විපක්ෂය සංවිධානය කරන නොවැම්බර් 21වන දා නුගේගොඩ පැවැත්වෙන මහජන රැලියට එක් වන්නැයි ආරාධනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ සංවිධානය නියෝජනය කරන හේමන්ත ශ්‍රී ලාල් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂයේ තරුණ සංවිධාන විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේ දී ය.
මෙම මාධ්‍ය හමුව සඳහා: පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, නිදහස් පක්ෂය සහ පිවිතුරු හෙළ උරුමය යන යන පක්ෂයේ තරුණයින් එක්ව සිටියහ.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ හේමන්ත ශ්‍රී ලාල්...
මේ ආණ්ඩුව ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්නෙ නැහැ
''මේ රැලිය පවත්වන්නේ: මර්දනය, තර්ජන සහ ජනතා හඬ අවදි කරන්න. මේ ආණ්ඩුව එක පක්ෂයක් පමණක් පවත්වාගෙන යෑමට උත්සාහ කරන බව අපි පෙබරවාරි මාසයේ සිට ම අනිත් පක්ෂවලටත්, ජනතාවටත් පැහැදිලි කළා. අද එහි ප්‍රතිඵලය දකින්න ලැබෙනවා. ගොවීන්, කම්කරුවන්, තරුණයින් යන සියලු දෙනා රජයට එරෙහිව නැගී සිටිය යුතුයි.
ලූණු ගොවියාට පවා අද යන එන මාර්ග නැහැ. උක් ගොවියන්ටත් බරපතළ ගැටලු තියෙනවා. මේ ආණ්ඩුව ජනතා ප්‍රශ්නවලට විසඳුම් නොදී, විනෝද බෝල, කාර්, තෙල් මිල අඩුකිරීම් වගෙ දේවල් කියලා මිනිස්සුන්ගේ අවධානය හරවන්න උත්සාහ කරනවා.
මේ ආණ්ඩුවට රට දියුණු කරන්න වුවමනා නැහැ
අධිකරණ ඇමතිතුමා පවා කියනවා පොලිසියට අවශ්‍ය දෙයක් හොයන්න පුළුවන් කියලා, නමුත් කුඩු කන්ටේනර් දෙක, වැලිගම සභාපතිට එරෙහි සිදුවීම්, මන්ත්‍රීවරුන්ට කරන මරණ තර්ජන යනාදි මේ කිසිවකට ප්‍රතිචාරයක් නැහැ. අපි කියන්නේ මේ ආණ්ඩුවට අවුරුද්දක් කල් දුන්නා. දැන් ජනතාවට පැහැදිලිව පේන්නේ මොකක් ද...? මේ ආණ්ඩුවට බලය අල්ලලා රට දියුණු කරන කැමැත්තක් නැහැ. ඔවුන්ට තියෙන්නේ බලයට පැමිණීම පමණයි. ඒ නිසා අපි සියලු ජනතාවට කියන්නේ:
නුගේගොඩ ජන හඬට එන්න.
ඔබගේ හඬත් එක්කරන්න.
මේ ආණ්ඩුවට එරෙහිව ජනතා ශක්තිය පෙන්වන්න.
ආණ්ඩුව මවපු සුර ලොව කෝ...?
මේ ආණ්ඩුව ජනතාවට “සුර ලෝකයක්” මවන්නට පොරොන්දු වුණා යැයි එක්සත් ජාතික පක්ෂ තරුණ සංවිධානය නියෝජනය කළ වින්සඳ යසස්මි පැවසී ය.
ආණ්ඩුව එසේ පැවසුව ද අද යාවත්කාලීන තත්ත්වය බලන විට, සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්ට හෝ තරුණයෙක්ට ඉදිරියට යන්න බාධා බහුල බවත්, විශාල සංවර්ධන ව්‍යාපෘති ලෙස පෙන්වූ දේවල් ජනතාවට අර්ථවත් ප්‍රතිඵලයක් නොදුන් බවත් හෙතෙම අවධාරණය කළේ ය.
වැඩි දුරටත් අදහස් දැක්වූ වින්සඳ යසස්මි...
''දැන් ණය ගෙවීමක් හෝ ආර්ථික ප්‍රගතියක් ගැන කතා කිරීමක් පවා හීනයක් වගේ වෙලා තියෙනවා. මේ ආණ්ඩුව පොරොන්දු වූ “හය මාසයේ රට හදන” යෝජනාවත් බොරුකතාවක් බව පැහැදිලිව පෙනෙනවා. අපි කියන්නේ, මේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන්න නම්, රටට අවශ්‍ය නායකත්වය සහ ප්‍රවීණ මිනිස්සුන් ඉදිරියට එන්න ඕනේ. පරිසරය හා සමාජය ගැන සංවේදී නොවූ ආර්ථික ක්‍රමවලින් රට බේරෙන්නේ නැහැ. ඒ නිසා අපි සියලු තරුණයන්ට කියන්නේ: එක්වන්න, හඬක් එකතු කරන්න."
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
