මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 3 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 12 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (07) වාර්තා කරන ලද මෙම මරණ 15 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

af4c9495 252279347 431536208532920 562468657672306963 n

නව කොරෝනා ආසාදිතයින් 626

මේ අතර, අද (07) දිනයේ නව කොරෝනා ආසාදිතයින් 626 දෙනෙකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

f0bad0df 251111830 431626741857200 6594531355448318009 n

ලිට්‍රෝ ගෑස් සභාපතිවරුන් කෙහෙවළු පටලවා ගනියි !

ලිට්‍රෝ ගෑස් හිඟය සම්බන්ධයෙන් පලමුව කියවුනේ ඩොලර් හිඟය වුවත් එය වත්මන් ආණ්ඩුව පත්කළ හිටපු සභාපති වෙත සැකය යොමුවන ආකාරයක් පෙන්නුම් කරන අතර එය එකිනෙකාගේ කෙහෙවළු පටලවා ගැනීමක් බවට පත්ව ඇත.

මතුවූ ගෑස් හිඟයට හේතුව ඩොලර් හිඟය බව මුල් අවස්ථාවේදී ආණ්ඩුවේ ගෑස් සමාගම ප්‍රකාශ කළ ද ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පසුගියදා අනාවරණ කළේ ගෑස් වෙළඳපොළේ ආශ්‍රිතව ක්‍රියාත්මක වන මාෆියාවක් ඊට හේතුවූ බවයි.

”ගෑස් නැව මෙතනට ඇවිල්ලා තිබ්බා. ඔවුන් අපට තර්ජනය කරා. ගෑස් දෙන්න බැහැ. උඹලා මේ contract එක තව අවුරුදු දෙකකට දික් කරන්නෙ නැත්නම් කියලා. ඒකට අකමැති වීම නිසා, එය තර්ජනයට මුහුණදීම නිසා සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය බිත්තියට හේත්තු කිරීම නිසා, මට සිද්ධ වුණා. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබෙන කල් කෙසේ හෝ මේ තත්ත්වය සමනය කරගන්න”

ඊට ප්‍රතිචාර දක්වමින් ගෑස් මාෆියාව සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි ලිට්‍රො සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත ලිපියක් මගින් මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

වත්මන් ලිට්‍රෝ සභාපති පවසන්නේ හිටපු සභාපති ගේ ගෑස් ගිවිසුම හරහා කෝටි 1000ක වංචාවක් සිදුව ඇති බවකි.

හිටපු සභාපතිවරයා පරීක්ෂණයක් ඉල්ලා ඇත්තේ ඉන් හෙළි කළ කරුණු සම්බන්ධයෙනි.

ගෑස් මාෆියාව හෙළිදරව් කරන්න : ජවිපෙන් අභියෝගයක් !

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්න කර සිටින්නේ, ලිට්රෝ සභාපතිවරයා පවසන ආකාරයට ජනතාව අපහසුතාවයට පත්කරමින් වෙළඳපොළේ ගෑස් හිඟයක් ඇති කිරීමට මූලික වූ පුද්ගලයින් කවුරුන් ද යන්න රටට හෙළිදරව් කිරීම සභාපතිවරයාගේ වගකීම බවයි.

”දැන් ප්‍රශ්නය තියන්නේ කවුද මේ හොරකම් කරන්නේ. කවුද මේ පිටිපස්සේ ඉන්නේ. ඇමතිවරයාද රාජ්‍ය ඇමතිවරයා ද නැත්නම් ඊටත් ඉහළින් කවුරු හරිද මේ හොරකම් පිටිපස්සේ ඉන්නේ. එහෙම නිකන් පාවෙන කතා කියලා හරියන්නේ නැහැ”

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කර සිටින්නේ, කාගේ බලපෑමට ද මේවා සිද්ද වෙන්නේ කියලා මේ රටේ ජනතාව දැනගන්න කැමතියි. මීට අදාළ තොරතුරු සොයා ගත් වහාම ඊට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි.

”ඒ අවශ්‍ය කරන තොරතුරු ලියකියවිලි හොයා ගත්ත ගමන් ඒකට අවශ්‍ය කරන නීති පියවර ගන්න අපි අනිවාර්යයෙන්ම මැදිහත්වෙනවා. ප්‍රශ්නය තියන්නේ ආණ්ඩුවල දේශපාලන හයියෙන් මේ හොරකම් වංචා යට කරනවා. ලිට්රෝ ගෑස් පිටිපස්සේ තියන ඔය කියන හොරකමක් යට වෙන්න පුළුවන් මොකද හොරු රකින්නෙත් මේ කට්ටිය”

ශ්‍රී ලංකන් ගුවන් සේවය : ඈවරයි.. දෑවරයි.. ?

දැනට අතිශය පාඩු ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලික අංශයට පැවරීමට රජයේ අවධානය යොමුව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුවද ශ්‍රී ලංකා ගුවන් සේවය සතුව අංශ 5ක් ඇති අතර ඉන් භූමි මෙහෙයුම් අංශය හා ගුවන් භාණ්ඩ අංශය ඇමරිකානු ඩොලර් මිලියන 100 ක පමණ ආදායමක් වසරකට ලබන බව පැවසේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ගුවන් යානා ලීසිං ගෙවීම, ඉන්ධන වියදම සහ අනෙකුත් වියදම් බරපතළ ලෙස ඉහල යාම නිසා සේවාව පාඩු ලබමින් ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයට සම්බන්ධ ආරංචි මාර්ග පවසා සිටී.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් එක් ගුවන් යානාවක් සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5-8 කටත් අතර ප්‍රමාණයක් ලීසිං වාරිකය ලෙස ගෙවීමට සිදු වන බව පවසන එම ආරංචි මාර්ග ගුවන් යානා මෙහෙයුම සඳහා වැයවෙන සමස්ත වියදමින් 25% ක් ඉන්ධන සඳහා දැරීමට සිදුවන බවද පැවසේ.

එආ අනුව රජයේ අවධානය යොමු වී ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව රටට විශාල බරක් වී ඇති නිසා රජයට යම් කොටස් ප්‍රමාණයක් රඳවා ගෙන ඉතිරිය පුද්ගලික අංශයට පැවරීමට බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසා සිටී.

ඒ අනුව එළැඹෙන 09 වන දා වන විට මේ සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග පවසා සිටී.

lanka lead -

රටේ නීති ක්‍රියාවලිය විහිලුවක් කරලා - නීතිඥ ලාල් විජේනායක

එක රටක් එක නීතියක් කාර්යසාධන බලකායට ඥානසාර හිමියන් පත්කර තිබෙනවා. එම බලකායේ එක් කටයුත්තක් තමයි එක රටක් එක නීතියක් සඳහා නීති කෙටුම්පතක් ඉදිරිපත් කිරීම. මේක පුදුම සහගත දෙයක්. ඥානසාර හාමුදුරුවෝ අධිකරණයට අපහාස කරලා සිරදඩුවම් නියම කරලා හිරේ ඉන්නකොට ජනාධිපති සමාවක් මත එළියට ආපු අයෙක්. එවැනි අයෙක් නීති සකස් කරන්න කමිටුවකට පත්කිරීම නීතිය හෑල්ලුවට, විහිළුවට ලක්කිරීමක්. නීතිය ජනතාවට එපාකරවන්න කරන වැඩක් කියලයි අපිට හිතෙන්නේ. එය තවත් බරපතල වන්නේ අධිකරණ ඇමති විසින් පත්කළ විශේෂඥ පිරිසක් කෙටුම්පතක් සකස් කර තිබියදී මේ පත්කිරීම සිදුකිරීමයි.” යැයි ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩල සාමාජික නීතිඥ ලාල් විජේනායක පවසයි.

ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (06) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩල සාමාජික නීතිඥ ලාල් විජේනායක,

“අපේ රටේ ව්‍යවස්ථා සකස්වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙන යෑම සඳහායි. එවැනි පාලනයක් ගෙන යෑම සඳහා ස්වාධීන අධිකරණයක් අවශ්‍යයි. ස්වාධීන අධිකරණයක් සඳහා නීතියේ ආධිපත්‍ය තහවුරු විය යුතුයි. ඒ වගේම නීතියේ ආධිපත්‍ය තහවුරු වීමට ස්වාධීන අධිකරණයක් අවශ්‍යයි. ඒ සඳහා නීතියට සාධාරණත්වයට ගරුකරන පරිපාලනමය ක්‍රියාවලියක් සහිත ආයතනයක් අවශ්‍යයි.

පහු ගිය කාලයේ දීර්ඝ වශයෙන් විමර්ශන පවත්වා නඩු පැවරීම සඳහා වගකීම ඇති නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂට, කරන්නාගොඩගට, ප්‍රේමලාල් ජයසේකරකට බරපතල චෝදනා සහිත නඩු පවරලා තිබෙනවා. ඒ නඩු අධිකරණය ඉදිරියේදී ඔප්පු කරන්න පුළුවන් කියන විශ්වාසය සහිතව තමයි නීතිපතිවරයා මේ නඩු ගොනු කළේ. ඒ නඩු සියල්ල ගොනු කරලා තිබෙන්නේ දැන් ඉන්න අග්‍රවිනිස්චයකාරතුමා නීතිපතිව සිටියදීයි. ඒ නඩු අහන්න යනකොට දැන් ඉන්න නීතිපතිවරයා යටතේ නීතිපති දෙපර්තමේන්තුව නඩු ඉල්ලා අස්කර ගන්නවා. මේක මේක සම්පූර්ණයෙන්ම නීති පද්ධතියම විහිළුවට ලක්කිරීමක්. දේශපාලන බලපෑම් මත තමයි මේ නඩු ඉල්ලා අස්කර ගන්නට යන්නේ කියලා පැහැදිලියි. නීතිපති සහ නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලන බලයට යට කළොත් ඒ එටේ නීතියේ ආධිපත්‍යයක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා මේක ඉතාම බරපතල ප්‍රශ්නයක් අපේ රටේ අනාගතයට. මේක අපි දැඩි ලෙස හෙලා දකිනවා. ඒ වගේම මේක වෙනස් කළ යුතුයි. නීතිඥ ප්‍රජාව වගේම ජනතාවත් මේකට විරුද්ධ විය යුතුයි.

ඒ වගේම තවත් බරපතල කාරණයක් තිබෙනවා. ඒ තමයි එක රටක් එක නීතියක් කාර්යසාධන බලකායට ඥානසාර හිමියන් පත්කර තිබෙනවා. එම බලකායේ එක් කටයුත්තක් තමයි එක රටක් එක නීතියක් සඳහා නීති කෙටුම්පතක් ඉදිරිපත් කිරීම. මේක පුදුම සහගත දෙයක්. ඥානසාර හාමුදුරුවෝ අධිකරණයට අපහාස කරලා සිරදඩුවම් නියම කරලා හිරේ ඉන්නකොට ජනාධිපති සමාවක් මත එළියට ආපු අයෙක්. එවැනි අයෙක් නීති සකස් කරන්න කමිටුවකට පත්කිරීම නීතිය හෑල්ලුවට, විහිළුවට ලක්කිරීමක්. නීතිය ජනතාවට එපාකරවන්න කරන වැඩක් කියලයි අපිට හිතෙන්නේ. එය තවත් බරපතල වන්නේ අධිකරණ ඇමති විසින් පත්කළ විශේෂඥ පිරිසක් කෙටුම්පතක් සකස් කර තිබියදී මේ පත්කිරීම සිදුකිරීමයි. කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ බලය තිබෙන්නේ ඇමතිවරයාට. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුවයි නීතියක් බවට පත්වෙන්නේ. ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් මඟහැරලා. නීතිය විකෘති කරන ක්‍රමවේදයක්. මේ වගේ තීරණ ගැනීම අධිකරණ ඇමති අපහසුතාවයට පත්කිරීමක්. අධිකරණ ඇමතිට ආත්ම ගරුත්වයක් තිබෙනවානම් ඔහු තනතුරේ දිනක් හෝ නොසිටිය යුතුයි. ඒ නිසා අපි හිතන්නේ මෙය රට තුළ ආගම් බේදයක් ඇති කිරීමට ගන්නා පියවරක් හැටියටයි. ඒ නිසා නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කර ගැනීම රටේ ජනතාවගේ ප්‍රධාන අභියෝගයක් බවට පත්වෙලා තිබෙනවා. අපි මෙය ආරක්ෂා කර ගත්තේ නැත්නම් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න ඉඩක් නැතිවෙනවා.”

ආගමික වැඩවලට "මැණිකේ මගේ හිතේ " එපා කියයි !

විහාරස්ථානවල කඨින පිංකම් පවත්වා අවස්ථාවන්හිදී භක්ති ගීත ප්‍රචාරය කිරීම සහ කඨින පෙරහර කටයුතුවලදී ආගමික පසුබිමක් සහිත හා ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් යොදාගන්නා ලෙස බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

එහි ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසන්නේ පවතින ජනප්‍රිය ගීත නොව ආගමික පසුබිමක් ඇති ගීත පමණක් ඒ සඳහා යොදා ගන්නා ලෙසයි.

කඨින පිංකම් සදහා යොදා ගන්නා ගීත හා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පළවන විවේචන සම්බන්ධයෙන් ඔහු මේ බව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.

ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ කටයුතු කරමින් කඨින පුණ්‍ය උත්සව පවත්වන්නැයි ඉල්ලා සිටින බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

‘මැණිකේ මගේ හිතේ’ ගීතය කඨින පෙරහැරවල වාදනය කිරීම මේ දිනවල සමාජ ජාලවල දැඩි විවේචනයට ලක්වෙයි.

Page 220 of 278