පියයුරු පිළිකා වැළැක්විමට නවලෝක රෝහල සහ රාජපුත්‍ර පදනම එක්ව ප්‍රජා සත්කාරක සේවයක්

පියයුරු පිළිකා වැළැක්විමට නවලෝක රෝහල සහ රාජපුත්‍ර පදනම එක්ව ප්‍රජා සත්කාරක සේවයක්

කාන්තාවන්ගේ පියයුරු පිළිකා වැළැක්වීම සඳහා රෝගය කල්තියා හඳුනා ගැනීමෙ ඇති වැදගත්කම මෙන්ම කාන්තාවන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමේ ප්‍රජා සත්කාරක නවලෝක රෝහල සහ රාජපුත්‍ර පදනම එක්ව සංවිධානය කොට තිබුණි.

ඒ සඳහා කාන්තාවන් දෙදහසකට වඩා වැඩි පිරිසක් සහභාගීවි සිටියහ.

තරුණ ව්‍යවසායකකයෙක් සහ කිර්තිමත් ව්‍යාපාරිකයෙකු වන සජීව් රාජපුත්‍ර ගේ උපන් දිනය නිමිත්තෙන් මෙය සංවිධානය කොට තිබුණි.

මෙම වැඩසටහනේ වැදගත්කම පැහැදිළි කළ සජීව් රාජපුත්‍ර "අපි ඉතා කුඩාවට පියයුරු පිළිකා පිළිබඳ මහනුවරදි එක් වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඊට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ තුළින් අප ලැබු දිරි ගැන්විම මත දෙවෙනි වැඩසටහන කොළඹ පවත්වනවා. ඉදිරියේදි අපි මෙවැනි වැඩසටහන් පළාත් මට්ටමින් හෝ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්විමට සැලසුම් කරනවා. මේ හරහා සමාජයේ කාන්තාවන් දැනුවත් කිරීම තමයි අපේ බලාපොරොත්තුව.මේ වැඩසටන දිගටම පවත්වාගැනීම තමයි අපේ අරමුණ. මේ හරහා සියලු කාන්තාවන්ට සේවාවක් සිදුකිරීමට අපි බලාපොරොත්තු වෙනවා."

මෙම වැඩසටහන සඳහා පැමිණි පිරිස එක්ව කේක් කපා ඔහුගේ උපන්දිනය සමරනු ලැබුණි. එම අවස්ථාවට ඔහුගේ බිරිඳ මුතු රාසපුත්‍ර ද එක්ව සිටියාය.

(ජේ.මුණසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න