උතුරු ඇමරිකාවේ ඇට්ලන්ටා ජෝර්ජියා බෞද්ධ මහා විහාරයේ පැවති වාර්ෂික කඨින පින්කමට එරට වෙසෙන තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගීවීම කැපී පෙනෙන සිද්ධියක් විය.
ඇට්ලන්ටා ජෝර්ජියා බෞද්ධ මහා විහාරාධිපති උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පනම්වෙල වජිරබුද්ධි නා හිමි අනුශාසනා පරිදි විහාරාධිකාරී
පනම්වෙල වජිරබෝධි හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙවර වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
මෙම කඨින පුණ්‍ය මහෝත්සවයේ සුවිශේෂත්වය වන්නේ මෙවර කඨින පින්කමේ පූර්ණ දායකත්වය සහ සියලු සංවිධාන කටයුතු එම ප්‍රදේශයේ වාසය කරන සිංහල බෞද්ධ තරුණ තරුණියන් වීම බව ඔක්කම්පිටියේ දීපංකර හිමියෝ පවසති.

(ජේ.මුණසිංහ)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
