V2025

පුවත්

මාලිමාවට හමුදා ජන්ද හදන්න ගිය විශ්‍රාමික එයාර් වයිස් මාෂල්ට වාරණයක් !

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා නමැති නිලධාරියා දේශපාලන පක්ෂයක් විසින් සංවිධානය කරන ලද ජන හමුවකදී දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ද පොලඹවන ආකාරයට විවිධ අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් අදාළ නිලධාරියා ගුවන් හමුදා පරිශ්‍රයන්ට ඇතුළු වීම වැළැක්වීමට ගුවන් හමුදාව පියවර ගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එමෙන්ම අදාළ විශ්‍රාමික නිලධාරියාට ගුවන් හමුදා කඳවුරක් වෙත ඇතුළු වීම සඳහා පවතින වරප්‍රසාදය අත්හිටුවීමට තීරණය කිරීම රාජ්‍ය ආරක්ෂාව සහ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාව ආරක්ෂා කිරීම සඳහා ගත් තීරණයක් වන අතර, ඒ තීරණය ගුවන් හමුදා අභ්‍යන්තර ස්ථාවර කමිටුවක් මඟින් ගන්නා ලද තීරණයක් බවද ඇමැතිවරයා අවධාරණය කළේය. එම තීරණය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාගෙන් කරුණු විමසීමක් හෝ හේතු දැක්වීම සඳහා නෛතික බැඳීමක් ගුවන් හමුදාව වෙත නැති බවද ඇමැතිවරයා කීය.

රාජ්‍ය ආරක්ෂාවට සහ රාජ්‍ය නායකයන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂාවට හානිදායක කටයුතු විෂයයෙහි සක්‍රීය සේවයේ යෙදී සිටින පුද්ගලයන් තුළ පෙලඹවීක් ඇති වීම වැළැක්වීමත් මෙම විශ්‍රාමික නිලධාරියා කිසිඳු කඳවුරකට හෝ ආයතනයක් වෙත ඇතුළු වීම අත්හිටුවීම හේතු සාධක වූ තවත් කරුණක් බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

සක්‍රීය සේවයේ යෙදී සිටින සාමාජිකයන්ට දැඩි බලපෑමක් කළ හැකි තත්ත්වයක සිටින මේ හිටපු ජ්‍යේෂ්ඨ නිලධාරියා විසින් සක්‍රීය සේවයේ යෙදී සිටින සාමාජිකයන්ද එම නිලධාරියාගේ පෞද්ගලික දේශපාලන මතවාද සමඟ එකතු වන බවට කරන ලද ප්‍රකාශය මඟින් සක්‍රීය සේවයෙහි යෙදී සිටින තැනැත්තන් තුළ රාජ්‍ය විරෝධයක්, රජයට එරෙහි කුමන්ත්‍රණයක් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සිදුකිරීමක් විෂයෙහි යම් පෙලඹවීමක් ඇති විය හැකි බවද රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්  අවධාරණය කළේය.

ත්‍රිවිධ හමුදාව කිසිවිටෙකත් දේශපාලනයට ගාවා නොගන්නා ලෙස සඳහන් කළ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා විශ්‍රාමික හමුදා නිලධාරීන් විශාල සංඛ්‍යාවක් මේ වන විට දේශපාලන කටයුතුවල නිරත වන බවද පැවසීය. වගකීමෙන් යුතුව තම දේශපාලන කටයුතු නිරත වන ලෙස එවැනි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ස්ථාවර නියෝග 27/2 යටතේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරින් කිහිප දෙනකු සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රටේ ආරක්ෂාව සහ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම රජයේ වගකීම බවයි.

මැනිං වෙළෙඳපොළේ එළවළු මිල පහළට

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ තුළ එළවළු මිල සීඝ්‍ර ලෙස පහළ බැස තිබේ.

මැනිං පොදු වෙළෙඳ සංගමයේ ලේකම් චමින්ද පිරීස්  සඳහන් කළේ අලුත් අවුරුදු සමයේ තවදුරටත් එළවළු මිල පහත යා හැකි බවය. 

ඔහු පැවුසවේ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාරිභෝගිකයින් එළවළු මිලදී ගැනීම සීමා කර ඇති බවය.

 සාමාන්‍යයෙන් සිල්ලර වෙළෙඳාම සඳහා දෛනිකව එළවළු කිලෝ 50 ක් මිල දී ගත් වෙළෙන්දෙකු මේ වන විට කිලෝ 10ක් පමණක් මිදී ගැනීමට යොමු වී ඇති බවද ඒ පවසයි.

මීට පෙර උත්සව මාසවල එළවළු මිල ඉහළ ගියද මෙම අර්ථික අපහසුතා හේතුවෙන් මිල දී ගැනීම් අවම වී ඇති බැවින් එළවළුවල මිල පහළ යා හැකි බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

IMF කොටසකින් ඉන්දියාවේ ණය වාරික ගෙවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදලෙන් කොටසක් ඉන්දියාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා භාවිත කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  පවසයි.

ඔහු පවසන්නේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය මගින් ලබාගත් ණය මුදලට අදාළ ඩොලර් මිලියන 121ක ණය වාරිකය ගෙවීමට පියවර ගත් බවය.

මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 330ක මුදල, මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට බැරවී තිබූ අතර ඉන් කොටසක් මෙලෙස ඉන්දීය ණය වාරිකය සඳහා ගෙවූ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදල රටේ මූල්‍ය ස්ථායීකරණය සඳහා භාවිත කිරීමට අපේක්ෂා කරන බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

ශ්‍රීලංකන් - ටෙලිකොම් ඇතුළු ආයතන 7 ක රජයේ කොටස් විකුණන්න යයි !

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 7 ක රජයේ කොටස් විකිණීමට තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය ඊයේ පස්වරුවේ නිවේදනය කළේ, පසුගිය මාර්තු 13 වැනිදා ගත් කැබිනට් තීරණයට අනුව එම පියවර ගෙන ඇති බවයි.

කැබිනට් තීරණයට අනුව රජයේ කොටස් විකිණීමට තීරණය කර ඇති රාජ්‍ය ව්‍යාපාර ලැයිස්තුව වන්නේ,

(1) ශ්‍රීලංකන් ගුවන් සමාගම හා ඇතුළු ශ්‍රී ලංකන් කේටරින් සමාගම

(2) ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී

(3) සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව

(4) කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ( කොළඹ - ෆ්‍රැන්ඩ් හයට් )

(5) හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)

(6) සී/ස ලිට්‍රෝ ගැස් පර්යන්ත (පුද්) සමාගම ඇතුළු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම

(7) ලංකා හොස්පිටල් සංස්ථා පී. එල්. සී. යන ආයතනවල කොටස් අයිතිය එලෙස පැවරීමට තීරණය කර ඇති බවයි.

 එම සමාගම්වලට ගනුදෙනුකාර උපදේශන සේවා සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීමට පළපුරුදු උපදේශන හෝ සංවර්ධන මූල්‍ය ආයතන පත්කර ගැනීමට නියමිතයි.

එම උපදේශකවරුන් විසින් විකුණුම් පාර්ශ්වය වෙනුවෙන් නිසි ඇගයීම් හා විමර්ශන කටයුතු තක්සේරු කිරීම හා ඩිජිටල් දත්ත ගබඩාවක් සකස් කිරීම, ගනුදෙනු උපක්‍රම හා අලෙවිකරණ උපක්‍රම සකස් කිරීම මඟින් එම ව්‍යපාර බැහැර කිරීමට අවශ්‍ය සහය ලබාදෙනු ඇත.

ඒ අනුව ඉදිරියේදී මෙම රාජ්‍ය ව්‍යාපාරවල රජයේ කොටස් අලෙවි කිරීමට අදාළව කැමැත්ත පලකිරීමේ නිවේදනය හා යෝජනා කැදවීමේ නිවේදන ක්‍රියාවළිය සඳහා දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යවල දැන්වීම් පළ කිරීමට නියමිතයි.

අතවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල පහළට

ලංකා සතොස අද (24) සිට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල ගණන් පහත හෙළා තිබේ.

මේ යටතේ වියලි මිරිස්, සුදු ළුෑණු ,හාල්මැස්සන්, කඩල, සම්බා සහල් මිල පහත වැටෙනු ඇති

ලංකා සතොස නිවේදනය නිකුත් කරමින් දක්වා ඇත්තේ, මෙම මිල පහත හෙලීම හේතුවෙන් ටින් මාලු, ලොකු ළූණු, අර්තාපල්, සුදු සීනී, හා වටානා පරිප්පු මිල ගණනන් ද පහළ යන බවයි.

සතොස භාණ්ඩ මිල අඩු කිරීම page 001

රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වී තිබෙයි.

වසර 45 ක් පමණ තිස්සේ රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති ජයතිලක හේරත් ප්‍රවීණ රංගන ශිල්පියා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දී ඇත.

කෝපි කඩේ ටෙලිනාට්‍ය යේ ආරම්භක අවධියේ සිට සම්බන්ධවූ රංගන ශිල්පියෙකු වූ ඔහු මිරිඟුවෙන් එහා ටෙලි නාට්‍යයෙහි සිදු කළ ‘කට්ටඩි‘ චරිතය නිසා වඩාත් ප්‍රකට විය. පසුව ඔහුව බොහෝ අවස්ථාවල කට්ටඩියන් ගුරුකම් කරන්නන් කපු මහත්වරු වැනි චරිත සඳහා තෝරා ගෙන තිබුණි.

වේදිකා නාට්‍ය සහ චිත්‍රපටවලටද සම්බන්ධ විය. ලොකු දුව, සංගිලි, සුබා ඔහු රඟපෑ චිත්‍රපට අතර තිබේ.

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පි ජයතිලක හේරත් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු දෙන බව පවුලේ ඥාතීන් පවසයි

ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය කල් යයි

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්, ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සැලසුම් කළ දිනට නොපැවැත්වෙන බව, විභාග කොමසාරිස් ජනරාල්වරයා අද (23) පස්වරුවේ නිවේදනය කළේය.

ඒ, එම විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නිකුත් කළ අතුරු තනහම් නියෝගයට අනුවයි.

අදාළ විභාගය ලබන 25 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබූ නමුත්, විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට යටත්ව අදාළ විභාගය සැලසුම් කළ දින නොපැවැත්වෙන බවයි.

විජිත් මලල්ගොඩ, එච්. එම්. එන්. කේ. නවාස් සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේ ඊට එරෙහිව ඉදිරිපත්ව තිබූ පෙත්සම් දෙකක් අද (23) සලකා බැලුණි.

පෙත්සම් ගොනුකර තිබුණේ, උපාධිධාරින්ගේ සංගමයයි.

විභාගය පවත්වන ක්‍රියාවලිය නීත්‍යානූකූල නොවන බැවින් අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කරන්නැයි පෙත්සම්කරුවන් ඉල්ලා සිටියහ.

පාසල් සිසුන් ප්‍රාණ ඇපයට ගන්න ඉඩ තියන්නේ නෑ - ජනාධිපති

මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසි සේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

පාසල් ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එසේ නොවුන හොත් පාසල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ පැවසුවේ අද (23) පෙරවරුවේ කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් හා පාසල් සිසු දරුවන්ට නොමිළයේ පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික උත්සවය අමතමිනි.

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ මෙම උත්සවයේදී ජනාධිපතිවරයා විසින් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ, සිල් මාතාවන් සහ සිසු දරුවන් 40 දෙනෙකු සඳහා සංකේතවත්ව පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි ප්‍රදානය කිරීම සිදු කරන ලදී.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, වැඩ බලන අධ්‍යාපන ලේකම් හේමන්ත ප්‍රේමතිලක සහ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පති තුෂාරි ද සිල්වා යන මහත්ම මහත්මීන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබීය.

2023 වසරට අදාළ පාසැල් නිල ඇඳුම්වලින් 70%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබී ඇති අතර ඒ සියල්ල මේ වන විට දිවයින් පුරා බෙදා දී අවසන්ය. දේශීය ව්‍යාපාරිකයන් විසින් ඉතිරි නිල ඇඳුම් සපයනු ලබයි. ඉන්දියානු ණය ආධාර යටතේ අමුද්‍රව්‍ය ලබා ගනිමින් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව හා දේශීය සැපයුම්කරුවන් මඟින් මුද්‍රණය කරන ලද පාසල් පෙළ පොත් දීප ව්‍යාප්තව බෙදා හැරීමේ කටයුතු මීට පෙර ආරම්භ කර තිබූ අතර එය නිල වශයෙන් බෙදා දීම ද මෙහිදී සිදු කෙරිණ.

රජයේ පාසල්වල සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසු සිසුවියන් සහ පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සඳහා මෙම නිල ඇඳුම් සහ පෙළ පොත් ‍ප්‍රදානය කෙරේ.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්, පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමනී ගුණවර්ධන, බස්නාහිර පළාත් ලේකම් ප්‍රදීප් යසරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් හේමන්ත ප්‍රේමතිලක, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් Z. තාජුඩීන් යන මහත්වරුන් සහ අධ්‍යාපන හා රේඛීය අමාත්‍යාංශවල නිලධාරීහු ද, දිවයිනේ පාසැල් රැසක විදුහල්පතිවරු සහ ගුරුවරුන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

කිරිපිටි මිල පහළට !

ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව ආනයනික කිරි පිටි කිලෝවක මිල රුපියල් 200.00 කින් පහළ දැමීමට තීරණය කළ බවත් නව මිල ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන බවත් කිරිපිටි ආනයනකරුවන් පවසයි.

එසේම මෙම මිල පහළ දැමීමත් සමඟ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80.00 කින් පහළ දමන බවත් ඔවුන් සඳහන් කර සිටියි.

ඩී.එස් දර්ශනයෙන් සිංගප්පූරුව වැඩක් ගත්ත හැටි ජනපති පෙන්වයි !

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

මෙරට දේශපාලනඥයින් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට සිහින දුටුව ද, ඇතැම් දේශපාලන ව්‍යාපාරවල තීන්දු තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට පසුගිය 75 වසර තුළ සිදු වූ විනාශය අතිමහත් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අද (22) පස්වරුවේ පැවති දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ 71වන ගුණ සමරු වැඩසටහනට එක් වෙමිනි.

ශක්තිමත් හා බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සේනානායක උරුමය ඉදිරියට ගෙන යා යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර කොල්ලුපිටිය, පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ති ආරාමාධිපති ආචාර්ය පූජ්‍ය බණ්ඩාරවෙල විමලධර්ම ස්වාමීන් වහන්සේ විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීම නිසා පසුගිය දශකවලදී මහවැලිය වැනි ව්‍යපෘති 100ක් පමණ ඉදිකිරීම සඳහා තිබු මුදල් විනාශ වී ගිය බවයි. ඉදිරියේදී රාජ්‍ය අංශය ව්‍යාපාර වලින් ඉවත්ව, එය පෞද්ගලික අංශයට විවෘත කර නිදහස් හා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

අද මම පාර්ලිමේන්තුවේ දී IMF එකඟත්වය සභාගත කරමින් ඒ පිළිබඳ අදහස් දැක්වීමේ දී ඇත්ත වශයෙන්ම මම කණගාටු වුණා. මොකද අද ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ජන්ම දින උත්සවය. එතුමා නිදහස ලබාදුන් ශ්‍රී ලංකාව 75 වන නිදහස සමරන විට යාචක රටක් බවට පත්ව තිබුණා. නමුත් මම සතුටු වුණේ අදින් පසු අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවස්ථාව ලැබෙන නිසා එම තත්ත්වයෙන් අපි නිදහස් වී තිබෙනවා. එහෙත් අපි මේ තත්ත්වයට පත් වූයේ කෙසේද කියා සිතා බැලිය යුතුයි.

ඩී.එස්. සේනානායක මැතිතුමා මේ රටට නිදහස ලබාදෙන විටත්, ඊට පෙර යුද්ධය පැවති සමයේ සිට මේ රටේ ආර්ථිකය මෙහෙයවමින් එතුමා ගෙන ගිය ප්‍රතිපත්ති නිසා ජපානයට පසුව ආසියාවේ දියුණුම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබුණා. අපි එංගලන්තයටත් ණය ලබා දුන්නා. එසේ නම් එවැනි රටක් කෙසේද මේ තත්ත්වයට පත් වුණේ. අපිට කුමක්ද සිදු වුණේ?

ජපානයෙන් පසුව අද දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබීමට ඉඩ තිබුණා. එහෙත් ඒ වෙනුවට යුද්ධයෙන් විනාශ වූ දකුණු කොරියාව ඉදිරියට ආවා. මැලේසියාව, සිංගප්පුරුව, තායිලන්තය, චීනය, ඉන්දුනිසියාව, වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවල් ඉදිරියට ආවා. ඇයි අපි පසුබැස්සේ. එසේ නම් නිදහසින් 75 වසරක් සමරන විට අපි මේ තත්ත්වයට පත්වීමට හේතු වූයේ කුමක්ද කියා විග්‍රහ කිරීම අවශ්‍යයි.

ඩී.එස්.සේනානායක අග්‍රාමාත්‍යවරයා මේ රට දියුණු කිරීමට ඉදිරිපත් කළ කරුණු අතර ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි ශ්‍රී ලාංකික අනන්‍යතාව. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා පක්ෂපාතිත්වය දැක් වූයේ බ්‍රිතාන්‍ය කිරීටයට. බ්‍රිතාන්‍ය රජතුමාට. දැන් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූ නිසා රජතුමා සංකේතවත්ව ප්‍රධානියා වුවත්, අපිට හඩනඟන්න තිබුණේ රජතුමා වෙනුවෙන් නෙවෙයි. ශ්‍රී ලංකාව වෙනුවෙන්. ඒ නිසා එතුමා කිව්වා ලාංකික අනන්‍යතාව ලබා ගන්න කියලා. අපි කුමන ආගමට, කුමන ජාතියට අයත් වුවත් අපි සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සැලකිය යුතුයි.

ඒ සමඟම බහුතර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ගමන්, සුළුතර ජනතාවගේ ද අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි. ඒ නිදහස ලබාදිය යුතුයි. නමුත් අපි එතැනින් ඈත් වුණා. අපි 1956 දී ජාතිවාදය ඇතිකරගත්තා. අවසානයේ යුද්ධයකට ගියා. ඒ නිසා අපි ඉදිරියට යනවා නම් අපි පළමුව රටේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව ඇති කර ඉදිරියට යා යුතුයි. එය ඉතා වැදගත් වෙනවා.

ජාතිවාදී, ආගම්වාදී වැඩවලින් මේ රට වැටුණා. නමුත් සිංගප්පූරුව ඊට ඉඩ ලබා දුන්නේ නැහැ. සිංගප්පූරුව දියුණු වුණා. දෙවනුව ඩී.එස්. සේනානායක මැතිතුමා පැවසුවේ නිදහස් ආර්ථිකයක් ගොඩනැගීමටයි. නිෂ්පාදන වැඩකටයුතු සහ ව්‍යාපාර කිරීම පුද්ගලික අංශයට ලබා දෙන ලෙසයි. එමඟින් ආණ්ඩුව බදු ලබාගෙන ඒ බදුවලින් රට දියුණු කිරීමයි.

එයින් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ගොඩනැගුවා. අවශ්‍ය තරම් මුදල් තිබුණා. නමුත් අද අපිට අධ්‍යාපනය නවීකරණය කිරීමටවත්, සෞඛ්‍ය නවීකරණය කිරීමටවත් මුදල් ප්‍රමාණවත් නැහැ. අපි එතැනින් ඈත් වෙලා ජනසතු කරලා, රාජ සන්තක කරලා සියලු දේ පාලනය කළා. අපි දැන් එතැනින් ඉදිරියට යා යුතුයි. ඒ නිසා රජය නැවත ව්‍යාපාර කටයුතුවලින් ඉවත් කිරීමට IMF එකඟතාව සමඟ අපි කටයුතු කර තිබෙනවා. අපට තිබෙන්නේ ජනතාවට අවශ්‍ය සේවා සැපයීමට ආර්ථික වැඩසටහනක් ලබාදීමටයි.

රජය ව්‍යාපාරවලින් අහිමිකරගත් මුදල් පිළිබඳ අවධානය යොමු කළ විට මහවැලි වැනි ව්‍යාපාර 100ක් විතර මෙරට හදන්න තිබුණා. එදා ඩී.එස්. සේනානායක මැතිතුමා කිව්වේ මේක පුද්ගලික අංශයට භාර දෙන්න කියලා. එදා පුද්ගලික අංශයේ ව්‍යාපාර බහුතරයක් අයත් වුණේ සිංහල ජනතාවට. ව්‍යාපාර කළේ සිංහල ජනතාව. සිංහල ජනතාව ආරක්ෂා කරන බව පැවසූ ඒ සමාජවාදී වැඩසටහනින් විනාශ වුණේ සිංහල ජනතාව.

1947 අපේ සිංහල ව්‍යාපාරිකයින් තමයි ඉදිරියෙන් සිටියේ. එම තත්ත්වය ඉදිරියට පැවතුණා නම් අද විශාල දියුණුවක් ලබාගැනීමට තිබුණා. අපි ඒ තත්ත්වය නැති කරගත්තා.ඒ ඩී.එස්. සේනානායක මැතිතුමාගේ දර්ශනයෙන් අපි ඈත් වූ නිසයි. මම උත්සාහ කරන්නේ එම දර්ශනය වෙත නැවත ගමන් කිරීමටයි.

ඩී.එස්. සේනානායක මැතිතුමාගේ දර්ශනයෙන් අපි ඉවත් වුණා. නමුත් සිංගප්පූරුවයි, ලී ක්වානු යූ අගමැතිතුමයි එම දර්ශනය ක්‍රියාත්මක කළා. ලී ක්වාන් යු අගමැතිතුමා, ඩී.එස්. සේනානායක මැතිතුමාගේ වැඩපිළිවෙළ අගය කළා.‍

නමුත් ඉන් පසුව තිබු ලංකාව එතුමා ප්‍රතික්ෂේප කළා. ඒ නිසා එම උරුමය ලැබුණේ සිංගප්පූරුවට. දැන් අපේ අය කියනවා අපි සිංගප්පූරුව වගේ විය යුතුයි කියලා. මේකද දේශපාලනය. අපි මේ දේශපාලනයෙන් ඈත් විය යුතුයි. අපි මේ සියලු දේ කරලා අද රටක් ලෙස කඩාවැටීමකට ලක්වී තිබෙනවා. මීට වසර 75කට පෙර ඩී.එස්. සේනානායක මැතිතුමා කළ දේ අපි ඉදිරියට ගෙන ගියා නම් අද අපි මේ තත්ත්වයට මුහුණ දෙන්නේ නැහැ. කෙසේ හෝ අපි මෙතැනින් ඉදිරියට යනවා.

මගේ බලාපොරොත්තුව නැවත පැරණි ආර්ථික ක්‍රමය ඇති කිරීම නොවෙයි. මේ රටේ සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර් සියලුදෙනාට විශාල හැකියාවක් තිබෙනවා. අපි ආර්ථිකය විවෘත කරමු. රජයට කියන්න රජයේ කටයුතු කරන්න, ඒ වගේම ව්‍යාපාරිකයන්ට කියන්න ව්‍යාපාර කරන්න. එසේ නම් අපි නිදහසින් වසර 100ක් සමරන්න පෙර මේ රට බලගතු රාජ්‍යයක් වනු ඇති බවට මගේ සැකයක් නැහැ.

හැමදාම අපේ ජනතාව දුප්පත් ජනතාවක් ලෙස තැබීමට අපට අවශ්‍ය නැහැ. මේ සඳහා අපි පැරණි අදහස්වලින් ඉවත්විය යුතුයි. ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි. අපි සියලු දෙනා එකතුවෙලා ඒ ගමන යමු.

කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමාධිපති ආචාර්ය පූජ්‍ය බණ්ඩාරවෙල විමලධර්ම ස්වාමීන් වහන්සේ,

මේ මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මහතාගේ 71 වන ගුණ සමරුව සමරන මොහොතයි. පිදිය යුත්තන් පිදීම මංගල කාරණයක් හැටියට යි බුදුදහමේ සඳහන් වන්නේ. නිදහස් සටනේ දී එතුමා පුරෝගාමි නායකයන් අතර සිටිමින් නිදහස් සටන ජය ගැනීම සඳහා කටයුතු ‍කළා. මෙවැනි ගුණ සැමරුම් පක්ෂයකට ජාතියකට සීමා විය යුතු නැහැ. රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණය කරමින් මහියංගණ මහා ථූපය ප්‍රතිසංස්කරණය කරමින් ඒවා පූජා භූමි බවට පත් කිරීමට එතුමා කටයුතු කළා. ආගමික සහජීවනයක් ඇති කළා. දුප්පත් දරුවන් වෙනුවෙන් මධ්‍ය විද්‍යාල වැනි ආයතන ඉදිකළා.

එතුමා නායකයෙක් හැටියට කළ උදාර සේවාව සිහිපත් කරලයි වාර්ෂිකව මේ ගුණානුස්මරණ මහෝත්සවයේ පවත්වනු ලබන්නේ. වර්තමාන දේශපාලනඥයන්ට මෙවැනි චරිත ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ ආදර්ශයෙන් අපට මේ රටට නැවතත් ශ්‍රී විභූතිය ළඟා කර ගන්නට පුළුවන්. ආගම් භේදයෙන් තොරව පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනාම ඒකරාශී වෙලා කටයුතු කරමු කියන අධිෂ්ඨානය මේ අවස්ථාවේදී ඇති ඇතිකර ගන්න අවශ්‍යයි.

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක, රෝහිත බෝගොල්ලාගම, කරුණාසේන කොඩිතුවක්කු, රුක්මන් සේනානායක, කොළඹ හිටපු පුරපති රෝසි සේනානායක, එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි, හිටපු පළාත් සභා මන්ත්‍රී ශාන්තිනි කෝන්ගහගේ,යුද හමුදාපති ලූතිනන් ජනරාල් විකුම් ලියනගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
https://www.newstube.lk/news?start=3960#sigProId8a4e2376c1

ඩයනාගේ නඩුව ගැන CID යට නියෝගයක් !

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අදාළ පැමිණිල්ල අද (23) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අගතියටපත් පාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත්කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත්කර ඇත.

එම ප්‍රකාශ ලැබීමෙන් අනතුරුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32වන වගන්තිය යටතේ ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් ඉදිරිපත්කර ඇති ඉල්ලීම සලකාබැලිය හැකිද ? නැද්ද ? යන්න තීරණය කරන බවත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේය.

අනතුරුව පැමිණිල්ල ලබන අප්‍රේල් මස 6 වනදා කැඳවන ලෙසද අධිකරණය නියෝග කළේය.

රනිල් හොරු අල්ලන්න දාපු ආනන්ද : අනුරගේ පෞද්ගලික ලේකම් - මාලිමාවේ අපේක්ෂක !

තමන් අග්‍රාමාත්‍ය ධුරය දරන ලද පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ වංචා දූෂණ සෙවීම සඳහා ආනන්ද විජේපාල  පත්කර සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකගතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද (22) පාර්ලිමේන්තුව හමුවේ සිදුකළ විශේෂ ප්‍රකාශය සම්බන්ධව සජබ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මතුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්ය.

එහිදී එරාන් මන්ත්‍රීවරයා පවසා සිටියේ අතීතය අමතක කර ඉදිරියට යාමට නොහැකි බවත් රට ගොඩනැගීමේදී විශ්වාසය ඇති කිරීම සඳහා සොරුන්ට දඬුවම් දීමද සිදුකළ යුතු බවය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, "දූෂණය පිටුදැකීම සඳහා කෙටුම්පතක් ඉදිරියේදී ඉදිරිපත් කරන බවය. ඊට සංශෝධන එක්කිරීමට විපක්ෂයට අවස්ථාව ඇති බවද ජනාධිපතිවටය පැවසීය. එසේම තමන් අග්‍රාමාත්‍ය ධූරයත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයත් දැරූ පසුගිය පාලන සමයේදී දූෂණ සම්බන්ධව සොයාබැලීම සඳහා ආනන්ද විජේපාල පත්කර තිබූ බවත් එම කටයුතුවලදී නඩු පැවරීම් ද සිදුවූ බවත් ජනාධිපතිවරයා සිහිපත් කළේය.

මේ වන විට මාධ්‍ය සිදුකර ඇති අනාවරණ අනුව ආනන්ද විජේපාල යනු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරමින් සිටි සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ අය වන අරත ඔහු මෙවර ජාතික ජන බලවේගය යටතේ ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ කණ්ඩායම් නායක ලෙස තරග වදිමින් සිටි.

මහින්ද හා බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට !

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පනවනු ලැබූ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දී තිබේ.

අදාළ පෙත්සම අද (22) කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත්කර ඇත.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ඒවායේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ තම සේවාදායකයන්ට පනවා ඇති විදේශ ගමන් සීමා කිරීමේ නියෝගය ඉකුත් ඔක්තෝම්බර් මස 7 වන දායින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය දීර්ඝ කර නොමැති බවය.

මේ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම වගඋත්තරකරුවන් දෙදෙනාට නිකුත් කළ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබේ.

හඳුනානොගත් ලප කැළැල් ගැනත් සැළකිලිමත් වෙන්න !

සිරුරේ හඳුනා නොගත් ලප කැළැල් දුටුවහොත් සැළකිලිමත් වන ලෙසට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෑතක සිට ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන් වාර්තාවීම වැඩිවෙමින් පවතින බැවින් අවශ්‍ය කඩිනම් සෞඛ්‍ය උපදෙස් ලබාගත යුතු බවය.

මේ අතර ශ්‍රී ලංකාවේ වසරකට ලාදුරු රෝගීන් 1500ක් පමණ හඳුනා ගනු ලැබෙන අතර අතර ඉන් 40% ක් පමණ බස්නාහිර පළාතෙන්  හමුවී ඇති බවද එහි සඳහන් ව ඇත.

එමෙන්ම 15% රෝගීන් කුඩා දරුවන් බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් පවසයි.

මේ අතර තම සිරුරේ ඇති මෙවැනි ලප කැළැල් පිළිබඳව සැකයක් වෙතොත් ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ 0754088604 අංකය වෙත වට්සැප් පණිවිඩයක් යොමුකරන ලෙසද අදාළ නිවේදනයෙන් ඉල්ලා සිටී.

එම පණිවුඩයට සැක සහිත ලප කැළලේ හෝ ගැටිත්තේ හොඳින් ආලෝකය පවතින ස්ථානයක දී ලබාගත් පැහැදිළි ඡායාරූපයක්, වයස, ස්ත්‍රී පුරුෂභාවය,ඔබ ජීවත්වන ප්‍රදේශය, ලපය හෝ කැළල පවත්නා කාලය සහ ඒ ආශ්‍රිත වෙනත් රෝග ලක්ෂණ (කැසීම, රිදීම, හිරිගතිය ) ඇතුළත් කෙටි විස්තරයක් ඇතුළත් කළ යුතුය.

ඊට අදාළව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කර තිබූ නිවේදනය පහත දැක්වෙයි.

ඔබේ ඇඟෙත් මෙවැනි ලප තියෙනවද?

මෙවැනි ලප කැළැල් ඔබේ සිරුරේ දුටුවහොත් ඔබ බොහෝ වෙලාවට සිතනු ඇත්තේ එය සුළු දද කුෂ්ඨ රෝගී තත්ත්වයක් හෝ අළුහම් තත්ත්වයක් ලෙස නොවේ ද? එයට හේතුව ලංකාව තුළ ලාදුරු නිසා හටගන්නා ලප කැලැල් අප නො දකිනා තරමටම රෝගය සාර්ථකව පාලනය කර තිබීමයි. නමුත් මෑතක සිට ලංකාවේ ලාදුරු රෝගීන් වාර්තා වීම වැඩිවීමත් සමග, මෙවැනි ලප කැළැල් ලාදුරු රෝගය නිසා ද ඇතිවිය හැකි බව යළිත් මතක් කර ගැනීම අත්‍යාවශ්‍ය වනවා.

ඉතින් එවැනි ලපයක් හෝ කැළලක් ඔබගේ සිරුරෙහි තිබුණහොත් තව දුරටත් අනිසි බියක් ඇති කර ගත යුතු වන්නේ නෑ. එය ලාදුරු රෝගී තත්ත්වයක් ලෙස තහවරු වූවහොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලංකාව තුළ කිසිදු ගැටළුවක් නොමැතිව ලබා ගැනීමට හැකියාව පවතිනවා. මෙහිදී වැදගත්ම කාරණය වන්නේ, රෝගය හඳුනාගත් වහාම නිසි ප්‍රතිකාර සඳහා හැකි ඉක්මනින් යොමු වීමයි.

ඔබට හෝ ඔබගේ සමීපතමයෙකුට සැක සහිත රෝග ලක්ෂණ ඇතිනම් ඉතා පහසුවෙන් ඒ පිළිබඳව සැක හැර දැනගැනීමටත් ලාදුරු මර්දන ව්‍යාපාරය හා සම්බන්ධ වෛද්‍යවරයෙකු මගින් වට්සැප් තාක්ෂණය හරහා ඔබට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබා ගැනීමටත් දැන් ඔබට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා කල යුත්තේ, සැක සහිත ලප කැළලේ හෝ ගැටිත්තේ හොඳින් ආලෝකය පවතින ස්ථානයක දී ලබාගත් පැහැදිළි ඡායාරූපයක්, වයස, ස්ත්‍රී පුරුෂභාවය,ඔබ ජීවත්වන ප්‍රදේශය, ලපය හෝ කැළල පවත්නා කාලය  සහ ඒ ආශ්‍රිත වෙනත් රෝග ලක්ෂණ (කැසීම, රිදීම, හිරිගතිය ) ඇතුළත් කෙටි විස්තරයක් සමග ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ 0754088604 අංකය වෙත වට්සැප් පණිවිඩයක් මගින් යොමු කිරීම පමණයි.

සමෙහි ඇතිවන ලා පැහති ලප එකක් හෝ කිහිපයක්, සමෙන් ඉදිරියට නෙරා ආ ලප කැළැල්, සමෙහි ගැටිති හෝ ඝන වීම්, අත්/පා වල කල් ගත වූ සුව නොවන තුවාළ මෙලෙස බාහිරෙන් දැකිය හැකි ලාදුරු රෝග ලක්ෂණ අතරින් ප්‍රධානයි. විවිධ විකෘතිතා සහ ස්නායුක බලපැම් ඇතිකල හැකි ලාදුරු, මුල් අවස්ථාවේ ප්‍රතිකාර ගතහොත් සම්පූර්ණයෙන්ම සුවකරගත හැකි අතරම අන් අයට පැතිරීමත් ඉතා කෙටි කලකින්ම නවත්වාගන්නට හැකියාව තිබෙනවා.  රෝගය බෝවිය හැකි අවධියේ සිටිනා, ප්‍රතිකාර නොගන්නා ආසාදිතයින්ගේ ශ්වසන බිඳිති මගින් රෝග කාරක බැක්ටීරියාව නිරෝගී කෙනෙකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවේ වසරකට ලාදුරු රෝගීන් 1500ක් පමණ හඳුනා ගනු ලැබෙන අතර අතර ඉන් 40% ක් පමණ හමුවන්නේ බස්නාහිර පලාතෙන්. එමෙන්ම 15% රෝගීන් කුඩා දරුවන් බවත් අප සිහි තබාගත යුතුයි.

ඔබත් ඔබෙගේ සමීපතමයිනුත් ලාදුරු වසංගතයෙන් සුරැකෙනා අතරේම , රෝගය පැතිරීම වලක්වමින් ලාදුරු වලින් තොර රටක් බිහි කිරීමේ ක්‍රියාන්විතයට මේ තොරතුර බෙදා හැරීමෙන් පුරවැසියෙකු ලෙස ඔබත් දායක වනු ඇතැයි අප විශ්වාස කරනවා.

නාකි ගැන නෙවෙයි දරුවන් ගැන හිතමු : ආණ්ඩුවට සහය දෙමු - වෙල්ගම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමා හදවතින්ම සතුටු වන බවත් මේ ඉන්න නාකි මල හැත්ත ගැන නොව රටේ දරුවන් ගැන හිතා සියලු දෙනා රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දිය යුතු බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේදී අද (22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම සම්බන්ධව ජනාධිපතිවරයා විසින් සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව අදහස් දක්වමින්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීමට හැකිවීම ගැන විපක්ෂයද කුහකත්වයෙන් තොරව අද සතුටු විය යුතු බව පැවසූ වෙල්ගම මන්ත්‍රීවරයා මේ ණය මුදලින් උපරිම ඵල ප්‍රයෝජන ගත යුතු බවද අවධාරණය කළේය.

එහිදී අදහස් දක්වමින් වෙල්ගම මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ ජයග්‍රහණය ගැන මම ජනාධිපතිවරයාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.ඒ වගේම විපක්ෂය විදියටත් අපි සන්තෝෂ වෙන්න ඕන. මේ යෝජනාවට මම සම්පූර්ණයෙන්ම සහාය දෙනවා. මොකද අපේ රට වැටිල තියෙන්නෙ. අපි හැමදාම හොරු හොරු හොරු කියනවා. අල්ලන හොරෙක් නැහැ. හොරු නම් දෙපැත්තෙම ඉන්නවා. මේ පාර්ලිමේන්තුවේ අවුරුදු තිහක් ඉන්න මිනිහෙක් හැටියට මම මේ කියන්නේ. ඔය කියන හොරු අල්ලන්නේ නැහැ. මොකද ඇල්ලුවොත් ඔක්කොම දිගටම අහුවෙනවා. තවත් දෙයක් කියන්න ඕන. අද ඒ හොරුන්ගේ සල්ලි මේ රටේ නැහැ. අපි ඔක්කොම මේ වෙලාවේ ආණ්ඩුවේ ඒ වැඩපිළිවෙළට සහයෝගය දෙමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සල්ලි ගන්න බැහැ කියලා රටේ ගොඩක් අය කිව්වා.නොයෙකුත් තර්ක විතර්ක ගෙනාවා. විපක්ෂයත් ගෙනාවා.නමුත් ජනාධිපතිතුමා ඒ මුදල් ගෙනල්ලා තියෙනවා. අපි මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. රට ගොඩ දාන්න පොඩි දරුවන් වෙනුවෙන් අපි කතා කරමු. නැත්තං මේ ඉන්න නාකි මල හැත්ත වෙනුවෙන් නෙවෙයි.

IMF සඳහා සිරිසේන කොළ එළියක් දල්වයි !

මුල්‍ය අරමුදලේ මූලික කොන්දේසි දහයේ විරුද්ධ විය යුතු කොන්දේසියක් තිබෙනවා යැයි තමා නොසිතන බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු මේ බවද සඳහන් කර සිටියේ අද (22) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්ය.

තමා ජනාධිපති ලෙස සිටියදීත් ආණ්ඩුව වැඩ කළේ මූල්‍ය අරමුදල සමඟ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එවිටත් එකඟ විය නොහැකි කොන්දේසි පැමිණි නමුත් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර එකඟ විය නොහැකි කොන්දේසි වෙනස් කරගත් බවද සඳහන් කළේය.

හරි ගමනක් යනවා නම් සහය දෙන්න ලෑස්ති බවද හෙට අනිද්දා ජනාධිපති වෙන්න ටයි කෝට් මහගෙන ඉන්න කට්ටියට වඩා රට ගැන කැක්කුමක් අපට තිබෙනවා යැයිද මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

දෙයියොත් දන්නෙ නෑ : ඥානක්කාගේ දුවගේ නිවසට හොරු පැනලා !

අනුරාධපුර නගරයේ ප්‍රකට දේවාලයක් පවත්වාගෙන යන ඥානක්කා ලෙස හඳුන්වන කාන්තාවගේ දියණිය පදිංචිව සිටින අනුරාධපුර නව නගරයේ නිවෙසේ සිදුව ඇති රුපියල් ලක්ෂ 80කට අධික මුදල් හා රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම සොරකම ගැන අනුරාධපුර මූලස්ථාන පොලිසියට පෙරේදා (20) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ ඥාන අක්කාගේ දියණියගේ සැමියාය.

උතුරු මැද පළාතේ ව්‍යාපෘති කළමනාකරුවකු වන ඔහු පොලිසියට පැමිණිලි කරමින් පවසා ඇත්තේ නිවෙසේ කාමරයක අල්මාරියේ තිබුණු රුපියල් 650,000ක මුදල් සමඟ රන් භාණ්ඩ තොගයක් සොරා ගැනීමට ලක්ව ඇති බවය.

ඔහු විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලට අනුව සොරාගෙන ඇති මුදල් හා රන් භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් 8,050,000ක් පමණ වේ.

පසුගිය සමයේ ඥානක්කා නමින් හඳුන්වනු ලැබූ කාන්තාව ප්‍රකට වූයේ දේශපාලනඥයන් සඳහා දේව වරමින් යම් යම් ගුරුකම්, හදි හූනියම් කරදීම සහ අනාගත වාක්‍ය පැවසීම වැනි කටයුතු සම්බන්ධයෙනි.

රුපියල අදත් ඉහළට !

ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද (22) දිනයේදීද යම් ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඇමරිකා ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.00 ක් හා විකුණුම් මිල රුපියල් 334.00 ක් ලෙස දැක්විණ.

නමුත් ඇතැම් පුද්ගලික බැංකුවල දැක්වෙන්නේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 310.00 හා විකුණුම් මිල රුපියල් 325.00 වැනි සීමාවලය.

Page 221 of 474